ඇමති විමල් දුම්බීම ප්‍රවර්ධනය කලාට විරෝධය.. කැබිනට් මණ්ඩලයෙන් එලවන්නැයි කියයි..
March 18, 2021 at 10:26 pm | lanka C news
දුම්බීම ප්‍රවර්ධනය කිරීම වැරදි සහ නීති විරෝදී කටයුත්තක් බවත් හරිනම් විමල් වීරවංශ ඇමතිවරයා කැබිනට් මණ්ඩලයෙන් එලවා දැමිය යුතු බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.
කුරුදු දුම්වැටියක් හදුන්වා දීමට අමාත්‍ය විමල් වීරවංශ මහතා මාධ්‍ය හමුවක් පැවැත්වීම ගැන අදහස් පල කරමින් ඔහු ඒ බව කීය.
කුරුඳු දහන වීමෙන් ඇති වන දුම පෙනහළුවලට අහිතකර නැතැයි කිසිදු පර්යේෂණයකින් තහවුරු වී නැතැයිද සේනාරත්න මහතා පැවසීය.
පසුගිය ආණ්ඩුවේ තමන් සෞඛ්‍ය ඇමති ලෙස සිටියදී මෙම යෝජනාව ඉදිරිපත් වූ බවත් ඒ ගැන කල සොයාබැලීමකදී කුරුඳු දුම ශරීරයට අහිතකර නැතැයි කිසිදු පර්යේෂණයකින් තහවුරු කර නැති බවට තහවුරු වූයේ යැයිද ඔහු කියා සිටියේය.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.
Wimal, you damaged your political career unrecoverable manner. we are no longer with you whatsoever happen to you. Mechcharama modayek kiyala hithuwe naha appa!
ශ්‍රී ලංකා සමාජවාදී ප්රජාතන්ත්රවාදී ජනරජය කියන්නේ හිරගෙයක්නේ. මේකෙ හරක් මස් කන්න බැහැ, සිගරට් බොන්න බැහැ, බියර් එකක් බොන්න බැහැ. ඒ වුනාට කුඩු, ගංජා, විකුණන්න, ගහන්න පුළුවන්. කුකුල්ලු ගස්වල හැදෙන නිසා එකෙක් එහෙමම කෑවත් පව් නැහැ. ඕනෑම ක්‍රියාවක් වැරදියි කියල ඔප්පුකරන්න තර්ක ගොඩනගන්න ලෝයර් පොරවල් වැහි වැහැල. ජයවේවා! ශ්‍රී ලංකා, ඉල්ලංකා.