වැඩ බලන සෞඛ්‍ය ඇමති වැඩ අල්ලයි… එක දවසින් එන්නත් 50,000ක්…

February 17, 2021 at 8:40 am | lanka C news
වැඩ බලන සෞඛ්‍ය ඇමති වැඩ අල්ලයි… එක දවසින් එන්නත් 50,000ක්…

ශ්‍රී ලංකාවේ වැඩිහිටියන් සඳහා වන දැවැන්තම එන්නත්කරන වැඩ සටහන අද දිනය තුල දියත් වේ. ඒ අනුව අද දිනය තුල පමණක් කොළඹ ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක තුනේ 57,000 ආසන්න ප්‍රමාණයකට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සේනිකා එන්නත ලබාදීමට නියමිතය.

කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව, ගොතටුව, මොරටුව, එගොඩඋයන, හංවැල්ල යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශවලත්, කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත, බණ්ඩාරගම, මතුගම, පානදුර, හොරණ, බේරුවල, කළුතර හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශවලත්, ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ, අත්තනගල්ල, මීගමුව, සීදුව, මහර, බියගම, වත්තල, මිනූවන්ගොඩ, රාගම, ජාඇල සහ කැලණිය, මීරිගම, කටාන, දිවුලපිටිය, දොම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශවලත් තෝරා ගත් ග්‍රාම සේවා නිලධාරී වසම්වල අවුරුදු 30-60 කාණ්ඩයේ සියලුම ජනතාවට මෙම එන්නත ලබාදීමට නියමිතය.

ඊයේ දින වැඩබලන සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙන අවස්ථාවේ අතිගරු ජනාධිපතිතුමා ලබාදුන් උපදෙස් අනුව මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙන බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසී ය.

– repoter

46,179 views

14 Comments to “වැඩ බලන සෞඛ්‍ය ඇමති වැඩ අල්ලයි… එක දවසින් එන්නත් 50,000ක්…”

  1. අනාගත සේනක බිබිලේට තෙරුවන්සරනයි ! ඔබතුමා රජරට වකුගඩූ රෝගය දී, ග්ලයිපොසෙට් වලට එරෙහිව පෙන්‍ වූ ප්‍රතිබාව, දක්ශතාවය, වැඩබලන සවුක්ක්‍ය ඇමති ලෙසත් පෙන්වීමට, ඉටුකිරීමට තව තවත් ශක්තිය, දයිරිය ලැබේවා! දලදා සමිදු සරන ලැබේවා!

  2. PEOPLE OF COUNTRY says:

    Sir We all respect you

  3. david milibanda says:

    We Sri Lankans know is criticism & politicisation. Please don’t.
    THANK YOU PROF. CHANNA FOR GETTING OFF THE GROUND THE IMMUNIZATION IN HOT SPOTS.
    Quicker we establish this hear immunity through quick immunization faster we could control the spread.
    THANK YOU.

    Do not criticise Prof. Channa Jayasumana. Though a Professor of Pharmocology, he tried to give the Hela medicine an opportunity to try. he did not neglect them because he had followed Western medicine.
    Give him his due.

    Do we know, how many varieties of medicines that were being imported are now being manufactured locally. Its all his VISION.. WHY DON’T WE LOOK AT HIM POSITIVELY instead of criticising him.
    I think people should know or find out what he has done up to now. HE GOT A GOOD VISION.

Main News