යාපනයෙ හිටපු කොටි නායකයන් සමරයි..

February 8, 2021 at 11:20 am | lanka C news
යාපනයෙ හිටපු කොටි නායකයන් සමරයි..

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් නගෙනහිර පලාතෙන් ආරම්භ වූ විරෝධතා පාගමන මුලතිව්, වවුනියාව, මන්නාරම, කිලිනොචිචිය හරහා (07) යාපනයෙන් අවසන් විය.

අම්පාර පොතුවිල් ප්‍රදේශයෙන් පසුගිය 03 වනදා ආම්භ වූ මෙම විරෝධතා පාගමන මඩකලපුව හරහා ත්‍රීකුණාමලයට පැමිණීමෙන් අනතුරව මුලතිව් නගරයට පිවිසියේය. අනතුරුව මුලතිව් මුල්ලි වයික්කාල් යුද සැමරුම් ස්මාරකය ඉදිරිපිටදී විරෝධතාකරුවන් විසින් ස්මාරකයේ පහන් දල්වා නෙඩුන්කේනි හරහා වව්නියාවට ලඟා විය. මේ අනුව වව්නියාවේ සිට මන්නාරම නගරයට පිවිසීමෙන් අනතුරුව මන්නාරමේ සිට තුනුක්කායි මල්ලාවි, මාන්කුලම් හරහා කිලිනොච්චියට ලඟා වීමෙන් අනතුරුව අද (07) කිලිනොච්චියෙන් ආරම්භ වන පෙලපාලිය යාපනය පොලිගන්ඩි ප්‍රදේශයෙන් අවසන් වුණි.

මෙලෙස යාපනයට පැමිණි විරෝධතා පාගමනට පාපැදි පෙලපාලියක් සහ රථ පෙලපාලියක්ද එක් වූ අතර ඒ සඳහා යාපනය විශ්වවිද්‍යාල සිසුන්ද එක් වූහ. එහිදී යාපනයේ පිහිටි හිටපු කොටි නායකයෙකු වූ තිලීපන්ගේ ස්මාරකය පිහිටි ස්ථානයේ තිලීපන්ගේ ඡායාරූපයක්ද සමගින් පහන් දැල්වීමට විරෝධතාකරුවන් විසින් පියවර ගෙන තිබුණි.

මේ අතර විරෝධතා පාගමන වෙනුවෙන් සෑම දිස්ත්‍රීක්කයකින්ම යාපනය පොලිස් ස්ථාන විසින් අධිකරණ තහනම් නියෝග ගෙන තිබුනද එම තහනම් නියෝග නොසලකා හරමින් විරෝධතා පාගමන් පැවත්වීම විශේෂ විය.

උතුරුනැගෙනහිර පුරාවිද්‍යා කැනීම් වලට විරෝධය පෑම, දෙමළ ජනතාවගේ ඉඩම් අත්පත් කරගැනීම, දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම, යුද්දයෙන් අතුරුදහන් වූවන් වෙනුවෙන් විසඳුම් ලබා දීම, වතුකම්කරුවන්ට රුපියල් දහසක දීමනාවක් ලබා දීම, කොරෝණා වෛරසයෙන් මිය යන මුස්ලිම් වරුන් අදාහනය නොකිරීම ඇතුලු කාරණාවන් කිහිපයක් මුල් කරගනිමින් මෙම විරෝධතා පා ගමන පැවත්වෙයි.

විරෝධතා පා ගමන වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය ප්‍රධානත්වයෙන් දෙමළ හා මුස්ලිම් දේශපාලන පක්ෂ කිහිපයක් මූලිකත්වය දරා ඇති අතර ඊට අමතරව සිවිල් සංවිධාන, විශ්වවිද්‍යාල සිසුන්, අතුරුදහන් වූවන්ගේ ඥාති එකමුතුව හා ආගමික නායකයින් ඇතුලු පිරිසක් විසින් සංවිධානය හා මෙහෙයවීම සිදුකරනු ලබයි.

මේ අතර නැගෙනහිරින් ආරම්භ කරන ලද විරෝධතා පාගමනට එරෙහිව වව්නියාව මන්නාර සහ යාපනය යන දිස්ත්‍රීක්කයන්හි සාමාන්‍ය වැසියන් පිරිස් විසින් විරෝධතාවන් සංවිධානය කොට විරෝධතා කරුවන් විසින් පවසා සිටියේ දෙමළ ජනතාව වෙනුවෙන්යැයි පවසා ආම්බ කරන ලද අදාල විරෝධතා පාගමන දෙමළ ජනතාව රවටන දේශපාලනික කුමන්ත්‍රණයක් බවටත් එය උතුරු නැගෙනහිර ජනතාව අනුමත නොකරන බවටත්ය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

37,027 views

9 Comments to “යාපනයෙ හිටපු කොටි නායකයන් සමරයි..”

  1. රටවැසි says:

    තොරතුරු පැතිරීමේ වේගයේ වැඩිකම නිසා ද මන්දා , මේ වගේ පුවත් ඇහෙනකොට පුක විකාගෙන මැරෙන්න හිතෙනවා , ලැජ්ජාවෙ බෑ . ඉස්සර හිටිය නපුංසකයින්ගෙ කාලෙ නං කමකුත් නෑ .

    • රටවැසි says:

      මම ඔහොම කිවුවට ඉස්සර හිටපු අයට තමා කැමති

  2. SKF says:

    ඕක මොකද්ද, මිනීමරු ජෙප්පෝ අවුරුද්දකට වරක් මිනීමරුවන් සමරන්නේ.

    කොටි කරපු ඝාතන වලට වැඩියෙන් ජෙප්පෝ මිනි මැරුවා
    කොටි කරපු විනාශ කිරීම් වලට වැඩියෙන් ජෙප්පෝ රටේ දේපොළ විනාශ කළා.

    කොටින්ටත් තියෙන්නේ, ජෙප්පෝ කළා වගේ චන්ද නැති පක්ෂයක් අටවාගෙන පාර්ලිමේන්තුවට පනින්න. එතකොට මිනීමැරුම් නඩු වලින් නිදහස් වෙන්න පුළුවන්. වාර්ෂිකව මිනීමරුවන් සමරන්නත් පුළුවන්.

    • harsha says:

      ඡන්ද නැතිව පාර්ලිමේන්තු පනින්නේ කොහොමද?

    • ඊබ්‍රාහිම් සහෝදරයා says:

      ඒකෙ පොඩි ඇත්තක් නැත්තෙත් නෑ

  3. මාක්ස්වාදී ජෙප්පා says:

    ගෝටා එනකම් තමා ඔය සෙල්ලම්

    • මාක්ස්වාදී ජෙප්පා says:

      කොච්චර උනත් ගෝටා එන්න කලින් රතු සහෝදරයන්ගෙ ආන්ඩුවෙදි පුරුදු වුනු සෙල්ලම් එකපාරටම නවත්තන්න බෑ.

  4. Darshana abayakoon says:

    උතුරේ දෙමල වැසියන්ගේ ප්‍රකශන අයිතිය ඔවුනට ලබා දීම පිලිබදව ගොඨබය මහතාට ප්‍රණාමය.

  5. අවිශ්ක says:

    කොටි අන්තවාදීන් සැමරීම ජාතියට ද්‍රෝහි වීමක්.මේ රට අයිතිය සිංහල යන් සතුයි

Main News