ආණ්ඩුවට ආවොත් නිදහස් කරනවා.. හිරේ සිටින රන්ජන්ට ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුරකතනයෙන් අමතා දැනුම් දෙයි..
February 25, 2021 at 10:00 am | lanka C news
දැනට බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක ආණ්ඩුවට එක්වන්නේ නම් නිදහස් කරන බව ඔහුට දැනුම් දී ඇති බව සමගි ජනබලවේගය චෝදනා කරයි.
එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතා සඳහන් කරන්නේ බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා විසින් මෙම දැනුම් දීම කර ඇති බවයි.
ඉකුත් දිනෙක රාත්‍රී කාලයේ බන්ධනාගාර නිලධාරියෙකුගේ දුරකතනයට ඇමතුමක් ලබා ගනිමින් රන්ජන් රාමනායක මහතා සම්බන්ධ කරගෙන මෙම ඉල්ලීම කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.
රංජන් රාමනායක මන්ත්‍රීවරයා ආණ්ඩුවට එක්වී නිදහස ලබා ගැනීමට කිසිදු සූදානම් නැති බව ද පැවසූ ඔහු මේ වන විට අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ වැසිකිළි සේදීම වැනි පිරිසිදු කිරීමේ කටයුතු සඳහා යොදවා ඇති බවද කියා සිටියේය.
විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.
රත්වත්තේලා මල මදාවි, මිනී මරුවෝ. උඩතලවින්නේ ඝාතන, CHFC හි ෆිජීයන් රගර් ක්‍රීඩක ගාතණය ඔවුන්ගේ වැඩ. ජුලම්පටියේ අමරේ දාලා රංජන්ව මරවයි.
රංගේ එනවද..?? රංජෝ එනවද..??
යකෝ ගොන්ජ වගේ චාරයක් නැති සල්ලාලයෙක් ජනාධිපති ආන්ඩුවට ගනීද .හැබැයි මහින්දනම් ශුව නෑ යාලුව නිසා .
අනේ පව් ඔය පොහොට්ටුවෙ ඉන්නෙ උපාසකයෝද ගොන් බයියෝ? 😀
ඇයි ලොහාන් කියන එකාද මේ ආන්ඬුව පත්කලේ ඒකට ඕනෙ විදියට නීතිය නමන්න පුලුවන්ද..ඕකවත් හිරේ දාන්න ඕනේ නීතිය නමන්න හදනවට.මේ වගේ එවුන් නිසා මේ ආන්ඬුවත් නිකම් මජර වෙනවා.මේ පක්ෂ විපක්ෂවල ඉන්න හැම දේසපාලුවම එකයි.රංජන් මාෙන මඟුලටද ඕයි මේ ආන්ඬුවට එකතු කරගන්න ඕනෙ වෙන්නෙ.තක්කඩි දේසපාලුවො මුන් ඔක්කොම.
බොක්මාකවෙල මතිදුනි, මාවනැල්ල බුදු පිළිම කැඩුමටත් ලොහාන්, අමුණුගම නම් සඳහන් වුනා නේද?
anduwata 2/3 k thiyagena munwa ganna Lohange budalayak koheda thiyenne
ආණ්ඩුවට කට්ටිය ඕනතරම් ඉන්නවා. ඔය බෝක්කු කටා නැතුවට. බොරු කතා.