පිදුරුතලාගල කඳු මුදුන අක්කර 200ක් දේශපාලන බලවතුන් හා ඔවුන්ගේ හෙංචයියන්ට…

March 11, 2021 at 12:00 pm | lanka C news
පිදුරුතලාගල කඳු මුදුන අක්කර 200ක් දේශපාලන බලවතුන් හා ඔවුන්ගේ හෙංචයියන්ට…

වර්තමානය වනවිට ශීඝ්‍රයෙන් ඉහළ යන සහල් මිල පිළිබඳ අර්බුදය තුළ කෘෂිකර්ම ඇමතිවරයා සහල් මිල පාලනය පිළිබඳ ප්‍රකාශය පුස්සක් බවට පත්ව ඇතැයි ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා ප්‍රකාශ කරයි.

මෙම ප්‍රකාශය ඉදිරිපත් වූයේ ජාතික ගොවිජන එකමුතුව මගින් කොළඹදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක් තුළදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය තුළ රජය දිගින් දිගටම අසාර්ථක වී ඇති බවත් සහ වී කිලෝ දහසක් නොදුන්නොත් පොහොර සහනාධාරය කප්පාදු කරන බවට කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් තර්ජනය කිරීම මගින් ගොවියා පීඩාවට ලක් කරමින් ඉදිරිපත් කරන ලද වී කිලෝවක් සඳහා රුපියල් 50 – 52 ක් වූ සහතික මිල අභිබවා පුද්ගලික මෝල් හිමියන් වී මිලදී ගැනීම සිදුවන බවත් මහා පරිමාණ මෝල් හිමියන්, මිල පාලනය යටතේ දණ ගසා සිටින රජය, අපේක්ෂා කරන වී මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් මිලදී ගැනීමට වුවද සමස්ත අස්වනු නෙලීමෙන් 50% ක් පිරී ඇති මේ වන විට රජය මිලදීගත් ගෙන ඇත්තේ ඉන් වී මෙට්‍රික් ටොන් 50000ක් පමණ වීම රජය වැඩපිළිවෙළ අසාර්ථක බවය.

රජයේ වී වෙනුවෙන් සහතික මිලක් නියම කළ ද සත්‍ය ලෙසම වී සහ සහල් මිල පාලනය මහා පරිමාණ මෝල් හිමියන් වෙත , නොනිල වශයෙන් සිදුකරන බවත් එය නිල නොවන වශයෙන් ඔවුන් වෙත පැවරීම වෙනුවට සුළු හා මධ්‍යම පරිමාණ මෝල් හිමියන් බලාත්මක කිරීම මගින් ගොවියාත්, සුළු හා මධ්‍ය පරිමාන හාල් මෝල් හිමියාත්, පාරිභෝගිකයාත් යන තුන් ඈදුතු කණ්ඩායම රැකිය යුතු බවද පෙන්වා දෙයි.

මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් ජාතික ගොවිජන එකමුතුවේ අධ්‍යාපන ලේකම් කේ.පී.ඩී. කරුණානායක මහතා කියා සිටියේ ශ්‍රී ලාංකීය මාතෘ භූමිය හිස් මුදුන වන් පිදුරුතලාගල කඳු මුදුන පිහිටි ඇපල් ෆාම් නම් අක්කර 200ක් පමණ භූමිය නුවරඑළිය දිස්ත්‍රික්කයේ දේශපාලන බලවතුන් හා ඔවුන්ගේ හෙංචයියන් විසින් තම පුද්ගලික අයිතියට පවරා ගෙන ඇති බවය. 1970 දශකයේ ආරම්භ වන මෙම වගා භූමිය අද වන විට කෝටිපති ව්‍යාපාරිකයන් අතට පත්ව ඇති වා සේම රිෂාද් බදූර්දීන් හිටපු ඇමතිවරයා විසින් සිදුකරන ලද විල්පත්තු වන සංහාරය පිළිබඳව දුන් අධිකරණය දුන් තීන්දුව ක්‍රියාත්මක නොවීම පිලිබදව ද ඔහු පෙන්වා දෙයි.

අවසාන වශයෙන් මෙම මාධ්‍ය හමුවට එක්වූ ජාතික ගොවිජන එකමුතුවේ පාලක ලේකම් කමල් බණ්ඩාර මහතා කියා සිටියේ මේ වන විට හේන් වගාව ආශ්‍රිතව සිදුවන වන සතුන්ගේ හානි පූර්ණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස්කර ඔවුන්ට වන්දි ගෙවීමේ ක්‍රමවේදයක් ද සකසා දෙන ලෙසය.

අනුරාධ තෙන්නකොන්
සභාපති
ජාතික ගොවිජන එකමුතුව

 

14,929 views

6 Comments to “පිදුරුතලාගල කඳු මුදුන අක්කර 200ක් දේශපාලන බලවතුන් හා ඔවුන්ගේ හෙංචයියන්ට…”

  1. ගොන් බයියා says:

    respat sir

  2. ටිකිටි says:

    මුලින්ම මිනිස්සු ස’ කිව්වා,ඊළඟට ඩෝ ස’ කිව්වා.. දැන් කියන්නේ විනා ස’ කියලයි.

  3. රන්වල says:

    කෙස් ගස් හැර ඉතුරු සියලු ගස් වැනසීමටත් කදු සියල්ල බිමට සමතලා කොට රටම සමතැනක් කිරීමටත් ඇලදොල වැව් වනසා අරාබි සිරිය ලබා දීමටත් ඩෝසර් ඇතුලු ආණ්ඩුව ගෙන යන වැඩපිලිවෙලට උත්තමාචාරය .බදුර් නානා ගිය මාවතේ ඉදිරියටම යමු.

  4. SL Revolution says:

    අවුරැදු 72ක් ක්‍රියාවට නැගූන රාජ්‍යය අසමත් රාජ්‍යක් (Failed State) බව අද සක්සුදක් සේ පැහැදිලිය.රට ගලවා ගත හැකි එකම මොඩලය සමාජවාදයේ මූලධර්ම මත පදනම් රාජ්‍යයක් පමණි.සමාජවාදයේ මූලධර්ම මත පදනම් රාජ්‍යයක් තුල සියලු ධ්‍රැවීකරණයන් අවමවේ,රටේ භූමිය පොදු රාජ්‍ය දේපල වීම තුල ඉඩම් පිලිබඳ පුද්ගලික අයිතිය අහෝසිි වී නිජබිම් උන්මාදයද,දේපල අත්පත් කරගැනීමේ වියරැවද සුවවේ.
    SL Revolution යනු ලංකාවේ විද්‍යාත්මක,අධ්‍යාත්මික,සාධාරණ “අනාගත විසදුමයි”.
    එය පසුගිය අවුරැදු 72ක දේශපාලනයට සම්බන්ධයක් නැති හා එහී කොටස්කරැවන් නොවූ,නොවන එම‌න්ම වත්මන් දේශපාලන පක්ෂ,සන්ධාන හා පෙරමුණු වලට පරිබාහිර වූ උපතකි.

  5. Aniwa says:

    What a great decision, deforestation is needed to develop a nation! respect sir!

  6. HMC Udaya says:

    SL revalution mean….Bullshitt.

    How they manage social media platform.

Main News