ඇමති නාමල් ගුවන් තොටේ රදවාගනී… ඔහු නිසා ගුවන් යානයක් විනාඩි 45ක් නවතාගනී..

March 8, 2021 at 9:20 am | lanka C news
ඇමති නාමල් ගුවන් තොටේ රදවාගනී… ඔහු නිසා ගුවන් යානයක් විනාඩි 45ක් නවතාගනී..

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විදේශ ගත වීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත (07) පැමිණි විට ඔහුට එරෙහිව අධිකරණය විසින් පනවා තිබූ ගුවන් ගමන් තහනම් නියෝගයක් ඉවත් කිරීම පිළිබඳ තොරතුරු ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත නොලැබී තිබීම නිසා, ඔහු ගමන් ගැනීමට නියමිතව තිබූ ගුවන් යානය පිටත්වීම විනාඩි 45 කින් පමණ ප්‍රමාද කිරීමට සිදුවූ බව කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කළේය.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා, රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක සහ තවත් 07 දෙනෙකු සමග උදෑසන 10.00 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.-651 දරන ගුවන් යානයෙන් ඩුබායි බලා පිටත්ව යෑමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නාමල් රාජපක්ෂ මහතා වෙත විදේශ ගුවන් ගමන් තහනම් නියෝග 02 ක් පනවා තිබිණ. ඉන් එකක් ඉකුත් 04 වැනිදා ඉවත් කර තිබූ අතර අනෙක් නියෝගයද එදිනම ඉවත් කළද, ඒ බව තැපැල් මගින් කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත දැනුම් දීමට එම අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා පියවර ගෙන තිබුණි.

ඒ අතරතුර නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා විදේශ ගත වීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ඒ වනවිටත් මෙම අධිකරණ නියෝගය අහෝසි කළ බවට වූ නියෝගය කටුනායක ගුවන් තොටුපළ වෙත ලැබී නොතිබුණි.

ඒ අනුව නාමල් රාජපක්ෂ මහතාට විදේශ ගත වීමට අවසර දීමට කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රතික්ෂේප කර තිබුණි.

පසුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා මෙම විදේශ ගුවන් ගමන් තහනම ඉවත් කළ බවට වු දැනුම් දීම කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත දැනුම් දීමෙන් පසුව, නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ඇතුළු පිරිස රැගත් එමිරේට්ස් ගුවන් යානය උදෑසන 10.45 ට කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගියේය.

– lankadeepa

92,510 views

22 Comments to “ඇමති නාමල් ගුවන් තොටේ රදවාගනී… ඔහු නිසා ගුවන් යානයක් විනාඩි 45ක් නවතාගනී..”

  1. Mr. Alert says:

    මේ අය ඇවිල්ලා තියෙන්නේ රටවිරුවෝ බලන්න විතරක්ම නෙවෙයි….එහෙම ආවනම් 9 දෙනෙක් මොනවටද…??? මේවා කාගේ සල්ලිද….??? ඩුබායිවල තරු 7 හෝටල්වල බිල් ගෙවන්නේ කවුද….කන්න ඉන්න තැනක් නැතුව අනන්ත දුක් විදින මිනිසුන් ඉන්න වා ඕන තරම්….
    Hotel quarantine business එක කරන්නේත් මේ ගොල්ලෝමනේ…..ඒක අයින් කරන්න බැරි ඇයි මේ බොරු වැඩ නැතුව…???
    දැන් මේ අය ලoකාවට ගියහම quarantine වෙනවද…??? කොහෙද ….??? කාගේ සල්ලි වලින් ද….???

  2. david milibanda says:

    Why did not the flight take off? Could an ordinary passenger been able to get down the Copy of the Court ruling and hold up a flight??
    Who was responsible for not notifying the Immigration Desk or the authorities of the Court permission??
    if it happened to an Ordinary person, he/She would have been left behind and bags unloaded too………..

  3. SKF says:

    රටේ නිලධාරීන් නීතිය ක්‍රියාත්මක කල බවට මේක හොද උදාහරණයක්. අප පැතූ වෙනස මෙයයි. රස්පෙක්ට් ස’.

Main News