අඩු මිලට බඩු ගන්න සතොස පෝලිම්.. පාරිභෝගිකයෙකුට සහල් කිලෝ පහයි..
February 9, 2021 at 8:40 am | lanka C news
රජය මගින් අත්‍යවශ්‍යය ආහාර ද්‍රව්‍යය 27 ක මිල අඩු කිරිමත් සමග හැටන් සතොස ශාඛාව මගින් (08) දින උදැසන සිට නව මිල ගණන් යටතේ ආහාර ද්‍රව්‍යය නිකුත් කරනු ලබයි.
එක් පාරිභෝගිකයෙකුට නව මිල ගණන් යටතේ ආහාර ද්‍රව්‍යය කිලෝ දෙකක්ද , සහල් කිලෝ පහක්ද නිකුත් කරන බවට සතොස ශාඛාව මගින් දැන්විම් පුවරුවක් ප්‍රදර්ශනය කරමින් පාරිභෝගිකයන් දැනුවත් කර ඇත.
සැම පාරිභෝගිකයෙකුටම රජය විසින් අඩුකල ආහාර ද්‍රව්‍යය ලබාදිමේ අරමුණින් සහ ඇතැම් පිරිස් අඩුමිලට ආහාර ද්‍රව්‍යය මිල දි ගෙන වැඩි මිලට අලෙවි කිරිමේ අරමුණින් එම ප්‍රමාණයට ආහාර ද්‍රව්‍යය නිකුත් කරන බවයි සතොස ශාඛාවේ නිලධාරින් කියා සිටියේ.
ඉකුත් සතියේ සතොස ශාඛාවල අත්‍යවශ්‍යය ආහාර ද්‍රව්‍යය කිහිපයකම මිල අඩුව පැවති අතර , නව මිල ගණන් යටතේ එම ආහාර ද්‍රව්‍යය කිහිපයකම මිල ගණන් ඉහල ගොස් ඇති බවයි පාරිභෝගිකයන් කියා සිටියේ.
– හැටන් රංජිත් රාජපක්ෂ
Ayi yako, labetq gandanam polime inda one, ekkama Coronath nikkamma ganda puluwanne! Meka thamai polin hadala arina anduwa.