උතුර-නැගෙනහිර සියළු දෙමල පාක්‍ෂ එක් වී නව කමිටුවක්…

February 27, 2021 at 4:40 pm | lanka C news
උතුර-නැගෙනහිර සියළු දෙමල පාක්‍ෂ එක් වී නව කමිටුවක්…

දෙමල ජාතීන් නියෝජනය කරන උතුරු නැගෙනහිර දේශපාලන නියෝජිතයින් එක්ක පිහිටුවන නව කමිටුව දේශපාලන අරමුණක් වෙනුවෙන් නොවන බව දෙමල ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ වවුනියාව රම්භකුලම කිතුණු දේවස්ථානයට අයත් ගොඩනැගිල්ලක උතුරු නැගෙනහිර බිෂොප් වරුන් අගරදමඩුළු සාමාජිකයින් ඇතුළු ආගමික නායකයින් පිරිසක් සමඟ දේශපාලන නියෝජිත හමුවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රී වරයා කියා සිටියේ දෙමල ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් පමණක් මෙලෙස සියළු දෙනා එක් වන ලෙස දෙමල පක්ෂ වලට ඇරයුම් කලද පිරිසක් එය ප්‍රතික්ෂේප කල බවත් මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා පැවැතවීමට නියමිත බවයි.

එම් අවස්ථාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් හා පලාත් සභා මන්ත්‍රිවරුන් පිරිසක්ද එක්ව සිටියහ. දෙමල ජාතික පක්ෂ නියෝජනය කරන මාවෙයි සේනාධිරාජා, සෙල්වම් අඩෛකලනාදන්, සිවශක්ති ආනන්දන්, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, ඇතුළු දේශපානලන නියෝජිතයින් පිරිසක් එක්ව සිටි අතර උතුරු නැගෙනහිර  ආගමික නායකියින් පිරිසක්ද එක්ව සිටියහ.

කෙසේ වෙතත් උතුරේ ප්‍රබල චරිත වන සී.වී.විග්නේෂ්වරන් , ආනන්දි සශිදරන්, ගජේන්ද්‍රන් පොන්නම්බලම් යන අයටද වවුනියාව පැවැත්වෙන සාකච්ඡාවට ආරාධනා කර තිබුණද ඔවුන් ඊට සහභාගි වීම ප්‍රත්ක්ෂේප තොට තිබුණි.

– එස්.එම්.ඩී.චන්ද්‍රනාත් බංඩාර

18,665 views

One Comment to “උතුර-නැගෙනහිර සියළු දෙමල පාක්‍ෂ එක් වී නව කමිටුවක්…”

  1. PICHAN CHAMARA SRI MAL UYANE says:

    Nikan bonda denawanam onama deyaka denawa Gxni unnam Ammapa nadda haaa
    Marana gedarak tiyena kiyapiyo
    Poll Aiiya awoth nam kapothi

Main News