වී මිලදී ගැනීමට ආණ්ඩුවෙන් ‍ඓතිහාසික තීන්දුවක්…

February 24, 2021 at 6:23 am | lanka C news
වී මිලදී ගැනීමට ආණ්ඩුවෙන් ‍ඓතිහාසික තීන්දුවක්…

වී මිලට ගැනීමේ ජාතික වැඩපිළිවෙල තවත් ශක්තිමත් හා සාර්ථක කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තරඟකාරී මිලට රජයත් වී මිලට ගන්නා ලෙස උපදෙස් දුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

අද පෙරවරුවේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අමාත්‍යවරයා මේ ජාතික වැඩපිළිවෙල පිලිබඳ කරුණු පැහැදිලි කළා.ඊයේ රැස්වු කැබිනට් මණ්ඩලය මෙම තීන්දුව ගත් බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

මාධ්‍ය හමුවේදී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍යවරයා,

වී මෙට්‍රික්ටොන් ලක්ෂ තුනහමාරක් රජය සතුව සංචිතයක් පවත්වාගැනීමේ ජාතික වැඩපිළිවෙල පිලිබඳ ඊයේ රැස්වුණු කැබිනට් මණ්ඩලය ඓයිතිහාසික තීන්දුවක් ගත්තා. ජනාධිපතිතුමා එහිදී උපදෙස් දුන්නා වෙළඳපොළ මිල සමඟ තරඟකාරී මිලට රජයත් වී මිලට ගන්න කියලා. පොහොර සහනාධාරය ලබන ගොවීන් රජයට වී කිලෝ 1000 ක් දෙන්න ඕනේ කියන තීරණයෙන් ඉවත්වුණා. තෙත වී රුපියල් 46 ට වියළි නාඩු රුපියල් 52 ට වියළි සම්බා රු. 54 ක මිලට ගන්න කැබිනට් මණ්ඩලය තීන්දු කළා. මේ තීරණය ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට ක්‍රියාත්මකයි. හෙට වෙළඳපොළ වී මිල රුපියල් 55 උනොත් වී අලෙවි මණ්ඩලයත් 55 ට ගන්නවා. හැබැයි වී කීයට ගත්තත් නාඩු හාල් කිලෝ 1ක් රුපියල් 97 ටත් සම්බා හාල් කිලෝ 1ක් රුපියල් 99 ක් කියන පාලන මිලට වැඩියෙන් කිසිවෙකුට විකුණන්න බෑ. මේ මිලට රජය එළෙබෙන අලුත් අවුරුද්දට හාල් දෙනවා.

රජයක් ලෙස වී අලෙවි මණ්ඩලය හරහා අපිත් ගොවියාට ඉතාම සාධාරණ ලෙස වෙළඳපොළ තරඟකාරී මිලට වී මිලට ගන්නවා. ගොවීන්ට දෙන්න පුළුවන් උපරිම මිල අපි දෙනවා. මහා පරිමාන වී මෝල් හිමියන් හැමදාම කළේ 80% ක් ගොවියාගේ අස්වැන්න අඩුමිලට අරගෙන අවසන් මොහොතේ රු. 60 ක් 70 ක් කරන එක. ඊටපස්සේ හාල් රු. 125 ට දෙන්න ඕනේ කියලා රජයට බලපෑම් කරන එක. ඒ නිසා අපි ලෑස්තියි පෞද්ගලික අංශය හා තරඟකාරී මිලට වී ගන්න. අපි විශ්වාස කරනවා වී මෙට්‍රික්ටොන් ලක්ෂ 3ත් 5ත් අතර ප්‍රමාණයක් ඊටත් වඩා ගොවි ජනතාව නව වැඩපිළිවෙල එක්ක රජයට වී ලබාදෙන බව. ඒ අනුව වෙළඳපොළ හාල් මිල තීරණය කිරීමේ බලය ශක්තිය මේ තුලින් රජය සතු කරගන්නවා. වී දුන්නත් නැතත් පොහොර සහනාධාරයට කිසිදු ගොවියෙකුට බලපෑමක් නෑ. එත් වෙළඳපොළේ ඉහළම මිලට රජයට වී ගන්න ඊයේ කැබිනට් තීන්දුව සමඟ අවස්ථාව උදාවුණා. සතොස හා සමූපකාර හරහා පාලන මිලට අපි සහල් නිකුත් කරනවා.වී මෝල් හිමියන් තුන් හතරදෙනෙකු සතුව තිබුණු සහල් ඒකාධිකාරය පරාජයට රජයක් විදියට අපි සුදානම්අපට ගබඩා පහසුකම් අවශ්‍ය පරිදි තිබෙනවා.අපි ලෑස්තියි වී සහ සහල් මිල පාලනය කිරීමේ බලය රජය සතු කරන්න”

සුජිත් විතානපතිරණ
ගරු කෘෂිකර්ම අමාත්‍යතුමාගේ
මාධ්‍ය ලේකම්

23,068 views

8 Comments to “වී මිලදී ගැනීමට ආණ්ඩුවෙන් ‍ඓතිහාසික තීන්දුවක්…”

  1. Ras says:

    පොහොර සහනාධාරය ලබන ගොවීන් රජයට වී කිලෝ 1000 ක් දෙන්න ඕනේ කියන තීරණයෙන් ඉවත්වුණා. – Meka nam maha moda theeranayak. Meken wenne aapahu රජයට වී nolabena eka

    • GU-SAKKILI-SIRA says:

      ‘මගේ සහෝදරයා පාස්කු ප‍්‍රහාරයට කොටු කරන්න හදනවා.. ඒව කොහෙද.. කරල බලමු.. අපි ලෑස්තියි..’ – ඩඩ්ලි සිරිසේන දැඩිව අනතුරු අගවයි..

  2. පබිලිස් says:

    ගොවියො ගොවියො කියල පොහොර නිකන් අරන් වී ටික ඩඩ්ලි ට විකුණන ව වෙඩි මිලට.
    මෝඩ රටක් නිකන් පොහොර දෙන පලමු රට මේක . පොහොර නිකන් දෙන්නෙ නෙතුව๬ වෙඩි මිල ට තරග කාරිව වී මිල ට ගන්න.

    නෙත්නම් මහජනතාව ට හා ආන්ඩුව ට ගොවියො අරිනවා නෙත්නම් ඩඩ්ලි අරින ව.
    මොනව කිඋව ත් ආන්ඩුව ඩඩ්ලි ට බයයි

    • chamiya says:

      ඩඩ්ලි gw wachanetath mu bayayi… hulan bahinawa… ####ke anduwa

    • Nimal says:

      ඇත්ත කතාව මඩ නාගත් අවිහිංසක ගොවියෝ හිටියේ ඉස්සර දැන් ඉන්නේ වස විස ටොන් ගනන් මිනිස්සුන්ට කවන මිිනිිමරැවෝ. ඔකුන්ට වකුගඩු දියවෙන්නේ කරැමෙි පලදිිලා. කිසිම බුරැලක් නොපෙන්විය යුතුයි

  3. opps says:

    ගොවියෝ පවි මෙිගොල්ල අවුස්සලා පාරට බස්සන්නේ මෝල් මුදලාලිලාගේ පිමිපි වැඩෙි කරන ජවිපාවෝ

  4. ECT says:

    මේ රටේ රත්තරං නිධි පහල වුනත් වැඩක් නෑ, තෙල් ආකර පහල වුනත් වැඩක් නෑ. මොවුන් කරන්නේ උපයන ජාතික ධනයෙන් ණය ගෙවීම හා ඉතිරිය සොරා ගැනුම.
    මුං සනුහරේම එලවා දැමූ දවසට මුඩු බිමක් වුවත් පාරාදීසයක් කරන්න පුළුවන්. සියල්ලට පලමුව මේ තක්කඩි තකතීරුවන් එලවා දමා රට නිදහස් කරගත යුතුයි.

  5. Piyadasa Yalagala says:

    Guarantee Price for Rice Farmer and more reasonable forwarding looking step by GR governaces. Which that price has taken inflation rate also into account by GR=MR governance is also a vested interest of millions of poor peasants in rural lankan .
    Well current govt has reached to be by lunching Rich Peasant Economy is rural lanka. It is Economically is very viable step by Minister of Agriculture .Yes long way to go,but first step is most welcome by Framers of millions in Agriculture business.

Main News