පරදී කියා සැකයි.. අලූත් ව්‍යවස්ථාව ගැන ජනමත විචාරණයකට නොයන්න සාකච්චා..

September 24, 2016 at 4:40 pm | lanka C news
පරදී කියා සැකයි.. අලූත් ව්‍යවස්ථාව ගැන ජනමත විචාරණයකට නොයන්න සාකච්චා..

ඉදිරියේදී ඉදිරිපත් කිරීමට නියමිත නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව ජන මත විචාරණයකට ලක් නොකිරීමට ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පැවති ඉහල පෙලේ හමුවකදී සාකච්චා කර ඇති බව වාර්තා වෙයි

ජනමත විචාරණයක් කැදවා ඉන් පරාජය වුවහොත් තත්වය අයහපත් වනු ඇති බවට එම සාකච්චාවට සහභාගී වූ නීතීවේදීන් මෙන්න ව්‍යවස්ථා විශේෂඥයින් පෙන්වා දී නිසා මේ පිලිබද සාකච්චා වී ඇත.

ඒ අනුව යෝජිත ව්‍යවස්ථාව ජනමත විචාරණයකට තුඩු දෙන වගන්ති සියල්ල ඉවත් කිරීමට යෝජනා වී ඇති අතර මේ ගැන අවසන් තීරණයක් ගෙන නැත.

6 views

4 Comments to “පරදී කියා සැකයි.. අලූත් ව්‍යවස්ථාව ගැන ජනමත විචාරණයකට නොයන්න සාකච්චා..”

  1. chocolat_baba says:

    laampu kalagedi wagge weewida danne naha

  2. Champa says:

    මටත් වෙනස් අදහසක් තිබුනා. මට නම් හිතුනේ ආණ්ඩුව අළුත් ව්‍යවස්ථාවට කැමතිද අකමැතිද කියලා මිනිස්සුන්ගෙන් කෙලින්ම අහන්නේ නැතුව, වෙනස් විදියේ ප්‍රශ්නයක් එක්ක ජනමත විචාරණයකට යයි කියලා. උදාහරණ දෙන්න අදහසක් නැහැ. හැබැයි eventualities වලට ජනතාව ලැහැස්ති වෙලා ඉන්න එක හොඳයි.

    විමල් රට වටේ ගිහින් ජනතාව දැනුවත් කරලා තියෙනවා ආණ්ඩුවේ අළුත් ව්‍යවස්ථාව ගැන. මාධ්‍ය වලටත් අපේ ස්තුතිය පුද කරන්න ඕනේ විමල් ලොකු කැපවීමකින් කරන සම්මන්ත්‍රණ වලට හොඳ ප්‍රචාරයක් දෙන එක ගැන. විමල් කියන දේවල් ගැන දැන ගන්න මිනිස්සුන්ගේ ලොකු උනන්දුවක් තියෙනවා. පත්තර බලන්න වැඩිය වෙලාව නැති වුනත්, විමල්ගේ සම්මන්ත්‍රණ ගැන කියලා තියෙන නිසා මෙච්චර කල් බලපු නැති පත්තරත් මම දැන් බලනවා. විමල්ගේ උත්සාහය නිසා ඈත එපිට පළාත්වල ජනතාවටත් ආණ්ඩුවේ ව්‍යවස්ථා මර උගුල ගැන අවබෝධයක් ලැබිලා තියෙනවා. ඒ හින්ද කෙලින්ම ව්‍යවස්ථාවට කැමතිද වගේ සරල ප්‍රශ්නයක් එක්ක ආණ්ඩුවට ජනමත විචාරණය කොහොමවත් දිනන්න බැහැ.

    “…..යෝජිත ව්‍යවස්ථාවේ ජනමත විචාරණයකට තුඩු දෙන වගන්ති සියල්ල ඉවත් කිරීමට යෝජනාවක්…” එනවා කියන්නේ ආණ්ඩුව පුරුදු විදයට කොලේ වහන තත්වෙකට යනවා කියන එක. ඒ කියන්නේ වචන සෙල්ලමකින් අළුත් ව්‍යවස්ථාව පාර්ලිමේන්තුව ඇතුලේ සම්මත කර ගන්න යනවා කියන එක.

    මේ ආණ්ඩුව මොන විදියකටවත් විශ්වාසය තියන්න පුළුවන් ආණ්ඩුවක් නෙමෙයි. මහජන මුදලින් කොටින්ගේ වියහියදම් දරමින් කොටිත් එක්ක රහස් කුමන්ත්‍රණ වල යෙදෙන විදේශ ඇමති කෙනෙක් ඉන්න ආණ්ඩුවක්, බලය ලබා ගන්න ඇමරිකාවයි, TNA එකයි එක්ක ගිවිසුම් අත්සන් කරපු ආණ්ඩුවක්, රණවිරුවන්ට විරුද්ධව යුධ අධිකරණ ගැන පොරොන්දු වෙච්ච ආණ්ඩුවක්, ඒකීය රට වෙනුවට මුළු රටේම පළාත් ආණ්ඩු ඇතිකරලා රටම අනාරක්ෂිත, අවුල් සහගත, හිස නැති කඳක තත්වෙට පත් කරන්න හදන ආණ්ඩුවක් සහ තනිකම බොරුවෙන් වංචාවෙන් වෛරයෙන් පරිපීඩිත ආණ්ඩුවක් පුදුමකාර හදිස්සියකින් රටට දෙන්න හදන ව්‍යවස්ථාව මොන ජාතියේද කියලා හිතා ගන්න බැරි තරම් අඥානකමක් මේ රටේ මිනිස්සුන්ට නැහැ.

    ජනතා පරමාධිපත්‍යය අවඥාවට ලක් කරලා, පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු සල්ලි වලට අරගෙන, ජනමත් විචාරණයකට නොගිහින්, තමන්ට කැමති විදියේ බෙදුම්වාදී ව්‍යවස්ථාවක් ගේන්න ආණ්ඩුව හදනවා නම් ඊට එරෙහිව ජනතාව අනිවාර්යයෙන්ම නැගී හිටින්න ඕනේ.

    සිරිසේනගෙයි රනිල්ගෙයි රට පාවාදීමට හවුල් වෙලා, අල්ලසට, තනතුරු වලට යටවෙලා ඉන්න ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට කිසිම අයිතියක් නැහැ රටේ ඉරණම තීරණ කරන ව්‍යවස්ථාවක් ගැන තීරණයක් ගන්න. මිනිස්සු තමන් දීපු ජනවරම, තමන් කිසිසේත්ම එකඟ නොවෙන රට බෙදන ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුව ඇතුලේ සම්මත කරගන්න ආණ්ඩුව පාවිච්චි කරන්න හදනවා නම් පාරට බැහැල තමන්ගේ විරෝධය පෙන්නන්න ඕනේ. මහජනතාව තමන්ගේ ජනවරමේ අයිතිය ආපහු තමන් අතට ගන්න ඕනේ. මොනමව හරි දෙයක් කරලා ආණ්ඩුව 2/3ක් ගන්න එක නවත්තන්න ඕනේ. මිනිස්සු තමන් චන්දෙ දීපු මහජන නියෝජිතයන්ට බල කරන්න ඕනේ ජනතාවට ඇහුම්කන් දෙන්න කියලා.

    විමල් වීරවංශ මන්ත්‍රීතුමා, ඔබතුමාට පුලුවන්ද අර “…..යෝජිත ව්‍යවස්ථාවේ ජනමත විචාරණයකට තුඩු දෙන වගන්ති සියල්ල ඉවත් කිරීමට යෝජනාවක්…” කියන කොටස ගැනත් ජනතාව දැනුවත් කරන්න. ඔබේ අර historic “ලේබල් කතාව” නිසා ආණ්ඩුව බය වෙලා තමන්ගේ බෙදුම්වාදී අරමුණු ඉෂ්ඨ කරගන්න වෙනස් මාර්ගයකට යන්න හදනවා වගෙයි පේන්නේ. ඔබේ “ලේබල් කතාව” ඔබ අනාගතය ගැන කලින් දැකලා කියපු දේවල් වලින් ඉතාම හොඳ කියමනක්. (By the by, I didn’t see you for some time. Or is it my fault for not visiting LCN for few days. Excuse me, I have a life outside LCN. I regret for not having time to post any comments for some ‘compelling’ new items).

    ඔබ අර NFF විශේෂ මාධ්‍ය හමුවේදී කීව්ව “ස්වාධීන ක්‍රියාමාර්ග” වලට යන්න අදහස් කරනවා කියලා. ඒ කිව්වේ මොකක්ද?

    • lansa says:

      ජනවාරි 8 ජනාධිපතිවරනේදී විධායකය අහෝසි කරනවා කිව්ව ගමන් මහින්දගේ රාජ්‍ය බලය පරද්දල මිනිස්සු චන්දෙ දුන්නේ උඩ පැන පැන …වයවස්තවටත් ඕනේ භයානක දෙයක් ඇතුල් කරලා විධායකය අහෝසි කරන එක දවටපු ගමන් ලංකාවේ දේශමමකයෝ උඩ පැන පැන චන්දෙ දෙයි

  3. රට කරගෙන යන්න බැරි නම්, පුලුවන් එකෙක්ට දුන්න නම් ඉවරනෙ…

Main News