අයිස් වැස්සක් වසී…

March 10, 2021 at 8:40 am | lanka C news

හැටන් ප්‍රදේශයට (09) දින පස්වරුවේ අයිස් වැස්සක් පතිත වි ඇත.

හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ හැටන් කුඩාගම ප්‍රදේශයට මෙසේ අයිස් වැස්ස පතිත වි ඇත්තේ.

(09) දින පස්වරු 3.30 ට පමණ හැටන් කුඩාගම ප්‍රදේශයට අයිස් කැට විශාල ප්‍රමාණයක් වැස්ස සමග විනාඩි 5 ක් පමණ පතිත වු බවයි ප්‍රදේශවාසින් කියා සිටින්නේ.

අයිස් වැස්ස පතිත විමත් සමග ප්‍රදේශවාසින් සිය ජංගම දුරකථනයේ අයිස් වැස්ස සටහන් කරගෙන තිබුණි.

අයිස් වැස්සෙන් පසුව හැටන් , නොර්වුඩ් , කොටගල යන ප්‍රදේශවලට පැයක පමණ කාලයක් අධික වර්ෂාවක් පතිත විය.

– හැටන් රංජිත් රාජපක්ෂ

7,047 views
Main News