හිස කපා තරුණිය ඝාතනයේ සියළු තොරතුරු මෙන්න..

March 3, 2021 at 9:20 am | lanka C news
හිස කපා තරුණිය ඝාතනයේ සියළු තොරතුරු මෙන්න..

කොළඹ, වේල්ල වීදියෙන් පෙරේදා (01දා) මෘතදේහය හමුවූ තරුණියගේ ඝාතනයට වගකිව යුත්තා බුත්තල පොලිසියේ සේවය කරන පනස් හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයකු බව අනාවරණය වී ඇත.මෙම පොලිස් නිලධාරියා ඇමැති ආරක්ෂක අංශයේද සේවය කර ඇතැයි තහවුරු වී ඇත.

අධිකාරි මුදියන්සේලාගේ ප්‍රේමසිරි (50) නමැති විවාහක උප පොලිස් පරීක්ෂකවරයා සොයා බඩල්කුඹුර, වෙහරගොඩ නිවසට පොලිස් කණ්ඩායම් ගියවිට සැකකරු නිවසේ පසුපස දොරින් කැලෑවකට පැන ඇත.

ඊයේ (02දා) රාත්‍රිය වන විට ඔහුව සොයා මෙහෙයුමක් අරඹා තිබුණු බව මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර ‘අරුණ’ට පැවසීය.

ඝාතනයට ලක්වී ඇත්තේ ලිනියාකුමාර දුලනිගේ දිලිණි යසෝධා ජයසූරිය (30) නමැති කුරුවිට, තෙප්පාගම, බඩෝගම පදිංචිකාරියකි. මෙම මියගිය කාන්තාවගේ සොයුරා ප්‍රාදේශීය දේශපාලනඥයෙකි. සැකකරු විවාහකයකු වන අතර නිවසට පොලිස් කණ්ඩායම් යන විට ඔහු බිරිඳ සමග සිට ඇත.

සැකකරු ඉකුත් 27 වැනිදා බුත්තල පොලිසියෙන් නිවාඩු ලබා පැමිණ එදින රාත්‍රී 10.00ට පමණ මෙම කාන්තාව සමග හංවැල්ලේ පිහිටි හෝටලයක 106 වැනි කාමරය කුලියට ගෙන ඇත. එම හෝටලයේ සිටියදී කාන්තාව සමග තුන් වතාවක් පිටතට ගොස් ඇති අතර එම හෝටලයෙන් පිටව ගොස් ඇත්තේ පෙරේදා (01දා) උදෑසන 10.00ට පමණය. එලෙස පිටව යෑමට පෙර මෙම කත ඝාතනය කර ඇතැයි අනාවරණය වේ. හෝටලයේ බිල රුපියල් 4100ක් ගෙවා සැකකරු පිටව ගොස් ඇත්තේ ත්‍රිරෝද රථයකිනි. ඒ හංවැල්ල නගරයටය. කාන්තාව ඝාතනය කළ පසු බහාලූ බෑගයද එම ත්‍රිරෝද රථයේ දමාගෙන ගොස් ඇත. නවතැන්පොළේදී ඝාතනය සිදුකළ පසු සැකකරු හෝටල් කාමරය සම්පූර්ණයෙන් පිරිසුදු කර ඇතැයි හෙළිවන බවත්, බස්නාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ‘අරුණ’ට පැවැසීය.

මරා දමා පැය ගණනකට පසු මෙම කාන්තාවගේ හිස කඳෙන් වෙන් කරන්නට ඇති බව අනුමාන කෙරේ. අධික රුධිර වහනයක් නොවී ඇත්තේ ඝාතනය වී පැය ගණනකට පසු ගෙල කැපූ නිසා විය හැකි බව විමර්ශන කණ්ඩායම් කියයි. කාන්තාවගේ හිස මෙතෙක් හමුවී නැත. මෘත දේහය බහාලූ බෑගය වේල්ලවීදියෙන් හමුවූ බවට මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමග සැකකරු යැයි විශ්වාස කළ හැකි අයකු හෝටල් හිමිකාරිනියට දුරකථන ඇමතුමක් ලබාදී තමාගේ තොරතුරු පිටතට ලබාදුනහොත් මරා දමන බවට තර්ජනය කර ඇත.

ඝාතනයෙන් පසු හංවැල්ල්ලට පැමිණි සැකකරු බස්නැවතුමෙන් හංවැල්ල -කොළඹ බස්රථයකට ගොඩවී ඇතැයි කළ විමර්ශනවලදී හෙළිකරගෙන ඇත. ඝාතනයට ලක්වූ කාන්තාවගේ යැයි සැක කරන යට ඇඳුම් සහිත ගමන් බෑගයක් හංවැල්ල නගරයේදී තිබී හමුවී ඇත.

මෙම ඝාතනය වූ කාන්තාව නිවසින් පිටවී ඇත්තේ ශ්‍රීපාද වන්දනාවේ යන බව පවසා යැයිද පොලිසිය අනාවරණය කරගෙන ඇත. සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාගේ නිවසට පොලිසිය ගිය මොහොතේ කැලෑවට පනින්නට පෙර බිරිඳගෙන් සමාව ඉල්ලා ලිපියක්ද තබා ගොස් ඇත. ‘‘මම ලොකු වරදක් කළේ. ඔයාලට නින්දා අපහාස විඳින්න වෙයි. ඒවා විඳ දරාගෙන ජීවත් වෙන්න. අම්මගේ තුන් මාසේ දානේ දෙන්න. පොලිසිය මාව හොයාගන්න පුළුවන්තැනක සූසයිඩ් කරගන්නවා’’ යැයි ලිපියේ සඳහන් කර ඇත.

සැකකරුට වයස අවුරුදු 18 දරුවකු හා අවුරුදු දහයක දරුවකු සිටී. මෙම දරුවන් හා බිරිඳ පොලිසිය සමග ඊයේ (02දා) රාත්‍රියේ කැලෑබද ප්‍රදේශයට ගොස් කෑගසමින් අමතා ඇතත් ඔහු පැමිණ නොමැත.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා
– Aruna

233,268 views

37 Comments to “හිස කපා තරුණිය ඝාතනයේ සියළු තොරතුරු මෙන්න..”

  1. පාහරයාගේ දේපල රාඡසන්තක කරනු..! says:

    මාත්‍රෘභුමියේ ගුවන් හුදාව ඉනදියාවට පාවාදුන් ගුවන්හමුදාපති වහාම ඵල්ලා මරනු පාහරයාගේ දේපල රාඡසන්තක කරනු..!

    ෴රනවිරැවන් දිවිපුදා තිස්වසරක් යුධ වැදී ඉන්දියාවෙන් මුදවාගන්නා ලද මාත්‍රෘභුමිය..ඉදිරියටත් ඉන්දියානුවන් ඇතුඵ බටහිර පාහරයන්ගෙන් මුදවාගැනිමට ලෙයින් මසින් ‘තොපේ හිස්ගෙඩිද සමගන් දන්දී’ තිස් අවුරැදදට සැට අවුරැද්දක්.. ඵකසිය විසි අවුරැද්දක්.. සටන්කිරිමට සුදානම් වි රට පාවාදෙන වංචනික පාහර රාඡපකෂ වඩිගයන් සමග සටනට මුළු රටම ශ්‍රීලංකාද්විපයම හෙළය්ගේ මාත්‍රෘෘභුමිය පෙළගස්වන වගයි෴

  2. sajiputha says:

    දර්ශන අබේකෝන් ගොන් හරකෝ ඌ දැන් මැරිලා. එල්ලිලා මැරිලද නැතිනම් හරීන් ඌ ව මරලා එල්ලුවාද දන්නේ නැහැ. මොකද ඌ හරීන්ගේ පිම්පියා නිසා.

    උඹ රත්නායක ගැන කියන්න කලින් උඹේ හිටපු නායකයන් වන රනිලා සහ ප්‍රේමේ ගැන සිතපන්. රත්නායක මරුවානම් මැරුවේ කොටි මිසක් අහිංසක යන්ව නොවෙයි. උඹේ නායකයන් දෙන්නාගේ අලුගෝසුවන් වන ගෝනවල සුනිල් සහ සොත්ති උපාලි මොනතරම් අහිංසක ජීවිත නැති කෙරුවද? උන්ට තව තවත් උසස් වීම් දුන්න මිසක් උන් හිරේ ගියේ නැහැ. නිකන් අද උපන් බබා වෙන්නේ නැතිව ඒ කාලේ දේවල් කියවල හිටපන් නිකන් සජියට අහවල් එක දෙන්නේ නැතිව. උඹල වගේ කාලකන්නි ඉන්නකන් මේ රට හදන්න බැහැ.

  3. රසික says:

    නිකං බොරුවට දාපු නිවුස් එකටම වෙනස් හෙඩින් දදා පට්ට ගහන්න තරම් ලොකු දෙයක් නෙවෙයි නේද.ඊට පස්සෙ කොච්චර මරන වුනාද.
    එ්වත් ඔය විදිහට පුම්බල අරං දාන්නකො.

Main News