බැදුම්කර වංචාවට සම්බන්ධ එජාපයේ කිසිවෙකුට ජනතාව ජන්දය දුන්නේ නෑ…

March 22, 2021 at 4:40 pm | lanka C news
බැදුම්කර වංචාවට සම්බන්ධ එජාපයේ කිසිවෙකුට ජනතාව ජන්දය දුන්නේ නෑ…

බැදුම්කර වංචාවට සම්බන්ධ එක්සත් ජාතික පක්ෂයේ කිසිවෙකුටත් මේ රටේ ජනතාව බලයට ඒමට ජන්දය ලබානොදුන් බව ජාතික සමගි ජන බලවේගයේ අම්පාර දිස්ත්‍රික් පා.ම චමින්ද විජේසිරි මහතා පැවසිය.

චමින්ද විජේසිරි මහතා ඒ බැව් කියා සිටියේ පාස්කු ප්‍රහාරය සහ රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිලිබදව නාවලපිටිය ප්‍රදේශයේ සමගි ජනබලවේගයේ සමාජිකයන් දැනුවත් කිරිම සදහා (21) දින නාවලපිටිය නගරයේ පැවති සම්මන්ත්‍රණයක් අමතමිණි.

මෙම සම්මන්ත්‍රණය නාවලපිටිය නගර සභාවේ සභාපති සසංක සම්පත් සංජිව මහතා විසින් සංවිධානය කර තිබුණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු චමින්ද විජේසිරි මන්ත්‍රිවරයා කියා සිටියේ 2024 වසරේ මේ රටේ ජනාධිපතිවරණයට තරග කිරිම සදහා තම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කිරිම සදහා තම පක්ෂය මේ වන විට රටේ ජනතාව දැනුවත් කර පෙලගස්සවමින් යන බවයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කල ජනාධිපති කොමිසමේ කොමිෂන් වාර්තාව මේ රටේ කිසිවෙකුට පිලිගත නොහැකි බවද චමින්ද විජේසිරි මන්ත්‍රිවරයා පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

9,788 views

4 Comments to “බැදුම්කර වංචාවට සම්බන්ධ එජාපයේ කිසිවෙකුට ජනතාව ජන්දය දුන්නේ නෑ…”

  1. Saradiel says:

    .මුන්සේරම රනිල්ට කඩේගිය පිරිස මුන්ට රැවටෙන්න එපා.

  2. NARAYANA says:

    So, How MODA BRIDGE Harsha de Silva win who is footnote leader

  3. Ayotallah says:

    On similar terms any member of the present government who votes for giving the western region of colombo port to India will face the similar fate

  4. Lebbe says:

    Kalawaddayi, Harshayi gathte nadda. ? ahuwena boru.

Main News