පොහොට්ටුව අගමැතිටත් උඩින් යයි.. කොරෝනා මෘතදේහ භූමදානයට දෙන බව නොකී බව කියයි..

February 12, 2021 at 12:01 am | lanka C news
පොහොට්ටුව අගමැතිටත් උඩින් යයි.. කොරෝනා මෘතදේහ භූමදානයට දෙන බව නොකී බව කියයි..

කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ මෘත දේහයන් භූමදානයට අවසර ලබාදෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.

එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනි කෝකිලා ගුණවර්ධන මහත්මිය පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියාය.

අැය එහිදී පැවසූයේ අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන ලද්දේ භූමදානය කිරීමට අවස්ථාව ලබාදෙන බව මිස කොරෝනා මෘතදේහ භූමදානය ට අවසර ලබාදෙන බවක් අගමැතිවරයා නොකී බවයි.

කොරෝනා මෘතදේහ භූමදානය කිරීම හෝ ආදාහනය කිරීම ගැන තීරණය කරන්නේ සෞඛ්‍ය බලධාරීන් බවත් ඔවුන්ගේ නිර්දේශ පිළි ගැනීමට රජය කටයුතු කරන බව ද ඇය සඳහන් කළාය.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා විමසා සිටියේ කොරෝනා මෘතදේහ භූමදානයට අවසර දෙන්නේද නැද්ද යන්න වන අතර අග්‍රාමාත්‍යවරයා ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ භූමදානයට අවසරය දෙන බවයි.

37,930 views

16 Comments to “පොහොට්ටුව අගමැතිටත් උඩින් යයි.. කොරෝනා මෘතදේහ භූමදානයට දෙන බව නොකී බව කියයි..”

  1. Nambee says:

    ඇඟ වගේමයි මොළේ, real Buffalo

  2. B4 UNP now Gota says:

    මේ ගොන් පක්ෂ ට වැඩා යමක් කරන්න පුළුවන් විමල් ගේ පක්ෂය ට. ආණ්ඩුවෙන් ගිහින් වැඩ පටන් ගන්න.

  3. Saroja says:

    Wake up SLFP. This is the time

  4. මහ මොළකරු says:

    මේ ගෑණිට ඇඟ තිබුණට මොලේ නෑ. භූමදානය කිරීමට අවස්ථාව ලබාදෙන්නේ එහෙම නම් පණ පිටින් ඉන්න උන්ටද ගෑණියේ?

  5. ලෙඩෙක් says:

    Real shemale i guess …..look at her body…..

Main News