යහපාලන සමයේ ඉදි කිරිම් ආරම්භ කර දැනට නවතා ඇති ව්‍යාපෘතිවල වැඩ අවසන් කරන්නැයි විරෝධතා…
February 22, 2021 at 2:26 am | lanka C news
ඉකුත් රජය සමයේ ප්‍රජා සංවර්ධන සහ වතු යටිතල පහසුකම් අමාත්‍යංශය මගින් ඉන්දියානු රජයේ ආධාර යටතේ ඉදි කිරිම් ආරම්භ කර දැනට එම ඉදි කිරිම් අතරමග නතර කර ඇති නිවාස වල ඉදි කිරිම් කටයුතු යලිත් ආරම්භ එම නිවාස තමන් වෙත ලබාදෙන ලෙස බලකරමින් මස්කෙලිය බව්රන්ස්වික් වතු යායට අයත් කුයින්ස්ලැන්ඩ් කොටසේ වතු කම්කරුවන් පිරිසක් (21) දින උද්ඝෝෂනයක් සිදු කලහ.
එම අමාත්‍යංශය යටතේ පාලනය වන මානව වැවිලි කලමණාකරණ ඒකකය විසින් ඉන්දියානු රජයේ ආධාර යටතේ සහ ශ්‍රි ලංකා රජයේ ආධාර රජයේ වතුකරය පුරා පර්චස් 7 ක ඉඩමක වර්ග අඩි 750 කින් සමන්විත නිවාස යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කර තිබුණි.
මස්කෙලිය බ්‍රවුන්ස්වික් වතු යායේ කුයින්ස්ලැන්ඩ් කොටසේ වතු නිවාස 40 ක ඉදි කිරිම් කටයුතු 2018.10.07 දින ආරම්භ කර එම ඉදි කිරිම් මේ වන විට අතරමග නතර කර ඇති බවයි උද්ඝෝෂණයේ නියැලි සිටි එම වතු යායේ වතු කම්කරුවන් කියා සිටියේ.
තම වතු යායේ හොද ඉඩමක එම නිවාස යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කල බවත්, ඉදි කිරිම් අතරමග නතර කර ඇති එම නිවාසවල ඉදිකිරිම් සම්පුර්ණ කර තමන් වෙත ලබාදෙන ලෙසයි උද්ඝෝෂනයේ නියැලි සිටි වතු කම්කරුවන් කියා සිටියේ.
ඉදි කිරිම් අතරමග නතර කිරිම සම්බන්ධයෙන් අප එම අමාත්‍යංශයේ ලේකම් ඩි.පි.ජි.කුමාරසිරි මහතාගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ එවකට එම අමාත්‍යංශය විසින් ප්‍රතිපාදන ලැබිමට ප්‍රථම ඉන්දියානු රජයේ ආධාර යටතේ වතු ආශ්රිත නිවාස 1400 ක් ඉදි කිරිම් ආරම්භ කර අතරමග නතර කර ඇති බවයි.
අතරමග නතර කර ඇති ඉදි කිරිම් සම්පුර්ණ කිරිම සදහා මිලියන 771 ක මුදලක් තම අමාත්‍යංශය වෙත ලැබි ඇති බවත්, එ අනුව ඉන්දියානු රජයේ ආධාර යටතේ ඉදි කර අතරමග නතර කර ඇති වතු නිවාස වල ඉදි කිරිම් කඩිනමින් ආරම්භ කරන බවයි.
වත්මන් රජය මගින් වතුකරයේ නිවාස ඉදි කිරිම සදහා මිලියන දහසක් මුදල් වෙන් කර ඇති බවද ලේකම්වරයා පැවසිය.
– හැටන් රංජිත් රාජපක්ෂ