දියවන්නාවේ ජලය කහ පාට වූ හේතුව ජොන්ස්ටන් සොයාගනී…

March 29, 2021 at 6:28 am | lanka C news
දියවන්නාවේ ජලය කහ පාට වූ හේතුව ජොන්ස්ටන් සොයාගනී…

පළාත් සභා මැතිවරණය තියන්න තිබ්බෙ මීට කලින්. ඒක වැලැක්වුවෙ ප්‍රේමදාස මහත්තයා හිටපු යහපාලන ආණ්ඩුව. ප්‍රාදේශීය සභා ඡන්දය තිබ්බේ නැහැ. අවුරුදු දෙකක් කල් දැම්මා. එයින් ඔවුන් පැරදුනා. ඔවුන් පළාත් සභා පනත වෙනස් කරා. ප්‍රාදේශීය සභා ඡන්දය පැරදුන නිසා පළාත් සභා මැතිවරණය නොතියන්න කටයුතු කළා. ඕනම ඡන්දයක් කලට වෙලාවට තියන්න ඕනා. අපේ මතය නම් කලට වෙලාවට ඡන්දය තියන්න ඕන කියන එක. අපිත් ඡන්දය තියන්නේ නැති එකට විරුද්ධව පෙනී හිටිය අය. මේ රටේ ඡන්ද කලට වේලාවට තිබිය යුතුයි. ඒක ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්.

මමත් මුලින් හිටියේ පළාත් සභාවේ. අදටත් ඒ පලාත් සභාව තියනවා. ඒකෙ රාජ්‍ය නිලධාරීන් සේරම ඉන්නවා. නැත්තෙ ජනතා නියෝජිතයන් විතරයි. සමහරු පලාත් සභා අවශ්‍ය නැහැ කියලා කියයි. නමුත් හෙට පලාත් සභා අවශ්‍ය නැහැ කිව්වොත් රාජ්‍ය නිලධාරීන් ඉතුරු වෙනවා. පලාත් සභා නැහැ කියලා පලාත් සභා වල රාජකාරී කරන රාජ්‍ය නිළධාරීන්ව ගෙදර යවන්න බැහැ. පලාත් සභා වලින් දේශපාලනඥයන්ට කරන වියදම් විතරයි අඩුවෙලා තියෙන්නේ. පලාත් සභාව හොද නැත්නම් ව්‍යවස්ථාවක් ගෙනත් ඒක වෙනස් කළ යුතුයි. නමුත් අද වෙද්දි නීත්‍යානුකුලව පලාත් සභාව තිබිය යුතුයි. ඒ නිසා ඉදිරියේ දී පලාත් සභා ඡන්දය පැවැත්වෙනවා .

මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ අදහස් පල කලේ පසුගිය දා කුරුණෑගල දිස්ත්‍රික්කයේ කෙබෙයිගනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා …

දැන් විපක්ෂයේ අලුත්ම නාටකය තමයි දියවන්නාවේ වතුර කහපාට වෙලා තියනවා කියන එක. එතුමාගෙ තාත්තා ජනාධිපතිවෙලා ඉන්න කාලේ පාර්ලිමේන්තුව ඉදිරිපිට පොකුණේ වතුර ටික යවන්නේ දියවන්නා ඔයට. නමුත් දැන් දියවන්නාවෙ වතුර කහපාට වෙලා තියෙන්නේ ඒ වතුර යවලා නෙවෙයි. ඇල්ගී විශේෂයක් ඇවිත් තියනවා මේ වතුරට. මේ තත්ත්වය මාස දෙකක් පුරාවට තියෙනවා. මේ සම්බන්ධ වාර්තා මම හොදින් බැලුවා.

ඒ වතුරේ ස්වරූපයටත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් අල්ලාගෙන මතයක් ගොඩනගන්න විපක්ෂය හදනවා. තමන්ගේ පාර්ලිමේන්තුව පහලට දමන්න හදනවා. මේ තමයි ඔහු කටයුතු කරන ආකාරය. ඔහු තමයි ඔහුගේ නිවාස හදන ව්‍යාපෘතියෙදි ගස්කපනව බලාගෙන හිටිය නායකයා. ඒ වගේම රිෂාඩ් බදියුර්දීන් අක්කර සිය ගානක් කපද්දි නිශ්ෂබ්දව හිටපු නායකයා තමයි අද මේ දැන් අපේ ආණ්ඩුව ගස් කපනවා කියලා ඇගිල්ල දික්කරලා කෑගහන්නේ. අපි පරිසරයට ආදරෙයි. අපි අපේ අමාත්‍යාංශය හරහා විතරක් පැල මිලියනයක් රෝපණය කරන්න බලාපොරොත්තු වෙනවා. දැනටත් අපි පැල 75,000 තවන් දාලා තියෙනවා. ඒ නිසා මම කියන්නේ මේක පරිසරයට ආදරය කරන ආණ්ඩුවක් කියලා. ඔවුන් තාවකාලික වින්දනයක් ලබනවා අපි පරිසරයට හානි කරනවා කියලා.

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය

35,184 views

10 Comments to “දියවන්නාවේ ජලය කහ පාට වූ හේතුව ජොන්ස්ටන් සොයාගනී…”

  1. gonsira says:

    Me jonee gavwaya muttra kireema nisa diyawannwe watura kahapata viya

    • සමිතා මැදින් කොටුව says:

      දියවන්නාවේ ජලය කහ පාට වුනේ කසිප්පු ජොනියා පෙරපු කසිප්පු ගෝඩා බැරල් එකක් දියවන්නා ඔයට පෙරලිලා? හත්පොලේ ගූ ගාගෙන සෙරෙප්පු සූප්පු කරන සක්කිලි කම්බා හොර වන්දිබට්ට ගවයෝ තමයි හැමදාම රාජපක්ශලා විනාශ කලේ.

      • ශිරාන් says:

        දැන් මූව හොර තක්කඩියා කියලා දැන දැනම ඡන්දෙ දීලා පත් කොරගත්තේ බයියෝ නෙවේද.

        • Ajith says:

          ගිය ආණ්ඩුව කල එකම හොඳ වැඩේ තමයි පළාත් සභා චන්දය නොතියා හිටිය එක.
          ශ්‍රී ලංකාවේ ජනතාව කලයුත්තේ මේ හම්පඩ දේශපාලකයන් නඩත්තු කරන එකමද?
          පළාත් සභා නැතිව රට හොඳින් කරනවා නේද? ඇයි අපි තවත් කණ්ඩායමක් නඩත්තු කලයුත්තේ. ඒ අයට වෙනත් රටට වැඩක් වෙන රක්ෂාවක් කරන්න කරන්න බැරිද? මෙච්චර පාලකයන් තොගයක් රටේ හිටියත් ලංකාව තවමත් තුන්වන ලෝකයේ රටක් නේද?

  2. Josiya says:

    Kurunagala , mawathagama janatawa waradda gatee mewani apatayaku palathsabawata areema bawa sihi tabagata yutuya.

  3. පොල්ගහවෙල says:

    අනේ උබ වගේ ගොනෙක් අපි පාර්ලිමේන්තු යැවීවනේ …… උබටත් නිල්වාලට උන දේ වෙනවා ..

  4. බුද්ධි says:

    මේ ප්‍රකාශය සර්ටයි අර සොල්දාදු උන්නැහේටයි කනට ගැහුවා වගේ දෙයක්.
    A SLAP IN THE FACE.

  5. Sumanasiri says:

    Arakku thibe hujja ethanol daruwangen hujja nisa neda atapas sabanayakaya

  6. gonsira says:

    Kasiipu joniya diyawannawe kasippu parti

  7. kim says:

    moda choon dena harak rela goniya , lansa sanath nishantha , arundika 69 laksayee balaporothuwa ,

Main News