භාතිය-සන්තුෂ්ට විරෝධය.. සුනිල් ආරියරත්න, රෝහණ වීරසිංහ ‘ඔස්කා’ ධුරවලින් ඉල්ලා අස්වෙති..
February 24, 2021 at 12:02 am | lanka C news
මහාචාර්ය සුනිල් ආරියරත්න සහ ආචාර්ය රෝහණ විරසිංහ යන මහත්වරුන් මෙරට ගායක ගායිකා සංගමය වන ඔස්කා සංවිධානයේ ඔවුන් දරණ ධුරවලින් ඉල්ලා අස්වී තිබේ.
ඔවුන් විසින් ඔස්කා සංවිධානය වෙත ලිපියක් මගින් මේ බව දැනුම් දී තිබේ.
භාතිය ජයකොඩි හා සන්තුෂ් වීරමන් ගායකයන් විසින් තම නිර්මාණයක් අවසරයකින් තොරව ව්යාපාරික කටයුත්ත යොදාගෙන ඇති බවට චෝදනා කරමින් ඔවුන් මෙම ලිපිය යවා තිබේ.
චිත්රපටයක් වෙනුවෙන් නිර්මාණය කරන ලද එකී ගීතය ඔවුන් විසින් යොදාගෙන බරපතළ බුද්ධිමය දේපළ පැහැර ගැනීම සිදුකර ඇති බව ඔවුන් කියා සිටී.
ඒ වෙනුවෙන් ඔවුන් රුපියල් මිලියනයක වන්දියක්ද ගෙවීමට භාතිය සන්තුෂ් එකග වුවත් මෙතෙක් එය ගෙවීමට කටයුතු කර නැතැයිද ලිපියේ සදහන්ය.
Mun denna tamai dan inna sangeetha ostar la.