අල්ලස් කොමිසම නඩුව අස්කර ගනී… රෝහිත නිදොස් කොට නිදහස්…
March 19, 2021 at 12:00 pm | lanka C news
වරාය ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතාට විරුද්ධව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් පවරා තිබූ නඩුවෙන් ඔහු නිදොස් කර නිදහස් කිරීමට අද කොළඹ මහාධිකරණය නියෝග කළේය.
අල්ලස් හෝ දූෂණ කොමිසන් සභා විසින් ඔහුට කොළඹ මහාධිකරණය හමුවේ චෝදනා ගොනුකර තිබුණේ රුපියල් ලක්ෂ 412කට වඩා වැඩි වටිනාකමින් යුත් දේපල හා මුදල් අයථා අන්දමින් උපයා ඇති බවටයි.
නමුත් අද දිනයේ අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී තිබුණේ අල්ලස් පනතේ ප්රතිපාදන වලට පටහැනිව මෙම නඩුව ගොනුකර ඇති නිසා එය ඉල්ලා අස්කර ගන්නා බවයි.
ඒ අනුව චෝදනා ඉවත්කර ගත් හේතුවෙන් විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියෝග කළේය.
මහජන මුදල් කාබාසිනියා කරන කොමිෂන් සභා අහොසි කරානම් ඔයට වඩා හොදයි.
කොහෙන් කව්රු නිදහස් කරත්, තමුන්ගේ හිත දන්නවා කරපු පාදඩ වැඩ මොනව ද කියලා .එතනින් නිදහස් වෙන්න නම් ලේසි නැහැ සර්.වෙලාවට කලාවට ඒවට දඩුවම් ලැබේවි.
අල්ලස් කොමිසමත් නිදහස් කරන්න දැන් කාලෙ හරි.අපිට ඕනෙ අපේ සල්ලි බොරුවට වියදම් නොකර නිදහස් කර ගන්න.
දැන් මේකත් දේශපාලන පළිගැනීම් වලට දාපු නඩුවක් වෙන්න ඇති ඒකනේ නිදොස් කොට නිදහස් කරන්නෙ මුන්ටයි මේ නඩු අයින් කරන්න උදව් කරන සියලු දෙනාටම හෙන ගහපන්
Harima Saralai… Nee—ya, Mee Wage Ayata…… Mona Wibaga Pass Karan… Mona Vidiye Adum Adan Aawath…. Heluw Wahanna Behe…. Kiyana Eka Ahanna One….!