විශාල රක්ෂිත ඉඩම් ආණ්ඩුවට සහාය දුන් පිරිස්වලට බෙදාදිමට සූදානම්..

March 21, 2021 at 3:00 pm | lanka C news
විශාල රක්ෂිත ඉඩම් ආණ්ඩුවට සහාය දුන් පිරිස්වලට බෙදාදිමට සූදානම්..

රටේ සහල් මිල ඉහල ගොස් ඇති බවත්,සහල් මිල තිරණය කරනු ලබන්නේ රජය විසින් හෝ කෘෂිකර්ම අමාත්‍යවරයා නොවන බවත්, සහල් මිල තිරණය කරනු ලබන්නේ මේ රටේ සහල් මෝල් හිමියන් කිහිප දෙනෙකු බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පා.ම සහ මධ්‍යම කාරක සභික වෛද්‍යය නලින්ද ජයතිස්ස මහතා පැවසිය.

නලින්ද ජයතිස්ස මහතා ඒ බැව් කියා සිටියේ සිස්ටම් ෆෙල් යන මැයෙන්  මස්කෙලිය පි.එම්.ඩි ශාලාවේ පැවති සම්මන්ත්‍රණයක් අමතමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ මේ රටේ වන සංහාරය දිගින් දිගටම සිදු වන බවත්, එයට හඩක් නගන පරිසර සංවිධාන, පරිසරයට හිත ඇති පුද්ගලයින් , වන සංරක්ෂණය සම්බන්ධයෙන් හඩක් නගන සමාජ මාධ්‍යය ජාලා සහ මාධ්‍යය පාලනය කිරිමට රජය කටයුතු කරමින් සිටින බවයි.

මේ රටේ විශාල රක්ෂිත ඉඩම් රජයට සහයෝගය දැක්වු පිරිස් වලට කෘෂිකර්මාන්තය සදහා ලබාදිමේ සැලසුමක් මේ දිනවල ක්‍රියාත්මක වෙමින් පවතින බවද නලින්ද ජයතිස්ස මහතා පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

11,119 views
Main News