පාස්කු බෝම්බය බෞද්ධයන්ගේ වැඩක් කියා කොමිසම් වාර්තාවෙන් පේනවා..- අස්ගිරියෙන් ප‍්‍රකාශයක්

March 9, 2021 at 3:50 pm | lanka C news
පාස්කු බෝම්බය බෞද්ධයන්ගේ වැඩක් කියා කොමිසම් වාර්තාවෙන් පේනවා..- අස්ගිරියෙන් ප‍්‍රකාශයක්

පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරය ගැන සොයා බලන්නට පත්කළ ජනාධිපති කොමිෂන් වාර්තාව අනුව එය සිංහල බෞද්ධයා විසින් කරන ලද්දක් බව ජාත්‍යන්තරට පෙනී යනු ඇතැයි සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරම්පනාවේ ආනන්ද අනුනායක ස්වාමින් වහන්සේ පැවසූහ.

මේ වනවිට පෞද්ගලික අදහස් තමන්වහන්සේ දක්වා ඇති බවත් ඉදිරියේදී සංඝ සංහාවේ මතය ප්‍රකාශ කරන බවත් උන් වහන්සේ කීහ.

“පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව බැලුවහම ජාත්‍යන්තරය වුනත් හිතන්න පුළුවන් මේ දේ කලේ සිංහල බෞද්ධයා කියලා. ඒ තරමටම මේක වාර්තාව වැරදි ප්‍රතිරූපයක් නිර්මාණය වෙන විදිහේ ප්‍රකාශනයක්” යැයි අනුනායක හිමියෝ අවධාරණය කර සිටියහ.

බොදු බල සේනා සංවිධානයේ නායක පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු ජාතික සංවිධාන නියෝජනය කරමින් භික්ෂුන් වහන්සේලා පිරිසක් ඊයේ (8) මහනුවරදී හමුවූ අවස්ථාවේදී අනුනායක හිමියෝ මෙම අදහස් දැක්වීම සිදුකරන ලදි.

26,219 views

16 Comments to “පාස්කු බෝම්බය බෞද්ධයන්ගේ වැඩක් කියා කොමිසම් වාර්තාවෙන් පේනවා..- අස්ගිරියෙන් ප‍්‍රකාශයක්”

  1. රටවැසි says:

    වැඩි විස්තර ඕන නෑ , මේ ප්‍රකාශය ම එඩිට් කරල ගත්ත නම් ගොඩ .

  2. 😪😪😪😪😪😪😪😢😢 says:

    හදවත් පිරි ඉතිරී බක්තියෙ දෙව් මැදුරෙ
    නිමේශයෙන් වැනසිලම ගියේ හද අඳුරෙ
    ආගම නාමෙන් ලේ පිපාසිත මරු පඳුරෙ
    දුටුවද මනුසත් ලෙයම ගැලුව පව අඳුරෙ

  3. Sumudu says:

    මේ ඔක්කොම 2/3 තියාගන්න මුස්ලිම් උන් එක්ක දාපු කැත ඩිල් එක නිසා .

  4. 😪😪😪😪😪😪 says:

    සැම ආගමකම කියන්නේ මිනිසත් බවයි
    සැම මිනිසත් ලෙයින් මසින් සැදුනු බවයි
    සැම ශාස්තෘ පෙන්වු මිනිසත් බුද්ධි බවයි
    සැම මිනිසත් බුද්ධිය වාසි අවමාන බවයි

  5. Gota says:

    Yes I am Buddhist, but American Sinhalese

  6. kamal says:

    අවසාන හුදකලා රාත්‍රිය
    හුදකලාව නුඹ විටක සැඩයි තවත් විටක මිහිරියි අමෘතය සේ
    නුඹ ලග නැති මනුෂ්‍යත්වය මම ලබා ගත්තෙ
    බ්‍රහ්මචාරිවිමෙන් තමා
    නමුත් බ්‍රහ්මචාරි භාවය නුඹ ලග පිදුනු ඒ සුවද
    අද දින මම කැප කරන්නෙ අහිංසක යුවතියක් වන
    අජාසත්ත රජුට රැකවරනය දුන් තෙව්ලා බිරිද වෙත
    ඇය අජාසත්ත රජතුමා වෙනුවෙන් නොකල දෙයක් නැ
    නමුත් ඒ මනුෂ්‍යත්වය රැකිය යුතුයි හොදට
    නමුත් මම වෙමි කමල් නමුත් ඇයි වෙයි තෙව්ලා නෙවෙයි බුද්ධිකා
    නමුත්ඒ මනුෂ්‍යත්වය රැකුනේ කාශ්‍යප හිමියන් නිසා නොවේද
    අද දින කිරිබත්ගොඩ හිමියන් නිසා නොවේද
    පුතේ කමල් උඹට සුභ මංගලම්
    නමුත් උඹ බ්‍රහ්මචාරි ජිවිතය පුරුදු කෙනෙක්
    එබැවින් ඇ අවසරය දුන්න විටක මහණ වෙන්න
    නමුත් ඒ 2031 විය යුතුයි.

  7. Jaya says:

    ඒහේනමි තියෙන්නේ බෞද්ධයෝ ටික හලලා අනික් අයට දඩුවම් දෙන්න. ඕන් බුද්ධ ධර්මයට වෙච්ච දේයක්.

  8. john the baptice says:

    අමු ගොන් බයියෝ චන්දෙ දුන්නෙ මේවා අහගන්නද?

  9. සිරිල කදේ says:

    හිට්ලර් සාදු මොකෑ කියන්නෙ.
    අන්න ඒක තමා මම පිළිගන්නේ

  10. Demuni Uduwara says:

    How did you smell it; however it’s correct.This is monkeys and cat’s paws job.

Main News