විමල් කිරින්දේ ගියේ ඉල්මනයිට් නිධියෙන් ලොකු කුට්ටියක් කඩාගන්න..? නූගත් පාක්‍ෂිකයන් චූන් වෙලා..- මහින්ද පතිරණ

March 28, 2021 at 11:20 am | lanka C news
විමල් කිරින්දේ ගියේ ඉල්මනයිට් නිධියෙන් ලොකු කුට්ටියක් කඩාගන්න..? නූගත් පාක්‍ෂිකයන් චූන් වෙලා..- මහින්ද පතිරණ

ඇමති විමල් වීරවංශ කිරින්දේ ඉල්මනයිට් නිධිය සම්බන්ධයෙන් උනන්දු වන්නේ ලොකු කුට්ටියක් ලැබෙන නිසාදැයි සොයා බැලිය යුතු බව ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ මහතා පවසයි.

තම සමාජ ජාල ගිණුමේ තැබූ සටහනකින් ඔහු පවසන්නේ ඇමතිවරයාගේ ඊයේ ක‍්‍රියාවෙන් තම නූගත් පාක්‍ෂිකයා චූන් කල හැකි බවයි.

ඔහු විසින් තබා ඇති සම්පූර්ණ සටහන මෙසේය.

”කිරින්ද වැලි නිධිය මේ වන තෙක් කිසිදු සමාගමකට මෙහෙයුම් සඳහා ලබා දී නැත. ඒ පිළිබඳ විශේෂඥයින් විසින් සකසන ලද යෝජනාවලි කිහිපයක් තිබෙන අතර විවිධ අය විවිධ යෝජනා ගැන කතා කරමින් ඇත. විමල් වීරවංශ ඇමතිවරයා එම ස්ථානයට යන්නේ ඒ අතරය. ඔහු කල්පනා කළේ තම ව්‍යාජ දේශප්‍රේමි සළුව ඇඳ ගැනීමට මෙය නියම අවස්ථාවක් බවයි.

ඒ හරහා තම නූගත් පාක්ෂිකයා චූන් කළ හැකිය. එහෙත් සත්‍ය තත්වය ඔහුගේ චූන්වාදයට බොහෝ දුරින් බව නම් කිව යුතුව ති⁣බේ.

වැලි නිධිය, අදාළ ප්‍රදේශයේ ජනතාවට ද ප්‍රතිලාභ ලැබෙන ලෙස කැනීම් කටයුතු සිදුකර මෙම වැලි අගය එකතු කිරීමක් සහිතව අපනයනය කිරීමට ආණ්ඩුව කටයුතු කරනු ඇත. එසේ තිබිය දී එම ප්‍රදේශයට ගොස් තම බාල දේශපාලන බංකොළොත්බව බව පෙන්වීමට ඇමතිවරයා කටයුතු කිරීම නම් සැබැවින්ම කණගාටුදායක වේ.

මේ මොහොතේ ලංකාවේ ටයිල් කර්මාන්තය නැගෙමින් තිබිය දී පිටරටින් ටයිල් ගෙන්වීම හරහා එම දේශීය කර්මාන්තය බිම දැමීමට කටයුතු කරන විට නොතිබු දේශප්‍රේමය කිසිදු තීරණයක් තාමත් නැති වැලි නිධිය සම්බන්ධයෙන් මතු වෙන්නේ ඒ හරහා ලොකු කුට්ටියක් ගැනීමට අවශ්‍ය නිසා දැයි සොයා බැලිය යුතුය. මේ අතර තවත් සොයා බැලිය යුතු කරුණක් වන්නේ පුල්මුඩේ ඛණිජ වැලි ඩොලර් 180කට පමණ විකිණිමට රජය විසින් යෝජනා කර තිබිය දී ඒවා ඒවා ඩොලර් 140කට දෙන්නේ කුමන හේතුව නිසා ද යන්නයි.”

35,175 views

37 Comments to “විමල් කිරින්දේ ගියේ ඉල්මනයිට් නිධියෙන් ලොකු කුට්ටියක් කඩාගන්න..? නූගත් පාක්‍ෂිකයන් චූන් වෙලා..- මහින්ද පතිරණ”

  1. සකු says:

    20% කොමිස් කාක්ක ගෙ ගොට්ට මහින්ද පතිරණ .

  2. කුසුම් දල්පදාදු says:

    මහින්ද පතිරණ කියන්නේ රෙදි නැතිව කඩේ යන අමු ගොන් හරකෙක්. උගේ ආචාර්ය උපාධිය හොඳයි වලං අල්ලන්න. මෙහෙව් බූරුවෝ නිසා ලංකාවේ උගත්තු කියන මුළු කොටසම කුණු කූඩෙට දානවා මිනිස්සු.

  3. බෝලේ says:

    පහින්ද මතිරණ කියන්නෙ කටින් ලබු හිටෝන පිස්සෙක්… පෝය ලං වෙනකොට අමාරුව තදවෙනවා… ලෙඩේ හැටි.

  4. George Fernando says:

    කාලකන්නි , කොමිස් බෙදා ගන්න දගලනවා. විමල් කිව් විධියට කරනවානම් වැඩියෙන් ප්‍රතිලාභ භාන්ඩාගාරයට එනවාදැයි තාර්කිකව ඔප්පු කරන්න. දනට කරන විධියෙන් අගය එකතු කරන්නෙ මොන විධියට ද කියල අනෙක් පාර්ශවය කියන්නඕනා. එකෙ 180 ව 140 ට අඩුවෙනව කියන කතාවත් බොලදයි. සැබෑ තත්වය පැහැදිලි කරල නැහැ .

Main News