විමල්ගේ නිවසට රැස්වූ පක්‍ෂ නායකයන් ජනාධිපති හමුවේ… සාකච්චාවේ තීරණ මෙන්න…

February 19, 2021 at 10:26 pm | lanka C news
විමල්ගේ නිවසට රැස්වූ පක්‍ෂ නායකයන් ජනාධිපති හමුවේ… සාකච්චාවේ තීරණ මෙන්න…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග යම් මතභේදාත්මක තත්ත්වයක සිටින ඇමැති විමල් වීරවංශ මහතාගේ නිවසට රැස්වූ පක්ෂ 10 ක නියෝජිතයන් අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවක් පැවැත්වීය.

එම පක්ෂවල නායකයන් ඒ සඳහා සහභාගී වී සිටියහ.

එම සාකච්ඡාවේදී දෙපාර්ශවය අතර ඉතා සාර්ථක සාකච්ඡාවක් පැවති බවත් සති 2 වරක් එම සාකච්ඡාව පැවැත්වීමට තීරණය කළ බවත් ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කළේය.

75,593 views

11 Comments to “විමල්ගේ නිවසට රැස්වූ පක්‍ෂ නායකයන් ජනාධිපති හමුවේ… සාකච්චාවේ තීරණ මෙන්න…”

  1. ECT says:

    මේවා අහන්නත් පිළිකුල්… සමසමාජ කොමියුනිස්ට්කාරයෝ දැන් ගම්මන්පිලගේ වීරවංශගේ බලුනගුටු වෙලා.

    • රතුඑලියේ අතන says:

      කාල ඇවිල්ල එළියේ සිංහයා වෙන්න ට්‍රියි එකක් දෙනවා…..හූ

  2. බූරු පුතාණෝ සජියා says:

    කැප්ටන්ට විතරක් තනියම නැව පදවාගෙනයන්න බැරිබව ජනාධිපතිට තේරිලයි තියෙන්නෙ. ඇත්තම කියනවනම් නවක මංත්‍රීල ගහන්නෙ විමල්ට නෙමෙයි නැවේ කැප්ටන්ට.

    • SL Revolution says:

      Old Wine In A New Bottle.
      මොවුන් එක එක උප්පරවැට්ටි දමමින් කාලය ගන්නවා.
      මේ ඔක්කොම fail.වහාම 225ම එලවා දැමීමට ජනතාව එක්විය යුතුයි.මේ “මළගිය ඇත්තන්” ග‌ෙන් අප මිද‌ෙමු.

  3. ජනජය says:

    නියමයි …මහින්ද ගෙ , බැසිල් ගෙ මොළේ තමයි මොළේ ..දැං ගෝඨ ටත් පක්ෂ දේශපාලනය හොඳට පුළුවන් කියල පෙන්නනව..ඒ වගේම ඒකට හුරු කරවනව..!

  4. Unlimited Fun says:

    මුං මොනවා කිව්වත් ජනාධිපතිතුමා කරන්නේ හොඳට සවන් දෙනවා වගේ පෙන්නලා අන්තිමට P. B ජයසුන්දර කියන දේ කරන එකයි.
    අයියා මල්ලිට උපදෙස් දීලා තියෙන්නෙත් එහෙමලු. මුන් දෙන අන්ඩර කරන්න ගියොත් ලොවෙත් නෑ.

  5. කරු 1 says:

    ගෝඨාභය නායක කර නව දේශපාලන බලවේගයක් හදමු. එතුමාට අවශ්‍ය රටට අවැසි නායකත්වය දෙන්න නම් සියල්ලට පෙර රට ලෙස ක්‍රියා කල යුතුයි. එතුමා ඒවනි තීරණ අවශ්‍ය වුණොත් ගනිවියයි ඔහු වෙනුවෙන් ඡන්දය දුන් ජනතාව බලාපොරත්තු වෙනවා. රට වෙනුවෙන් අවශ්‍ය නම් වේදනා බර උවත් පවුල සමඟ අරගල කරන්නට උව හොත් එයත් කරවියයි ජනතාව සිතනවා.
    මෙවර වත් මේ රට නිවැරදි තැනට ගෙනාවේ නැත්තම් මේ රටේ දුවා දරුවන්ට අනාගතයක් නැත.

  6. මාක්ස්වාදී ජෙප්පා says:

    අද මාතෘකාව පක්ෂ “නායකයා”.
    නායකයා කියන්නේ කවුද? අනෙක් සාමාජිකයින්ට වඩා විශේෂ වරප්‍රසාද ඇති පුද්ගලයෙක්. මෙසේ විශේෂ වරප්‍රසාද සහිත පුද්ගලයින් සිටීම නිසා වරප්‍රසාද ඇති-නැති කියල බේධයක් හට ගන්නවා. පක්ෂයක් තුල වරප්‍රසාද ඇති-නැති පරතරය නැති කර සැමට සම තැන ලබාගැනීමට නම්නා පක්ෂ යකයින් විනාශ කර දැමිය යුතුයි.

    අපේ රතු සහෝදරවරුන් මෙය තේරුම් ගත් නිසා විජේවීර නායකයාව විනාශ කර දැමීම සදහා ප්‍රේමදාස මහතාගේ සහය ගත්තා. ඒ අප්‍රමාණ උදවුව අමතක නොකරණ අපේ රතු සහෝදරවරුන් තාමත් ප්‍රේමදාස මහතාගේ පුත්‍රයාට පවා හැකි සෑම ආකාරයකින්ම කෘත ගුණ දක්වමින් සිටිනවා.

    ~කාල් මාක්ස් පිහිටයි~

  7. මාක්ස්වාදී ජෙප්පා says:

    මේවත් ඉතින් විමලෙගෙ මාරාන්තික උපවාසෙ වගේ තමා. මාධ්‍ය සන්දර්ශන විතරයි අන්තිමට කුක්ක වගේ නැට්ට හන්ග ගන්නව. 😀

  8. Anil says:

    From the Rajapaksha family,Gotabaya and MR is good enough for Sri Lankan politics. Others like NR,BR and the rest of the tail should look after their own businesses without ruining the formers name eating in to government money

  9. දේශයේ පන්චයුධයට මේ එල්ලවෙමින් පවතින “ජනතද්රෝහී අන්ඩර දෙමළ ප්‍රහාරය” මරාගෙන මැරෙන පන්නයේ ප්‍රහාරයක්දදද??????
    දෙවියනි! මෙම හුදී ජන පැතුම් පොදිබදගත් , දෙසප්ප්රෙමී පාලනය ,විදේස කුමන්ත්‍රණ දේශය වෙත තම උල් දත් විලිස්සාගෙන සිටිනා මේ නිමේෂයේදී තවත් පබ ජනාදිපතිවරයෙකු දායාද කරන “ජඩ පාලනයක්” නොකරත්වා!!!!!
    අපේ රටට දළදා හිමි සරණයි!

Leave a Comment

Main News