අල්ලස් කොමිසම නඩුව අස්කර ගනී… රෝහිත නිදොස් කොට නිදහස්…

March 19, 2021 at 12:00 pm | lanka C news
අල්ලස් කොමිසම නඩුව අස්කර ගනී… රෝහිත නිදොස් කොට නිදහස්…

වරාය ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතාට විරුද්ධව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් පවරා තිබූ නඩුවෙන් ඔහු නිදොස් කර නිදහස් කිරීමට අද කොළඹ මහාධිකරණය නියෝග කළේය.

අල්ලස් හෝ දූෂණ කොමිසන් සභා විසින් ඔහුට කොළඹ මහාධිකරණය හමුවේ චෝදනා ගොනුකර තිබුණේ රුපියල් ලක්ෂ 412කට වඩා වැඩි වටිනාකමින් යුත් දේපල හා මුදල් අයථා අන්දමින් උපයා ඇති බවටයි.

නමුත් අද දිනයේ අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී තිබුණේ අල්ලස් පනතේ ප්‍රතිපාදන වලට පටහැනිව මෙම නඩුව ගොනුකර ඇති නිසා එය ඉල්ලා අස්කර ගන්නා බවයි.

ඒ අනුව චෝදනා ඉවත්කර ගත් හේතුවෙන් විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියෝග කළේය.

19,592 views

16 Comments to “අල්ලස් කොමිසම නඩුව අස්කර ගනී… රෝහිත නිදොස් කොට නිදහස්…”

  1. Upali says:

    ජයවේවා…! අපගේ තවත් එක් පැතුමක් එසේ ඉටු වූ වගයි. (ආයෙ පාරක් ජයවේවා…!)

  2. Sam says:

    ඔක්කොම හොර තක්කඩි ටික නිදොස් කොට නිදහස් කරනව. නමුත් නොකල වරදකට දුමින්ද සිල්ව හිරේ දුක් විදිනවා. ගොන්ජටයි හිරුනික්ටයි බයේ දුමින්ද සිලවා නිදහස් කරන්නේ නෑ. මෙහෙමත් නිවට පාලකයෝ.

  3. Silly Point says:

    Not surprising.Everyone connected to Pohottuwa ‘nidos saha nidahas’. What a country!

  4. Mohan says:

    සර් සර් කියලා හැ….. උන්ට දැන් සැපද?

  5. ශිරාන් says:

    වැඩ කොරන අපේ බයියා.
    මව්බිමට හොදට කෙලියා..

    හොර කරන කෙනෙක් වේනම්..
    ඒ ඔබයි අපේ බයියා..

  6. Jagath says:

    ජයවේවා ජයවේවා ඔහොම යන්……..

  7. Darshana abayakoon says:

    හාල් පොල් ගනන් නිසා බය්යොන්ට පුලුවන් සීනි ටිකක් කටේ දාගෙන ජයග්‍රහනය සමරන්න.

  8. weerasinghe says:

    අපේ ජනපතිදුන් දුන් පොරොන්දු යටතේ රටට ජාතියට නිදහස ලබාදෙන වගයි
    රටම නිදොස් කොට නිදහස්…

  9. Samarakoon says:

    Okkomala nidos nidahas. Munge eathkam balaw henahathama wedewa daruwsntath ansabagaya hedewa

  10. goyya says:

    වැඩ කොරන අපේ බයියා.
    මව්බිමට හොදට කෙලියා..

    හොර කරන කෙනෙක් වේනම්..
    ඒ ඔබයි අපේ බයියා..

Main News