රට සිට ඇවිත් තුන් ලක්‍ෂයක් ගෙවා හෝටලයක නිරෝධායන වුනු අයෙකුට හමුදා නිලධාරියෙක් කණ පැලෙන්න ගහයි.. වහාම රෝහලට…

March 25, 2021 at 11:20 am | lanka C news
රට සිට ඇවිත් තුන් ලක්‍ෂයක් ගෙවා හෝටලයක නිරෝධායන වුනු අයෙකුට හමුදා නිලධාරියෙක් කණ පැලෙන්න ගහයි.. වහාම රෝහලට…

විදෙස් රටක සිට පැමිණ බෙන්තොට ප්‍රදේශයේ සංචාරක හෝටලයක නිරෝධායන වෙමින් සිටී වාරියපොල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට යුද්ධ හමුදා නිලධාරියකු සිදුකළ බව කියන පහරදීමක් හේතුවෙන් එම පුද්ගලයා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇතැයි නාගොඩ රෝහල් පොලිසිය අද (25) පැවසීය .

මෙලෙස පහර කෑමකට ලක් ඇතැයි කියන සම්පත් එදිරිසිංහ නැමැති පුද්ගලයා කුවේට් සිට මෙරටට පැමිණි කණ්ඩායමක අයෙකු වන අතර එම සංචාරක හෝටලයේ නිරෝධායන මධ්‍යස්ථානය භාරව සිටින ගාල්ල ප්‍රදේශයේ හමුදා කඳවුර කින් පැමිණ ඇති නිලධාරියකු මෙම පහරදීම සිදු කර ඇතැයි පැවසේ .

නිරෝධායනයවෙමින් සිටී එම පුද්ගලයා ඊට අදාළ ගාස්තු වශයෙන් රුපියල් දෙලක්ෂ අනු දහසක මුදලක් එම හෝටලයට ගෙවා ඇති බවත් එහිදී සේවා සැපයීමේදී සිදුවී තිබෙන අඩුපාඩු සම්බන්ධයෙන් ඇති වූ කතා බහක් මෙම පහර කෑමට හේතු වී ඇතැයි සඳහන් කරයි .

එම පහර කෑමට ලක්වූ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයාගේ එක් කන්බෙරය එකට මෙයින් හානි සිදුවී ඇතැයි ඔහු පරික්ෂා කළ වෛද්‍යවරුන් නිගමනය කර ඇතැයි රෝහල් ප්‍රකාශකයා සඳහන් කළහ .

කළුතර නාගොඩ රෝහලේ 17 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටී න එම පුද්ගලයා ගේ තත්ත්වය බරපතළ නොවන බව වත් රෝගියාට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතු කර ඇතැයි කළුතර නාගොඩ මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය තඹර කළුබෝවිල මහතා ගෙන් අද 25 පෙරවරුවේ කළ විමසීමේදී පැවසීය.

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

85,273 views

33 Comments to “රට සිට ඇවිත් තුන් ලක්‍ෂයක් ගෙවා හෝටලයක නිරෝධායන වුනු අයෙකුට හමුදා නිලධාරියෙක් කණ පැලෙන්න ගහයි.. වහාම රෝහලට…”

  1. Rathu says:

    හොඳවැඩේ. ඕකුන් හිතන් ඉන්නේ මෙහෙ ඉන්නෙ පෝන්නයෝ කියලා. දැක්ක නේ airport එකේදි වෙච්ච සිද්ධි.
    ඒත් ඕකේ දෙපැත්තම බලන්න ඕනේ. හමුදා නිලධාරීන් විනීතව හැසිරුණත්, උන් එයාලව provoke කරන්න ඇති

    • Sanjeewa Ga says:

      So when provoked Army/ Police can hit someone/anyone, is that what you say?

    • Nihal says:

      ප්‍රවෘත්තියක් විතරක් බලල නොදන්නා දෙයක් ගැන comment දෙන පිස්සු හාදයෙක්.

    • Ajith Newe says:

      Mokekda mee… Ubata Army kaarayek gahuwath uba hoda kiyanawada? lol

    • aniwa says:

      අනිවා මචෝ
      රණ විරුවෙක් නම් ඉතින් කරන්න දෙයක් නෑ
      රණ විරුවන්ට කිසිවිටක නීතිය අදාළ නොමැත
      ජය වේවා රණ විරුවනි තව තවත් කණේ පාරවල් දීමට ලැබේවා
      ජය වේවා අපේ අප්පච්චි ජය වේවා අපේ ගෝටා ස

  2. මැදමුලනෙ මුත්තා says:

    රට විරැවො කියල රට ඉදන් ඇවිත් ගෝඨාභය දිනෙවිවෙ කනේ පාරවල් නොකා අඩු මිළට සීනි කන්නද?

    • SK Sira says:

      නෑ මූ ඡන්දේ දාන්න ආවේ නෑ ලු. පරිසර උද්ඝෝෂනෙට ආපු එකෙක් ලු

  3. වන්නියා says:

    ඔය ගහලා තියෙන්නේ වෛරස් එක හරියටම තෝර ගන්න ( සරුපයො කාල ආවාම වෙද මහත්තය ත් එන එකාගෙ කනට ගහනව නේ ) දේශීය වෛද්‍ය කෙරේම සහ විධි .

  4. නයා says:

    මේක විහිළුවක් නෙවෙයි,
    මේ හමුදා නිලධාරියාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ නැතිද?
    මෙවන් අමන හමුදා නිලධාරීන් රණවිරුවන් නොවෙයි මොවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුමයි

    • Citizen says:

      තොපි වගෙ අමන අවජාතකයින්ගෙ වචන අහන්න හමුදා නිලදාරින් නිකමුන් නොවෙයි. පිටරටවල් වල කකුස්සි හොදපු උන් ලන්කාවට ආවම දෙන ටොක්ස් වලට දෙන්න තියෙන්නෙ කන නොවෙයි පුක පැලෙන්න.(නිරොධායන මාෆියාවට ආණ්ඩුව මිසක් හමුදාව වගකිවයුතු නැහැ)

  5. බයි විරුවා says:

    අනේ අපිට නම් කනේ පාරවල් ගහල මදි. අපි ආස රෙවෙන්න පුකේ අරිනවට. ඒකනෙ අපි හැමදාම පොහොට්ටුවටම චන්දෙ දෙන්නෙ.

  6. On The Spot says:

    රණ විරුවෙක් රට විරුවෙකුට ගහල​.සිංහරාජෙ වැව් දෙකක් හදනව​.කැළෑ කපන්නෙ ඇමර්සන්වල.කෘඩියා ශෙලනිකා ගා ගලවල වෙන තැනක ඉටෝනව​.ජිනීවා සූත්තරේට අනුව මමයි ජනාධිපති.අවුරුද්දට පිළිකා පොල්තෙල්.ඇවිල්ල ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා..

  7. ඩයස්මි says:

    ඩයස්මි ගෝටාබය දිනවුනු රිසින් ඉතාලියෙ සිට ආමි රනවිරු ගායෙන් දැඩි සේ පෙලෙමි.

  8. පූට්‍ටුවේ දේශප්‍රේමී says:

    රණවිරුවා VS රටවිරුවා.

  9. Banda says:

    Hamudave inna nugath ayava mevage than valatata Dana hoda naha

  10. Boris says:

    Already arses are on fire at Geneva, careful, these kinds of atrocities will also get there very soon. How dare that bloody mad donkey to slap a fellow countryman? After all, he is one of those who contributed the foreign exchange? This kind of uneducated bastards should be kicked out of army

Main News