වැඩ බලන සෞඛ්‍ය ඇමති වැඩ අල්ලයි… එක දවසින් එන්නත් 50,000ක්…

February 17, 2021 at 8:40 am | lanka C news
වැඩ බලන සෞඛ්‍ය ඇමති වැඩ අල්ලයි… එක දවසින් එන්නත් 50,000ක්…

ශ්‍රී ලංකාවේ වැඩිහිටියන් සඳහා වන දැවැන්තම එන්නත්කරන වැඩ සටහන අද දිනය තුල දියත් වේ. ඒ අනුව අද දිනය තුල පමණක් කොළඹ ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක තුනේ 57,000 ආසන්න ප්‍රමාණයකට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සේනිකා එන්නත ලබාදීමට නියමිතය.

කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව, ගොතටුව, මොරටුව, එගොඩඋයන, හංවැල්ල යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශවලත්, කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත, බණ්ඩාරගම, මතුගම, පානදුර, හොරණ, බේරුවල, කළුතර හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශවලත්, ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ, අත්තනගල්ල, මීගමුව, සීදුව, මහර, බියගම, වත්තල, මිනූවන්ගොඩ, රාගම, ජාඇල සහ කැලණිය, මීරිගම, කටාන, දිවුලපිටිය, දොම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශවලත් තෝරා ගත් ග්‍රාම සේවා නිලධාරී වසම්වල අවුරුදු 30-60 කාණ්ඩයේ සියලුම ජනතාවට මෙම එන්නත ලබාදීමට නියමිතය.

ඊයේ දින වැඩබලන සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙන අවස්ථාවේ අතිගරු ජනාධිපතිතුමා ලබාදුන් උපදෙස් අනුව මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙන බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසී ය.

– repoter

46,239 views

14 Comments to “වැඩ බලන සෞඛ්‍ය ඇමති වැඩ අල්ලයි… එක දවසින් එන්නත් 50,000ක්…”

  1. Anuradha says:

    මෙන්න මිණිසුන් ආපු දිනයෙ සිට වැඩකළා කොපමණ බෙහෙත් ප්‍රමාණයක් ලංකාවේ SPC එකෙන් නිපදවුවද බලන්න කොතරම් ආදර්ශයක් කියා අනිත් වැඩ නොකරණ හොරුන්ට.නමුත් අවාසනාවකට මේවගේ අයට උඩට එන්න ඉඩ දෙන්නේ නැහැ වැඩබැරි හොරුන් .ඉතින් අපි මේ වගේ අයව දිවි හිමියෙන් ආරක්ෂා කරගත යුතුයි,මම සිතනවා සවුකය ඇමති කාලත් මෙතුමාව බොහොම හොඳයි කියා අර කිසිම දෙයක් නොදත් මුට්ටිදේවිට වැඩිය.

    • Alapaluwa says:

      මූ හිටියානම් අපිට පැනි බීලා කොරෝනා වලින් මැරෙන්න වෙන්නෙ. වෛද්‍යවරු මහන්සිවෙනවා ජනතාව බේරගන්න. මුන් පැනි ප්‍රොමෝට් කරල අහිංසක මිනිස්සුන්ව ගොනාට අන්දල, ඒ මින්ස්සු ලව්ව දොස්තර මහත්තුරුන්ට බන්නල දැන් මෙතෙන්ට ඇවිත් හොටදාල ලකුණු දාගන්නවා.
      දැන් කෝ මුගෙ පැනිය?
      කෝ පැනි දම්මික?
      මූ ඌට ජාවාරම කරගන්න අවශ්‍ය වටපිටාව හැදුවා.
      කෝටි ගානක් මිනිස්සුන්ගෙ සල්ලි ගසාකෑවා.
      උඹත් අනිවාර්යයෙන්ම පැනි පස්සෙ දුවපු එකෙක්.
      කවද්ද උඹගෙ පුකේ තිබුනු මොලේ ඔලුගෙඩිය ඇතුලට ආවෙ?
      මෝඩ කාලකන්නි වහල් හැත්ත.

  2. dev says:

    good job

  3. අමල් says:

    Excellent…

  4. lotus says:

    was he the man established the MOH? NATHA dewale giye nedda?

  5. Chandi Kolla says:

    This is what people expected from G.R government
    Let the young and energetic persons like Dr.Channa to run government.They can fulfill the people’s expectations.

  6. Manel says:

    No doubt Channa has done very well so far. He may do more in the future. I congratulate him. However, people making comments should not condemn others. that is my way. Praise where its due but refrain from making negative comments.

  7. Kalana says:

    පිනට ලැබුණු Vaccines ටිකටත් නම් ලියා ගන්න කැත , වෙන රටවල් වල මෙහෙම උනා ම වැඩේ වෙනවා මිසක් ඇමතියෝ පලාතකවත් නැහැ.

  8. ගෝ ගෝ says:

    මෙන්න වැඩ. ඇමතිකම් ඉල්ලා අඞන දේසපාලුවන්ට හොඳම පාඩම

  9. කුඹුක්කණ් says:

    ඔය මගුල ගහන්න එපා, පාර්ලිමේන්තුවෙයි උඹලගෙ පවුල් වල උන්ටයි ගහගනිව්
    දකුණු අර්පිකාවෙන් ගෙනාපු ටික මෙලෝ වැඩක් නෑ කියලා විකුණගන්න බෑ කියලා දඟලනවා.

    මෙහෙ ඕක ගහනවා
    මෙලෝ වැඩක් වෙන්නෙ නෑ
    වෛරස් වලට ගහන වැක්සීන් දැන් විකෘති වූ කොරෝනා හමුවේ පුස්සක්

  10. Tony says:

    amathi suwa wela gedara enakota weda balana amathi kenek, hitapu amathita dhuraya ahimi da. after 14days of quarentine and when the minister is back home, why appoint a acting minister.

Main News