ඇමති නාමල් ගුවන් තොටේ රදවාගනී… ඔහු නිසා ගුවන් යානයක් විනාඩි 45ක් නවතාගනී..

March 8, 2021 at 9:20 am | lanka C news
ඇමති නාමල් ගුවන් තොටේ රදවාගනී… ඔහු නිසා ගුවන් යානයක් විනාඩි 45ක් නවතාගනී..

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විදේශ ගත වීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත (07) පැමිණි විට ඔහුට එරෙහිව අධිකරණය විසින් පනවා තිබූ ගුවන් ගමන් තහනම් නියෝගයක් ඉවත් කිරීම පිළිබඳ තොරතුරු ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත නොලැබී තිබීම නිසා, ඔහු ගමන් ගැනීමට නියමිතව තිබූ ගුවන් යානය පිටත්වීම විනාඩි 45 කින් පමණ ප්‍රමාද කිරීමට සිදුවූ බව කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කළේය.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා, රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක සහ තවත් 07 දෙනෙකු සමග උදෑසන 10.00 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.-651 දරන ගුවන් යානයෙන් ඩුබායි බලා පිටත්ව යෑමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නාමල් රාජපක්ෂ මහතා වෙත විදේශ ගුවන් ගමන් තහනම් නියෝග 02 ක් පනවා තිබිණ. ඉන් එකක් ඉකුත් 04 වැනිදා ඉවත් කර තිබූ අතර අනෙක් නියෝගයද එදිනම ඉවත් කළද, ඒ බව තැපැල් මගින් කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත දැනුම් දීමට එම අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා පියවර ගෙන තිබුණි.

ඒ අතරතුර නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා විදේශ ගත වීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ඒ වනවිටත් මෙම අධිකරණ නියෝගය අහෝසි කළ බවට වූ නියෝගය කටුනායක ගුවන් තොටුපළ වෙත ලැබී නොතිබුණි.

ඒ අනුව නාමල් රාජපක්ෂ මහතාට විදේශ ගත වීමට අවසර දීමට කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රතික්ෂේප කර තිබුණි.

පසුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා මෙම විදේශ ගුවන් ගමන් තහනම ඉවත් කළ බවට වු දැනුම් දීම කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත දැනුම් දීමෙන් පසුව, නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ඇතුළු පිරිස රැගත් එමිරේට්ස් ගුවන් යානය උදෑසන 10.45 ට කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගියේය.

– lankadeepa

92,641 views

22 Comments to “ඇමති නාමල් ගුවන් තොටේ රදවාගනී… ඔහු නිසා ගුවන් යානයක් විනාඩි 45ක් නවතාගනී..”

  1. saman says:

    මේක වුනේ රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව නිසා මිසක් නාමල්ගේ හොදක් නිසා නොවේ.

    • Banda says:

      මේව මේ සෙට් කරල කරන මාද්‍ය සංදර්ශන. නාමල් දකිද්දි ඉමිග්‍රේශන් එකේ උන්ට චූ යනව. එහෙම දෙයක් ඇත්තටම කලානම් අර නිලධාරියා ඉවරයි .

  2. dev says:

    good law is equal for every one.

  3. Upuli says:

    අප්පොච්චව නම් ගෙදර ඇරිය… බාප්පොච්චටත් ඒ සෙතේම ඉෂ්ටසිද්ධ කරල දෙයි වගේ.

    • cobra says:

      එහි ඇති විශේෂත්වය කුමක්ද ? මොකද්ද ඒ news එකෙන් රටට සිදුවන යහපත …ඔහු එතරම් බලවත්ද ?

  4. SL MAN says:

    What sort of sports he is playing these days in Dubai?

    • Unlimited Fun says:

      අපේ ආපදාවට ලක් වෙලා ඉන්න රට විරුවන් බලන්න තමා යන්නේ.
      දැන් ඒකටත් කතාවක් හදයි මැරියටී හෝටලය බලන්න ගියා කියලා.. නැත්නම් මධූෂ්ගේ දේපල පවරගන්න ගියා කියලා.

  5. Sira says:

    අපිට කොහෙද නීති ඩුබායි යන්න පුළුවන් අපිට එන්න විදිහක් නැ එක රට්ටක් එක නීතියක්

  6. Abba says:

    Not bad. Father went on tours with thousands.

  7. shamil says:

    apita ohoma deyak unoth nam plane eka winadi 45k nawathan inna ekak naha

    • Boo says:

      චන්දයක් දිනා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වී ඇමති ධූරයක් ලබා බලන්න, ඔබටත් එහෙම ලැබෙයි. නිකම්ම නිකමෙක් වෙලා අන් අයට ලැබෙන දේ ගැන ඉරිසියා කරන්නෙ මෝඩයින්. රනිලාටත් ලැබුනා, අනුරටත් ලැබුනා.

      • jerom says:

        Oba thuma kiyanne meka diplomatic right ekak kiyalada amathi kenek unama plane ekak nawatham inna puluwan wenna, nikan loketh nath neethi kiyanna enna epa, ehema deyak thiyenawa nam constitution eken thiyena thanath pennapan

  8. සමන්ත says:

    විදේශගත වී නොමැති අයට මෙවැනි සිද්ධි අලුත් දෙයක් වුවත් කෙනෙක් බොර්ඩරින් පාර්ස් එක අරගෙන ගුවන් යානයට පැමිණීම යම් විදිහකින් ප්‍රමාද වුවොත් ගුවන් යානය ප්‍රමාද වීම සිදු වෙනවා. වරක් සිංගප්පූරුවේ චන්ගි ගුවන් තොටුපලේ ජර්මනිය බලා යන ගුවන් යානයේ මගියෙකුගේ විසා ගැටලුවක් නිසා පැයක් ප්‍රමාද වුනා. එය අත්දැකීමක් පමණයිි.

  9. පොහොට්ටු පාක්ෂිකයා says:

    mewa hodayi mee harak bayyanta.

  10. Chandima says:

    නාමල් ඇමතිතුමා ඩුබායි බලා පිටත්ව වූයේ රටවිරුවන්ගේ ප්‍රශ්නයට උත්තර ලබාදී ඔවුන් ලංකාවට රැගෙන එන්නයි. එම නිසා අහස්යානය විනාඩි 45ක් නොව පැය දෙකක් පරක්කු කලත් එය රටවිරුවන්ගේ යහපත කෙරෙහි කරන කාර්යයකි

Main News