මැයි වන විට සියල්ලන්ට කොරෝනා එන්නත දෙනවා.. ලෝකයේ සුරක්ෂිතම රට බවට ශ්‍රී ලංකාව පත් කරනවා..

February 9, 2021 at 4:40 pm | lanka C news
මැයි වන විට සියල්ලන්ට කොරෝනා එන්නත දෙනවා.. ලෝකයේ  සුරක්ෂිතම රට බවට ශ්‍රී ලංකාව පත් කරනවා..

මැයි මාසය වනවිට මෙරට සියලු දෙනාට කොවිඩ් එන්නත ලබා දී අවසන් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බැවින් ඒ වනවිට සංචාරකයන්ට කොවිඩ් වලින් තොර ලෝකයේ සුරක්ෂිතම රට බවට ශ්‍රී ලංකාව පත්වන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.ඔහු අවධාරණය කරන්නේ ජනවාරි 21 වෙනිදා රට සංචාරකයන්ට විවෘත කිරීමෙන් පසුව මේ වනවිට සංචාරක ව්‍යාපාරය ක්‍රමානුකූලව යථා තත්වයට පත්වෙමින් තිබෙන බවයි.

සංචාරකයන්ගෙන් සමාජයටත් සමාජයෙන් සංචාරකයන්ටත් කොවිඩ් බෝ නොවීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවත් මෙතෙක් මෙරටට පැමිණි සංචාරකයන් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසිලෙස අනුගමනය කරන්නේ දැයි සෞඛ්‍ය බලධාරීන් මෙන්ම සංචාරක සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ද දැඩි අධීක්ෂණයක යෙදෙන බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.

රට සංචාරකයන්ට විවෘත කිරීමෙන් අනතුරුව වර්තමාන තත්වය හා ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ඊයේ (08) සංචාරක අමාත්‍යංශයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කීවේය.

” ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරපු ඉන්දියාව නොමිලේ  ලබාදුන් කොවිඩ් එන්නත අපි දැන් සෞඛ්‍ය හා ආරක්ෂක අංශ වල අයට ලබාදීම සිදු කරනවා. ආණ්ඩුවේ අපේක්ෂාව වෙන්නේ රටේ සෙසු ජනතාවටත් මේ එන්නත ලබා දීමටයි. මැයි මාසය වන විට මෙම එන්නත ලබා දිය හැකි සියලු දෙනාට මේ එන්නත ලබා දීලා අවසන් කරන්න ආණ්ඩුව අපේක්ෂා කරනවා.එහෙම වු‍නොත් අපිට රට තුල නැවත සුපුරුදු ක්‍රියාකරකම් ආරම්භ කරන්න පුළුවන් වේවි.විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරයට මෙය ඉතා සුවිශේෂි තත්වයක්.කොවිඩ් එන්නත මැයි මාසය වනවිට රටේ සියලු දෙනාට දීලා අවසන් වුනොත් සංචාරකයන්ට ලෝකයේ කොවිඩ් වලින් සුරක්ෂිතම රටක් බවට අපේ රට පත් වෙනවා.

මේ වෙනකොට ඉන්දියාව, ජර්මනිය, ඉතාලිය වගේ රටවල් වලින් සංචාරකයන් මෙරටට පැමිණීම සම්බන්ධයෙන් කටයුතු කරමින් තිබෙනවා. සංචාරක සංවිධාන ඒ සඳහා කටයුතු කරනවා. මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ සමාජයටත් සමාජයෙන් සංචාරකයන්ටත් කොවිඩ් බෝ නොවීමට අවශ්‍ය සෑම පියවරක් අප ගත්තා.

රටට පැමිණෙන හැම සංචාරකයෙක්ම ඒ සංචාරකයන් නතර වී සිටින ආයතන, සංචාරය කරනු ලබන ස්ථාන වලදී ඒ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරනවාදැයි සෞඛ්‍ය බලධාරීන් වගේම සංචාරක සංවර්ධන අධිකාරියත් සොයා බලනවා. පැය 24 පුරා ක්‍රියාත්මක නීරීක්ෂණ ඒකකයක් අප සංචාරක සංවර්ධන අධිකාරියේ ස්ථාපිත කර තිබෙනවා. 1912 අංකය ඔස්සේ ඒ සඳහා සම්බන්ධ විය හැකියි.

කොවිඩ් 19 නිසා සම්පූර්ණයෙන්ම බිඳ වැටුණු සංචාරක කර්මාන්තය යලි හිස එසවීමෙන් මෙරට ආර්ථිකයට විශාල පිටුවහලක් ලැබෙනවා. අපේ ඉලක්කය තමයි සංචාරක ව්‍යාපාරය තිබුණාටත් වඩා ඉහළ තැනකට ඔසවා තැබීමයි. කොවිඩ් නිසා රට මුහුණ දී තිබෙන දැඩි ආර්ථික අර්බුදයට ඇති එක විසඳුමක් වන්නේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමයි.නමුත් අපි මෙහිදී රටේ ජනතාව අනතුරේ හෙලන්න සූදානම් නෑ. ඒ නිසයි අපි මේ වැඩපිළිවෙලේදී ඉතා සුපරීක්ෂාකාරී වෙන්නේ.”

සංචාරක අමාත්‍යංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චිස, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු, අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ සහ අමාත්‍යංශයේ හා සංචාරක සංවර්ධන අධිකාරියේ නිලධාරී පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

– ප්‍රදීප් අනුර කුමාර

10,704 views

18 Comments to “මැයි වන විට සියල්ලන්ට කොරෝනා එන්නත දෙනවා.. ලෝකයේ සුරක්ෂිතම රට බවට ශ්‍රී ලංකාව පත් කරනවා..”

  1. david milibanda says:

    Kaiwaruwa paththakin thiyala wada karapan bathbalayo.
    Kaiwaruwa dan athi, oka nawaththapan.

    • Alapaluwa says:

      මූත් පවිත්‍රා එක්ක ගගට මුට්ටි දාපු හාල්පාරුවෙක් නේද දැන් එන්නත් වන්දනාවෙ ගියාට.

      • Hudson says:

        Hic.. Hic.. now he is giving time frames to eradicate corona as well by using vaccine in three months. no mutti, pani katha now.

    • kawinda says:

      ammata udu…! me aluth saukya emathida..? api danneth nehe.

  2. රූකඩේ says:

    රටම පරීක්ෂණාගාර මීයන් කිරීමේ ව්‍යාපෘතියට ජය. එංගලන්තයේ රූකඩ රාජ්‍ය….

  3. කුඹුක්කණ් says:

    එතකොට පැණිය?

    • කුඹුක්කණ් says:

      පල හොර කුඹූකා යන්න

      • කුඹුක්කණ් says:

        මට දැන් පැණිය නැතිව ඉන්නම බෑ. සාදික්කා වලට ඇබ්බැහි වෙලාද කොහේද.

    • Prasanna says:

      කාණුවට හරි කක්කුස්සි වලකට හරි හලනවා. ඇයි අවුල්ද?

      • කුඹුක්කණ් says:

        ආ හලලා එන්නත ගහ ගනිං , ඊට පස්සෙවත් බටහිර විද්‍යාව ඉගෙන ගනිං , බූරුවෙක් වගේ විද්‍යාවට ගැති කං කරන්නෙ නැතුව
        මී හරකා , ගොම ගොඩක් වත් මොලේ තියෙනවනං හිතපං, වෛරස් වලට එන්නතෙන් කරන්න පුලුවන් දෙයක් නෑ
        පොල් මී හරකෝ…………………………

        • Prasanna says:

          තෝ මට කියන්න ඕන නැහැ පරයෝ මම එන්නත ගහ ගන්නවා තමයි. අනික මම කොහොමත් බටහිර විද්‍යාව හරියට ඉගෙන ගෙන තමයි ඉන්නේ. තෝ මොන නරියෙක්ද බොල මට උගන්නන්න. එන්නත් වලට කරන්න බැරි නිසා වෙන්න ඇති ඔය සමහර වයිරස් රෝග දැන් ලොකේ හොයා ගන්න වත් නැති වෙලා තියෙන්නේ. අනික උඹ දැන ගනින් එන්නත් කරන රටවල් වල දැනටමත් කොරෝනා පැතිරීම අඩු වෙලා. එහෙම වෙලා තියෙන්නේ තොගේ ඔය පම්කේ පැණිය බීල නෙවෙයි බූරුවෝ.

  4. කයිය නැතිව වැඩ කරලා පෙන්නපන්. මේ රජය හදන්න උර දුන්, කැපවුන අපිට තොපේ බොරු කයිවාරු ඇලජික් ! පරිසරය, ගංගා, ඉවුරු විනාශ කරමින්, වනාන්තර, රැම්සාබූමි, වනසමින් මේ කරන විනාසය නවතන්න කාලය ඇවිත් ! වනාන්තරයක් අලුතින් ඇතිවෙන්න වසර සියයකට වැඩි කාලයක් යනවා. ඒ බව නොදත් මෝඩ රජා, වනාන්තර වලට මීහරක් ඇතුලු කරන්න ඉඩ දීලා තියනවා. ඉදකින් ගොන්මීමා!

  5. Nihal says:

    අධෝමාර්ගය තමා

  6. Ashok says:

    Bloody moron. Muge age tharamata mole thibanang gagata mutti dayida? Basilge smanalu set eke!

  7. කුඹුක්කණ් says:

    බූරු කතා කියන්න එපා ප්‍රසන්න…

    ඕවට ලංකාවෙ බටහිර විද්යාව බාගෙට ඉගෙන ගත්ත ආර්ට් කරපු උගත්තු ටික අහුවෙයි, බටහිර ඇලොපති වෛද්‍යවරු හෙවත් බටහිර ඖෂධ මාෆියාවෙ Sales rep ලා ටික ඔයා කියන කතාව ගොං කතාවක් බව දැන දැනත් , විද්යාත්මකයි කිය කිය ඉදියි.

    ඔය ගහන එන්නතේ සාර්ථකත්වය කොහොමද? 60% -70%
    වෛරසයේ වෙනස්වීම් උනොත්, වෙනත් ප්‍රභේද එනකොට මොකද කරන්නෙ, එතකොට සුරක්ෂිතද?

    එතකොට ඔය කෝටි ගණන් වියදං කරං sales rep ලා සනස්සන්න ගෙනාපු , එන්නත ගහගන්න වෙන්නෙ උඹෙ කොහෙද?
    බූරුවා…

    • Prasanna says:

      ඇයි දැන් තොපේ මහ ලොකු පම්කේ පැණිය ඔය ඔක්කොම වයිරස් ප්‍රභේද වලට වැඩද? කාලිද එහෙම කිව්වේ? ඇනේ බොල ගොන් කුඹුකෝ උඹේ ඔඋඅ කට වචනෙට ප්‍රත්‍යක්ෂයි කියන රෙද්දවල් වලට වඩා විද්‍යාත්මකව තහවුරු කරපු 70% අපිට වැදගත්. උඹේ පැණිය ගහ ගනින් පුපේ.

      • කුඹුක්කණ් says:

        70 % තියලා වාඩිවෙයන් වෛරසය වෙනස් වෙනකොට, මී හරකො මී හරකො මී හරකො

        තව පහදලා දෙන්න දෙයක් නෑ, උඹ මී හරකෙක්

        ඇලොපති උන්ට වහල් කං කරන , ඖෂධ මාෆියාව අස්සෙ යන හරකෙක්
        ඉදා උබට එන්නතක් පුපට

        • Prasanna says:

          තෝ මට කියන්න ඕන නැහැ පරයෝ මම එන්නත ගහ ගන්නවා තමයි. අනික මම කොහොමත් බටහිර විද්‍යාව හරියට ඉගෙන ගෙන තමයි ඉන්නේ. තෝ මොන නරියෙක්ද බොල මට උගන්නන්න. එන්නත් වලට කරන්න බැරි නිසා වෙන්න ඇති ඔය සමහර වයිරස් රෝග දැන් ලොකේ හොයා ගන්න වත් නැති වෙලා තියෙන්නේ. අනික උඹ දැන ගනින් එන්නත් කරන රටවල් වල දැනටමත් කොරෝනා පැතිරීම අඩු වෙලා. එහෙම වෙලා තියෙන්නේ තොගේ ඔය පම්කේ පැණිය බීල නෙවෙයි බූරුවෝ.

Main News