පාස්කු බෝම්බය බෞද්ධයන්ගේ වැඩක් කියා කොමිසම් වාර්තාවෙන් පේනවා..- අස්ගිරියෙන් ප‍්‍රකාශයක්

March 9, 2021 at 3:50 pm | lanka C news
පාස්කු බෝම්බය බෞද්ධයන්ගේ වැඩක් කියා කොමිසම් වාර්තාවෙන් පේනවා..- අස්ගිරියෙන් ප‍්‍රකාශයක්

පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරය ගැන සොයා බලන්නට පත්කළ ජනාධිපති කොමිෂන් වාර්තාව අනුව එය සිංහල බෞද්ධයා විසින් කරන ලද්දක් බව ජාත්‍යන්තරට පෙනී යනු ඇතැයි සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරම්පනාවේ ආනන්ද අනුනායක ස්වාමින් වහන්සේ පැවසූහ.

මේ වනවිට පෞද්ගලික අදහස් තමන්වහන්සේ දක්වා ඇති බවත් ඉදිරියේදී සංඝ සංහාවේ මතය ප්‍රකාශ කරන බවත් උන් වහන්සේ කීහ.

“පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව බැලුවහම ජාත්‍යන්තරය වුනත් හිතන්න පුළුවන් මේ දේ කලේ සිංහල බෞද්ධයා කියලා. ඒ තරමටම මේක වාර්තාව වැරදි ප්‍රතිරූපයක් නිර්මාණය වෙන විදිහේ ප්‍රකාශනයක්” යැයි අනුනායක හිමියෝ අවධාරණය කර සිටියහ.

බොදු බල සේනා සංවිධානයේ නායක පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු ජාතික සංවිධාන නියෝජනය කරමින් භික්ෂුන් වහන්සේලා පිරිසක් ඊයේ (8) මහනුවරදී හමුවූ අවස්ථාවේදී අනුනායක හිමියෝ මෙම අදහස් දැක්වීම සිදුකරන ලදි.

26,219 views

16 Comments to “පාස්කු බෝම්බය බෞද්ධයන්ගේ වැඩක් කියා කොමිසම් වාර්තාවෙන් පේනවා..- අස්ගිරියෙන් ප‍්‍රකාශයක්”

  1. ජගත් says:

    වෙනස සැප ද ද ද ද ද?

  2. Abey says:

    If voted yahapalane things will be much horrible than this. But in Srilanka things will turn out in such a way.Not in one matter every matter.

  3. GAMINI SENANAYAKE says:

    පහුගිය මුළු කාලය පුරාම මේ රටේ ජාතීන් අතර saihidiyawa අපේක්ෂා කරන සංවිධාන ගණනාවක්ම ජාතිවාදී ආකාරයට බුද්ධාගම මෙහෙයවන්න එපා කියන එක, කියලා, ඒ වෙනුවෙන් අස්ගිරි-මල්වතු පාර්ශව විසින් සුදුසු ක්‍රියාමාර්ග ගන්ඩ කියලා, ඉල්ලීම් ගණනාවක් ඉදිරිපත් වුණා. නමුත් ඒ එකම ඉල්ලීමකට වත් මේ නායක ස්වාමීන් වහන්සේලා කිසිදු ප්‍රතිචාරයක් දැක්වූයේ නෑ. ඒවා වැඩෙන්ට ඇරලා නිකන් හිටිය. ඊට අමතරව දොස්තර සාෆිගේ ප්‍රශ්නෙදි rathanaට උපවාස කරන්ඩ දළදා මාලිගාව ඉස්සරහ පිට ඉඩ ඇරියා. දැන් මේ තියෙන සාකච්ඡාවෙන් පැහැදිලි වෙනවා, මේ ජාතිවාදී හා ආගම්වාදීන් නඩය me ayaගේ සම්පූර්ණ අනුග්‍රහය ඇතුව තමයි මේ ව්‍යාපාරය දියත් karaලා තියෙන්නෙ. නියම බුද්ධාගමේ හිමිවරු නං, thripitakayaට අනුකූලව තමුන්ගේ කෙනෙක් වුණත්, වැරදි විදියට හැසිරෙනවා නම්. ඒකට විනය නීති අනුකූලව කටයුතු කරන්න ඕනි. නමුත් ඒ විදියට කටයුතු නොකිරීමයි, මේ සාකච්ඡාවyi කියna කාරණා දෙක එකට ගැලපුවාම pahedhili වෙනවා මේ ජාතිවාදී ආගම්වාදී ඩ උල්පන්දම් දීලා තියෙන්නේ මේ නායක හාමුදුරුවරු කියලා.

  4. Gajaman says:

    Ko ada ape Sir hitiyanam mehema wihilu wenne na. Maitryt innakal ohoma tamay. Aparade Sir paradune…

Main News