විමල් වීරවංශ-ප්‍රසන්න රණතුංග මුහුණට මුහුණ හමුවෙයි

February 12, 2021 at 12:40 pm | lanka C news
විමල් වීරවංශ-ප්‍රසන්න රණතුංග මුහුණට මුහුණ හමුවෙයි

කර්මාන්ත ඇමති විමල් වීරවංශ මහතා පසුගිය සතිඅන්ත පුවත් පතකට කල ප්‍රකාශයක් පිලිබඳව මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුව තුල උණුසුම් කථාබහක් නිර්මාණය වී තිබේ.

පසුගියදා පැවැති පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී සංචාරක ඇමති විමල් වීරවංශ මහතාගේ ප්‍රකාශය දැඩි ලෙස විවේචනය කල බවට තොරතුරු වාර්තා විය. අද මෙම ඇමතිවරුන් දෙදෙනා කොළඹදී මුණ ගැසුනි. ඒ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති ප්‍රදර්ශන දෙකක සමාරම්භක අවස්ථාවකදීය.

Be Sri Lanka Buy Sri Lanka ප්‍රදර්ශණය විවෘත කිරීමට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා වන අතර Lanka pack සමුළුව හා ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා වූයේ විමල් වීරවංශ ඇමතිවරයායි. උදෑසන 10.00 ට පමණ මුලින්ම ප්‍රසන්න රණතුංග ඇමතිවරයා මෙම ස්ථානයට පැමිණි අතර ඔහු විනාඩි කිහිපයක් ඇමති විමල් වීරවංශ මහතා පැමිණෙන තුරු රැදී සිටිනු දක්නට ලැබිණි.

විමල් වීරවංශ මහතා පැමිණීමෙන් පසු දෙදෙනාම එක්ව ප්‍රදර්ශනය විවෘත කල අතර එය සුවිශේෂි අවස්ථාවක් බවට පත්වූයේ දේශපාලන පොරපිටියේ මේ වනවිට මතුව ඇති උණුසුම් කථාබහ හේතුවෙනි.

– ප්‍රදීප් අනුර කුමාර

93,505 views

3 Comments to “විමල් වීරවංශ-ප්‍රසන්න රණතුංග මුහුණට මුහුණ හමුවෙයි”

  1. Shan sivla says:

    මේ මිනිස්සු අද ගෙදර හිටියත් පරම්පරා දහයක කටවත් සල්ලි තියෙනවා . මේවා දේශපාලන ගේම් කියලා හැමෝම දැන් දන්නවා මහත්තයෝ. හැමදාම රටයි මිනිස්සුයි හැමදාම දුප්පත් . පක්ෂ විපක්ෂ දේශපාලකයෝ හැමදාම ගොඩ.

  2. crazy says:

    යහපලන සමයෙහි පර්ලිමේන්තුවේ බොහෝ දෙශහිතෙශින්ගෙ එකම සිතසනසිමට සිටියේ විමල් පමණකි.

  3. පූට්‍ටුවේ දේශප්‍රේමී says:

    නියමෙටම රගපානවා බොලේ ..
    බයියන්ට නම් නියම පික්චෑර් එක බං..

Main News