නැගෙනහිර ජැටිය ඉන්දීය ආයෝජනයට දිය යුතුයි.. නැතොත් විශාල ආර්ථික අර්බුදයකට වැටෙනවා..
February 9, 2021 at 5:30 pm | lanka C news
69 ලක්ෂයක් ජනතාව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජන්දය ලබා දෙමින් තුනෙන් දෙකක බහුතර බලයක් සහිත ආණ්ඩුවක් ලබා දුන්නේ රටේ ආර්ථිකය ගොඩනගමින් සමෘද්ධිමත් රාජ්‍යයක් හා සුරක්ෂිත රටක් බිහි කිරීමට බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.
රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටිනුයේ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමිනි.
සමෘද්ධිමත් ආර්ථිකයක් ගොඩනැගීමට නම් රටේ ආදායම් තත්ත්වය වර්ධනය කර ගත යුතුයි. අපේ රටේ ප්‍රධාන ආදායම් මාර්ගයන් වී ඇත්තේ සංචාරක, විදෙස් ශ්‍රමිකයින් විසින් එවන ප්‍රේෂණ, අපනයන, වක්‍ර බදු ඉපැයීම්ය. අනෙක් අවස්ථාව නම් මිත්‍රශීලි රටවල් හෝ වෙනත් පෞද්ගලික පාර්ශවයන් සමග ඇතිකරගනු ලබන ආයෝජන අවස්ථාවන්ය. ආයෝජන අවස්ථා ඇති කර ගැනීමට රටේ ජනතාව කිසි විටෙක විරෝධය දක්වා නොමැත.
කොවිඩ් 19 හේතුවෙන් ලෝකයේ සියලුම රටවල් ආර්ථික අර්බුදයකට මුහුණ පා තිබේ. සුබසාධන රාජ්‍යයක් වශයෙන් නිදහස් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය, අධ්‍යාපන, පොහොර සහනාධාරය, සමෘද්ධිය වැනි සුබසාධන කටයුතු සදහා විශාල මුදලක් වැය කරන අතරම රටේ සංවර්ධන කටයුතු හා ග්‍රාමීය ආර්ථිකය නංවාලීමේ කටයුතු ද සිදු කරමින් පවතී. ඒ සදහා අවශ්‍ය අරමුදල් සපයා ගත යුතුය. ආදායම් ඉපයීමේ ඉහත සදහන් සියලු අවස්ථාවන් අද වනවිට සීමා වී තිබේ.
රටේ ජනතාවගේ හා අපේ පක්ෂයේ ප්‍රතිපත්තිය වී ඇත්තේ රටේ සම්පත් විකිණීම හෝ බදු දීම නොවේ. නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමා හා ගරු අග්‍රාමාත්‍යතුමා විකිණීම හෝ බදු දීම සිදු නොකරන බවත් රාජ්‍ය තාන්ත්‍රිකව ඇතිකරගනු ලබන ආයෝජන අවස්ථාවක් ගැන සළකා බලන බව පැවසීය. එවන් පසුබිමක් තුළ රාජ්‍ය නායකයින් සමග සාකච්ජා කොට තීන්දු තීරණ ගනු වෙනුවට සුළු පිරිසක් විසින් සිය පෞද්ගලික ජනමතය ගොඩනගා ගැනීම සදහා රට තුළ වැරදි මතයක් ගොඩ නගනු ලැබීය.
අද අපේ රට මුහුණ දී තිබෙන යාථාර්ථය තේරුම් ගත යුතුයි. අපිට පවතින ආදයම් මාර්ග අහිමි වීම තුළ රුපියල අව ප්‍රමාණ වී ඩොලරය ඉහළ යමින් තිබේ. මේ හේතුවෙන් ගෙවිය යුතු ණය වාරික හා ණය පොලී අගය ඉහළ ගොස් තිබේ. ඒක පුද්ගල ණය ප්‍රමාණය ඉහළ ගොස් තිබේ. මෙම තත්ත්වයෙන් රට මුදවා ගැනීමට කටයුතු නොකළහොත් ඉදිරියේදී රට විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දෙනු ඇත. මෙම තත්වයෙන් රට මුදවා ගන්නේ කෙසේද යන්න පිළිබදව විවේචනය කරන සුළු පිරිසට කිසිදු අවබෝධයක් නොමැති අතර වැඩපිළිවෙලක්ද නොමැත. ඔවුනට අවශ්‍යව ඇත්තේ බොරු දේශප්‍රේමීත්වය හා බොරු ප්‍රචාර තුළින් සිය පැවැත්ම පවත්වා ගැනීම මිස, මිලියන 22 ක් වූ ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමට නොවේ.
නිදහස ලබා අවුරුදු 73 ක කාලයක් ගත වී තිබේ. එම කාලය තුළ රට පාලනය කළ සියලු නායකයින් නිසි තීන්දු තීරණ ගෙන රට පාලනය කිරිමේදී මෙවැනි සුලු පිරිස් විවිධ බාධා කිරීම් කරනු ලැබීය. එහි භයානක ප්රතිඑලයන්ට අපට ඉදිරියේදී මුහුණ දීමට සිදුවනු ඇත.
අපට සංවෘත රාජ්‍යයක් ලෙස ක්‍රියාත්මක විය නොහැකිය. අපි රාජ්‍ය තාන්ත්‍රික සබදතා පවත්වාගත යුතුයි. රාජ්‍ය තාන්ත්‍රික සබදතා පවත්වා ගත යුතු ක්‍රමවේදයක් තිබේ. රාජ්‍ය තාන්ත්‍රික සබදතා යනු රටේ ඉදිරි ගමනට අත්යවශ්යවූවකි. රටවල් අතර ගනුදෙනු සිදු වේ. ගනු පමණක් සිදුකළ නොහැකිය. ජපානය, චීනය,ඉන්දියාව හෝ වෙනත් ඕනෑම රටක් සමග අපි ආයෝජනවලට එළබෙන්නේ රටේ පවතින නීතී රීතී වලට අනුවය.
යහපාලන කාලයේ ජාතික ආරක්ෂාව පිරිහී තිබුණි. වත්මන් ජනාධිපතිතුමා පත්වීමෙන් පසු ජාතික ආරක්ෂාව තහවුරු කරනු ලැබීය. දැන් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අවස්ථාව උදා වී ඇත. එම නිසා රටට අහිතකර නොවන පරිදි මිත්‍රශීලී රටවල් සමග ආයෝජන අවස්ථාවන් ඇති කර ගැනීමට අපි සහය දිය යුතු බව එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.
– මාධ්‍ය ඒකකය
මේ කහින්නේ බැරිසිල් ගේ ඉන්දියන් බෑණාගේ කටහඬයි..
KUDDA ANITMATA KARANTAMA DEYAK NATHI UNAAMA AMMATH WIKUNANAWA,
KUDU LANSATH EHEMA EKEK,
ADANITA WARAYA DEEMA WIMLLA NATHARA KARAPU NISAA WIMALTA GAHANAWA.
WARAAYA JATIYA DUNNA NAM ADA AANDUWA IWARAI,
MEKA TERUM GANTA BARI AMBARUWO NISAA GR, MONAWA KARA GANEEDA KIYALA
HITAA GANTAWATH BAHA.,
KUDDA ANTIMATA KARANTAMA DEYAK NATHI UNAAMA AMMATH WIKUNANAWA,
KUDU LANSATH EHEMA EKEK,
ADANITA WARAYA DEEMA WIMLLA NATHARA KARAPU NISAA WIMALTA GAHANAWA.
WARAAYA JATIYA DUNNA NAM ADA AANDUWA IWARAI,
MEKA TERUM GANTA BARI AMBARUWO NISAA GR, MONAWA KARA GANEEDA KIYALA
HITAA GANTAWATH BAHA.,
ඈ බං තෝ හිතුවේ 2/3 දුන්නෙ රටේ දේපොල පිටරටුන්ට දෙන්න කියලද? කලකන්නි දේශපාළුවො ජනතාව ඡන්දේ දුන්නෙ යහපාළුවො දීපුවත් ආපහු ගන්න කියළයි. ගන්නවා කියළා කියපු නිසයි.මුගේ ජාතකේ වරදක් තියෙනවා. ඉන්දියන් හයිබ්‍රිඩ් වගේ.නැත්තං මෙච්චර ඉන්දියාවට කඹුරයි යෑ.
ඉස්සෙල්ල කරන්න බලපං පස්සෙ බැරිමනං දාලා පලයං එතකොට කවුරු හරි ඒ්කෙක් පුළුවන් නං කොරයි නැත්නම් දීල දායි මෙතන පටන්ගන්න හදන්නෙම බැරි බැරියා වෙන්නෙ
The country is controlled by these type political experts and advisors. So what can we expect my dear friends. We can see the future like a mirror image.
Den me rata palanaya karanne kudu kaarayoda
මීගමුවේ අප්පුහාමිලාට දැන් අමාරුව හොද ඇති
Why don’t you sell your balls instead of selling the port. The port is not your personal belongings. So get lost.
Me waden muge kudu transit wade lesi wenawa ….nathnam mehemath kamburaida ?