ඇමති විමල්ට බෝම්බ ගැසීමකට සූදානමක්.. 119ට ඔත්තුවක්..
February 15, 2021 at 1:20 pm | lanka C news
අමාත්‍ය විමල් වීරවංශ මහතාට බෝම්බ ගැසීමට සූදානම්ව ඇති බව පවසමින් 119 පොලිස් හදිසි ඇමැතුම් මධ්‍යස්ථානය වෙත ලද දුරකථන පණිවුඩය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කරන බව වැල්ලවත්ත පොලිසිය කියයි.
ඉකුත් 12 වැනි දින සවස තුනට පමණ 119 පොලිස් හදිසි ඇමැතුම් මධ්‍යස්ථානයෙන් වැල්ලවත්ත පොලිසිය වෙත ලද දුරකථන පණිවුඩයක් අනුව වැල්වැටිතුරෙයි, කුරුදුකැලේ පදිංචි සුදර්ශන් නමැති පුද්ගලයා විසින් එම පණිවුඩය ලබා දුන් බවට දැනුම් දී ඇත.
වැල්ලවත්ත පොලිස් වසමේ අංක 275, ජෝසප් ස්ටැන්ලි පාර, වැල්ලවත්ත ලිපිනයේ සිටින අමාත්‍ය විමල් වීරවංශ මහතාට බෝම්බයක් ගහන්න සූදානම්ව ඇති බවට සඳහන් කර එම පණිවුඩය මඟින් දැනුම්දී ඇත.
එම ලිපිනය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිස් ස්ථානය මඟින් පරීක්ෂණ පැවැත්වීමේදී වැල්ලවත්ත පොලිස් වසමේ එවැනි ලිපිනයක් නොමැති බවත් අමාත්‍ය විමල් වීරවංශ මහතාද එවැනි ප්‍රදේශයක පදිංචි නොමැති බවට වැඩිදුරටත් අනාවරණ වීමෙන් පසු 119 පොලිස් හදිසි ඇමැතුම් මධ්‍යස්ථානයට මේ බව දැනුම්දී එම තොරතුරු ලබාදුන් දුරකථන අංකය ලබා ගත් බව පොලිසිය කියයි.
එම දුරකථන අංකයට වැල්ලවත්ත පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇමැතුමක් ලබාගෙන ඒ සම්බන්ධයෙන් විමසීමේදී ඊට ප්‍රතිචාර දැක්වූ පුද්ගලයා පොලිස් නිලධාරියාට පරුෂ වචනයෙන් බැන වැදී ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවැසීය.
අනතුරුව එම දුරකථන අංකය ලියාපදිංචි වී ඇති දුරකථන සමාගමෙන් වාර්තාවක් ලබාගෙන පරීක්ෂණ පැවැත්වීමේදී සිම්පත අයිතිකරු දිවුලපතන පොලිස් වසමේ කොටගල පදිංචි පුද්ගලයකු බවට අනාවරණ වූ බව පොලිසිය කියයි.
මෙම පුද්ගලයා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර කඩිනම් වාර්තාවක් ලබාදෙන ලෙස දිවුලපතන පොලිසියෙන් කරන ලද ඉල්ලීමක් අනුව එම පුද්ගලයාගේ ජංගම දුරකථනය ජනවාරි මස 13 වැනි දින නැති වූ බවට පවසා තිබූ බව පොලිසිය කියයි.
නමුත් එම පුද්ගලයා දුරකථනය නැතිවීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර නොතිබූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
එම පුද්ගලයා පොලිසියට කැඳවා වැඩිදුරටත් ප්‍රශ්න කිරීමට නියමිත බව උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.
බස්නාහිර පළාත භාර ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත වැල්ලවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල විජේමාන්න මහතා පරීක්ෂණ පවත්වයි.
– mawbima
බෝම්බය අසූචි මිශ්රනං වටිනවා
විමල් කියන සත්‍ය හැමෝටම තේරූම්ගන්න පුළුවන් වුනත් කවුරුවත් ගණන් ගන්නෙ නැහැ. ආණ්ඩුව කියන දැවැන්ත නෞකාව ඉදිරියට පදවාගෙන යන්නට නම් ගෝඨාට සියළුම සේවකයින්ගේ නායකත්වය ලබා දිය යුතුයි. අද ඒ නෞනාවේ නායකත්වය තියෙන්නෙ සේවකයින් හැමෝටම හොඳටම සලකන කෝකියා අතේ නිසා නැව එකතැනම කැරකෙනවා.
අපරාදේ බෝම්බෙ …. Toilet කව්ද බන් බෝම්බ ගහන්නේ …????