මෝදිගේ නෙළුම් මල අරන් විග්නේෂ්වරන් උතුරේ පක්‍ෂයක් හදයි..

March 5, 2021 at 5:30 pm | lanka C news
මෝදිගේ නෙළුම් මල අරන් විග්නේෂ්වරන් උතුරේ පක්‍ෂයක් හදයි..

උතුරු නැගෙනහිර, කඳුකරය හා වතුකරය නියෝජනය වන පරිදි ‘නෙළුම් මල’ ලාංඡනය යටතේ වෙනම දෙමළ සන්ධානයක් බිහි කිරීමට උතුරු පළාත් හිටපු ප‍්‍රධාන ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා කටයුතු කර ගෙන යයි.

මෑතකදී ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂය ශ‍්‍රී ලංකාවේ පිහිටුවීමට මූලික සැලැස්මක් ක‍්‍රියාත්මක වූ අවස්ථාවේ දී ඔහු ඊට දැඩි ලෙස විරෝධය පළ කළත් අලූතින් විග්නේෂ්වරන් මහතා විසින් පිහිටුවීමට යන නව සන්ධානයේ ලාංඡුනය ‘නෙළුම් මල’ විය හැකි බවට ඔහු අදහස් දක්වා තිබේ

උතුරු නැගෙනහිර පළාත්වලට අමතරව කඳුකරයේ හා වතුකරයේ සහය නව සන්ධානය වෙනුවෙන් ලබා ගැනීමට අපේක්ෂාවෙන් ඔහු මෙම කටයුතු කරන බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

ඉන්දීය භාරතීය ජනතා පක්ෂයම නොවූවත් ඊට සමාන නව දෙමළ දේශපාලන සන්ධානයක් බිහි කිරීම ඔහුගේ අරමුණ බව උතුරේ දෙමළ දේශපාලනඥයෝ පවසති.

උතුරේ සෙසු දෙමළ දේශපාලන පක්ෂ වව්නියාවට රැස් වී දෙමළ ජනතා සභාවක් පිහිටුවීමේ වැඩසටහනට විග්නේෂ්වරන් හිටපු ප‍්‍රධාන ඇමැතිවරයා සහභාගි නොවීමට මූලික හේතුව ඔහු මේ නව දෙමළ සන්ධානය පිහිටුවීම බව වාර්තා වෙයි.

– divaina

23,746 views
Main News