මාස 11කින් බොරතෙල් බිල ගෙවා නෑ.. රුපියල බිහිසුණු ඇද වැටීමක් ආසන්නයේ…
February 6, 2021 at 10:40 am | lanka C news
ඇති වී තිබෙන විදෙස් මුදල් අර්බුදය හමුවේ ශ්‍රී ලංකා රුපියල ඩොලරය හමුවේ ඉතා බිහිසුණු ලෙස ඇද වැටීමට නියමිත යයි පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.
ඔහු පෙන්වා දෙන්නේ මේ වන විට මෙරටට ඉන්ධන ආනයන බිල මාස 11ක් තිස්සේ ගෙවා නැති බවයි.
තම සමාජ ජාලා ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව සඳහන් කර තිබේ.
එම සම්පූර්ණ සටහන මෙසේය.
මහ බැංකුවේ ඩොලර් සංචිත භයානක ලෙස ඇද වැටෙයි !
සියලු බැංකුවලට ඩොලර් වලින් ලබාදෙන ප්‍රේෂණ වලින් 10% ක් මහ බැංකුවට ලබාදෙන ලෙස නියෝගයක්.
2009 ඔක්තෝම්බර් මාසයෙන් පසු මහ බැංකුවේ අඩුම ඩොලර් සංචිතය දැන් වාර්තා වෙනවා. එයට හේතුව මේ වසරේ ගෙවීමට නියමිතව නොතිබුණත්, ඉන්දියාව විසින් පසුගියදා ඩොලර් හුවමාරුවක්, එහෙමත් නැත්නම් Currency Swap එකක් මඟින් අපට ලබාදුන් ඩොලර් මිලියන 400 ආපසු ගෙවීමට ලැබුණු බලකිරීම මත එම ඩොලර් 400 අපගේ සංචිත වලින් ගෙවීමට මහ බැංකුව ක්රියාකිරීමයි.
මේ අනුව එදා ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අපේ පාලන සමයේ ඉතා අපහසුවෙන් ගොඩනගන ලද ඩොලර් බිලියන 7.2 ක සංචිතය (2009 ඔක්තෝම්බර් මාසයෙන් පසු, එනම් යුද්ධයේ අවසාන වකවානුවෙන් පසු ඩොලර් බිලියන 05 ට වඩා අඩු වුණා) දැන් නැවතත් ඩොලර් බිලියන 05 ට වඩා අඩු ගණනකට ඇදවැටී ඇති බව විශ්වාසදායක ආරංචි මාර්ගවලින් පැවසෙනවා.
අපට මේ වසරේ ගෙවීමට ඇති මුළු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 6.9 ක්. ඉන්දියාවට ගෙවිය යුතු ඩොලර් මිලියන 400 ත් එක්ක එය ඩොලර් බිලියන 7.3 ක්. ඩොලර් බිලියන 7.3 ක් ගෙවීමට අප අතැතිව ඇත්තේ ඩොලර් බිලියන හතරයි ගණනකි. මේ අනුව ශ්‍රී ලංකාව තවදුරටත් විදේශ අරමුදල් අර්බුදයක ගැටගැසී තිබෙනවා.
විශේෂයෙන්ම ආනයන සීමා කරමින්, සංවර්ධනය සඳහා අවශ්‍ය කරන භාණ්ඩ පවා සීමා කරමින්, මාස 11 ක ඛනිජ තෙල් බිල නොගෙවා සිටීමෙන්, (එතැන තියෙනවා ඩොලර් මිලියන 2600 ක්) තමයි මේ තත්ත්වය ළඟාකරගෙන තිබෙන්නේ. තව දුරටත් මේ තත්ත්වය පවත්වාගත හැකිද ? එසේ නැත්නම් කොටස් වෙළෙඳපොළට සිදුවූ ආකාරයටම රුපියල බිහිසුණු ආකාරයට ඉදිරි කාලයේ ඩොලරයට සාපේක්ෂව ඇද වැටීමට ඉඩ ඇති බවයි මෙයින් පෙනී යන්නේ.
රාජපක්ෂවරුන්ට රටේ ආර්ථිකය කිසිම ආකාරයකට පාලනය කළ නොහැකි බව දැන් සක්සුදක් සේ පැහැදිළියි. රට බේරා ගැනීමට, ආර්ථිකය බේරා ගැනීමට, ජනතාව බේරා ගැනීමට කුසලතාවය, නිපුණතාවය සහිත නව පරපුරක අවශ්‍යතාවය අන් කවරදාටත් වඩා දැන් දැනෙමින් තිබෙනවා.
– පාඨලී චම්පික රණවක FB
Ohoma kiyanna epa champaka. 2015 indan thamai sanchirha watila arthikaya watenna patan gaththe. Thopi thamai meka nathi kale.
මූ අමු කාලකන්නියෙක්, තවමත් මුගේ වාහනේ හැපිලා අනතුරට පත්වුණ සන්දිප්ට අඩු ගානේ රක්ෂණ වන්දියක්වත් අරගන්න ක්‍රියාකරන්න තරම් අවන්කකමක් හෝ මනුස්සකමක් නැති දුෂ්ටයෙක්. කොරෝනා නිසා රටේ කර්මාන්ත වැහිලා, අපනයන නතරවෙලා, සංචාරකයන් රටට එන එක නතරවෙලා, අවුරුද්දකට USD බිලියන් 7 වුන විදේශ ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ඩොලර් ප්‍රමාණය නැතිවෙලා තියනකොට 2015 රුපියල් 135 ට තිබුනඩොලර් එකේ වටිනාකම මහබැංකු හොරකම හරහා මුන්ගේ යමපාලන ආණ්ඩුව විසින් රුපියල් 190 දමපු එක යටගහන්නයි මේ වැලි කන්නේ. මුන්ගේ ආණ්ඩුව 2020 වෙනකම් තිබුනානම් බලන්න තිබුණා කොරෝනා මරණවලින් අංක 1 සහ මුන්ගේ ගොන් කථා. ඒත් එක්කම ඩොලරයේ රුපියල් වටිනාකම 500. මුගේ හිවල් කමෙන්ට් හමුදාව උඩදමාගෙන මූට සපෝට් එකට කෙටුවට සජබ උනුත් දන්නවා මුගේ විශ්ලේෂණ “මා හරි උගතා, මා හරි ජගතා”වෙලා 2025 ජනාධිපතිකමට පර හදාගන්න කරන ඒවා කියල. කොහොමත් පචයා කියන්නේ මහා අමනුස්ස, කාලකන්නියෙක් පමණයි.
You are an ignorant slave.
Quicky,Elaborate your solution without hiding anything please.
We are so happy to listen to you with a proper plan with an achievable cash flow
You can fix it bro and of course with no foreign loans .pls we are begging.
මේ මහා බක පණ්ඩිතයා හිටපු යහපාලන ආණ්ඩුව මොනවද කළේ කියලා ජනතාව දන්නවා, මූ හිතාගෙන ඉන්නවා මිනිස්සු මෝඩයි කියලා
බයියො සරම් උස්සන් ඇවිත් කමෙන්ට් කොටයි එහෙනම්.. ආහ් චම්පිකගේ නිව්ස් එකක් නේද.. වැඩ බැරි සර්ට රැවටුන බයියොන්ට බැනලා හිත හදාගන්න චෑන්ස් එකක්..
මොනවා උනත් මුට කැක්කුමයි මොකද බත්බැලයට කන්ට දෙන හාමුනේ කේන්තිය සදාරනයි
🤣🤣🐊🥖
kalakani thopi kalada oya kiyana dewal center bank ekana kolla kewa
2015 ට කලින් තමන්ගෙ අසහාය සිංහල නායකයා කරගෙන හිටපු ගොන් බයියෝම නේද මේ මුට කුනුහරුපෙන් බනින්නෙ. 😀 😀
2015ට කලින් මූට ගල් අඟුරු හොරා කියල කිය කිය හිටපු උන් නේද දැන් මේ චම්පිකගෙ ලොණ්ඩරියෙ ඉඳගෙන ඌව ඊලඟ ජනාධිපති කර ගන්න හීන මවන්නෙ?