රෝහණ ලක්‍ෂමන් පාස්කු කොමිසමේ වාර්තාව කියවලාවත් නෑ.. බොරු චෝදනා කරනවා..

March 2, 2021 at 5:30 pm | lanka C news
රෝහණ ලක්‍ෂමන් පාස්කු කොමිසමේ වාර්තාව කියවලාවත් නෑ.. බොරු චෝදනා කරනවා..

ශ්‍රී ලංකාවේ නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පාස්කු බෝම්බ කොමිසමේ වාර්තාව ගැන ආණ්ඩුවට විවේචන එල්ල කළ ද ඔහු එම වාර්තාවක් කියවලාවත් නැතැයි ඔහුගේ ප්‍රකාශයන් හරහා පෙනෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.

පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේ රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාගේ ප්‍රකාශය බොහෝ මතුපිටින් කරන ලද ප්‍රකාශයක් බවයි.

කිසියම් විවේචනයක් ඇත්තේ නම් ඒ වාර්තාවේ කුමන ස්ථානයේදැයි පැහැදිලිව හෙළි කළ යුතු බවත් එසේ නොකර මාධ්‍ය හමු පැවැත්වීම සාධාරණ නැති බවත් ඔහු කියා සිටියේය.

19,462 views
Main News