ධම්මික පැණිය සායනික පරීක්‍ෂාව අවුලක.. ඇමති චන්න හෙලි කරයි..

February 17, 2021 at 10:02 pm | lanka C news
ධම්මික පැණිය සායනික පරීක්‍ෂාව අවුලක.. ඇමති චන්න හෙලි කරයි..

කොරෝනා වෛරසය පාලනය සදහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කරන ලද පැණිය මේ වන විට අවසන් සායනික පරීක්ෂාව සඳහා යොමු කර තිබේ.

වැඩ බලන සෞඛ්‍ය ඇමති චන්න ජයසුමන මහතා සඳහන් කරන්නේ එම ඖෂධ පරික්ෂාව සඳහා ආසාදිතයන් සොයා ගැනීමට නොහැකි වීමෙන් ප්‍රතිඵල ප්‍රමාද වෙන බවයි.

සායනික පරීක්ෂණය සිදු කිරීමට අවම වශයෙන් රෝගීන් 128ක පමණ ප්‍රමාණයක් අවශ්‍ය බවද ඔහු සඳහන් කළේ ය.

දැනට එම පරීක්ෂාවට සහභාගී වී ඇත්තේ 42ක් වැනි පිරිසක් බවත් ප්‍රතිඵල ප‍්‍රමාද වී ඇත්තේ එම හේතුවෙන් බවත් ඔහු පැවසීය.

දෙරණ රූපවාහිනයේ 360 වැඩසටහනට එක්වෙමින් ඇමතිවරයා මෙම අදහස් පල කරන ලදී.

64,393 views
Main News