මාස 11කින් බොරතෙල් බිල ගෙවා නෑ.. රුපියල බිහිසුණු ඇද වැටීමක් ආසන්නයේ…

February 6, 2021 at 10:40 am | lanka C news
මාස 11කින් බොරතෙල් බිල ගෙවා නෑ.. රුපියල බිහිසුණු ඇද වැටීමක් ආසන්නයේ…

ඇති වී තිබෙන විදෙස් මුදල් අර්බුදය හමුවේ ශ්‍රී ලංකා රුපියල ඩොලරය හමුවේ ඉතා බිහිසුණු ලෙස ඇද වැටීමට නියමිත යයි පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ මේ වන විට මෙරටට ඉන්ධන ආනයන බිල මාස 11ක් තිස්සේ ගෙවා නැති බවයි.

තම සමාජ ජාලා ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව සඳහන් කර තිබේ.

එම සම්පූර්ණ සටහන මෙසේය.

මහ බැංකුවේ ඩොලර් සංචිත භයානක ලෙස ඇද වැටෙයි !

සියලු බැංකුවලට ඩොලර් වලින් ලබාදෙන ප්‍රේෂණ වලින් 10% ක් මහ බැංකුවට ලබාදෙන ලෙස නියෝගයක්.

2009 ඔක්තෝම්බර් මාසයෙන් පසු මහ බැංකුවේ අඩුම ඩොලර් සංචිතය දැන් වාර්තා වෙනවා. එයට හේතුව මේ වසරේ ගෙවීමට නියමිතව නොතිබුණත්, ඉන්දියාව විසින් පසුගියදා ඩොලර් හුවමාරුවක්, එහෙමත් නැත්නම් Currency Swap එකක් මඟින් අපට ලබාදුන් ඩොලර් මිලියන 400 ආපසු ගෙවීමට ලැබුණු බලකිරීම මත එම ඩොලර් 400 අපගේ සංචිත වලින් ගෙවීමට මහ බැංකුව ක්‍රියාකිරීමයි.

මේ අනුව එදා ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අපේ පාලන සමයේ ඉතා අපහසුවෙන් ගොඩනගන ලද ඩොලර් බිලියන 7.2 ක සංචිතය (2009 ඔක්තෝම්බර් මාසයෙන් පසු, එනම් යුද්ධයේ අවසාන වකවානුවෙන් පසු ඩොලර් බිලියන 05 ට වඩා අඩු වුණා) දැන් නැවතත් ඩොලර් බිලියන 05 ට වඩා අඩු ගණනකට ඇදවැටී ඇති බව විශ්වාසදායක ආරංචි මාර්ගවලින් පැවසෙනවා.

අපට මේ වසරේ ගෙවීමට ඇති මුළු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 6.9 ක්. ඉන්දියාවට ගෙවිය යුතු ඩොලර් මිලියන 400 ත් එක්ක එය ඩොලර් බිලියන 7.3 ක්. ඩොලර් බිලියන 7.3 ක් ගෙවීමට අප අතැතිව ඇත්තේ ඩොලර් බිලියන හතරයි ගණනකි. මේ අනුව ශ්‍රී ලංකාව තවදුරටත් විදේශ අරමුදල් අර්බුදයක ගැටගැසී තිබෙනවා.

විශේෂයෙන්ම ආනයන සීමා කරමින්, සංවර්ධනය සඳහා අවශ්‍ය කරන භාණ්ඩ පවා සීමා කරමින්, මාස 11 ක ඛනිජ තෙල් බිල නොගෙවා සිටීමෙන්, (එතැන තියෙනවා ඩොලර් මිලියන 2600 ක්) තමයි මේ තත්ත්වය ළඟාකරගෙන තිබෙන්නේ. තව දුරටත් මේ තත්ත්වය පවත්වාගත හැකිද ? එසේ නැත්නම් කොටස් වෙළෙඳපොළට සිදුවූ ආකාරයටම රුපියල බිහිසුණු ආකාරයට ඉදිරි කාලයේ ඩොලරයට සාපේක්ෂව ඇද වැටීමට ඉඩ ඇති බවයි මෙයින් පෙනී යන්නේ.

රාජපක්ෂවරුන්ට රටේ ආර්ථිකය කිසිම ආකාරයකට පාලනය කළ නොහැකි බව දැන් සක්සුදක් සේ පැහැදිළියි. රට බේරා ගැනීමට, ආර්ථිකය බේරා ගැනීමට, ජනතාව බේරා ගැනීමට කුසලතාවය, නිපුණතාවය සහිත නව පරපුරක අවශ්‍යතාවය අන් කවරදාටත් වඩා දැන් දැනෙමින් තිබෙනවා.

– පාඨලී චම්පික රණවක FB

46,999 views

45 Comments to “මාස 11කින් බොරතෙල් බිල ගෙවා නෑ.. රුපියල බිහිසුණු ඇද වැටීමක් ආසන්නයේ…”

  1. ගල් අ ඟුරා says:

    වාහන හප්පලා තමන්ගේම ඩ්රයිවර් පිට වරද පටවපු පචයා නේද මේ

  2. Rohan says:

    2015 ඉස්තාවර කොරපු හරිය මදැයි.

  3. Kandy man says:

    රටට කෙල වෙනකන් බලං ඉන්න පාදඩයා…….
    අනාත වෙලා ඉන්නේ් …..හිටපු තුිවිලර් පක්ශෙ ත් නෑ….සබජෙත් නෑ…..
    කුනඅකානුවෙ ලගින මේ බල්ලට ගහල පන්නා දැමිය යුතුයි….

  4. බල්ලා says:

    ලිංගික උන්මත්තකයා ……බෝතලයක් ගහං හිටපං…
    පනු ගදයා ……කට ඇරෙන්න වෙන ලබ්බක් නෑ…..
    මූනෙ ලේ ටිකක් නෑ…..උදේට දැක්කොත් කැදත් නෑ….

  5. ex hadaya says:

    පෝස්ටර් වලින් යකඩයා වෙන්න ගිය සෙවලයා ….

  6. Chamil Ananda says:

    What did you do within your 5 years time just talking right.

  7. පල පල says:

    ආයිත් අහලා….මෙයා කියනවනං හරියට හරි…..රෑ තිස්සේ ගනිකාවෝ එක්ක ලැගල එන ගමං පාරෙ ගාය අහිංසක කොල්ලෙක් යට කරල මූ දුන්න ටෝක් ටික කවුරුත් අමතක කරන්න එපා….ඇති ලබ්බක් නැති හීනමානයක් , උද්දච්ව කමින් පිරිිිිිච්ච විකෘති මිනිහෙක් මේ පරයා…..

  8. ගොවියා says:

    වදාපු අම්මට තාත්තට නොසලකපු , ගෑනිට ගහල පන්නපු , සාක්ෂි මකපු , ගල් අගුරැ හොරා…….
    නෙද්දකිං කාලකන්නි මූසලයා ……

  9. krishantha says:

    aththa. meyala sanchith biliion 7 karala thibbe hambanthota wikunala. ECT eka dunnanam indiyawen udawu ganna thibba. dan aanduwa ehema kale naha. meyala hitiyanam dollor thiyanawa rata naha. redda palle jathika nayakaya.

  10. Kgs basnayake says:

    This guy, at initial stages of politics, he used to send emails to us in a monks name. Very big cheater to country as well to his own family. He does not have any ethics. An opportunostic and selfish guy. He tries to dominate through his height and voice. Some foolish politicians like sajith is trapped and scared of him.

Main News