අවුරුදු හතරකදී ලක්ෂ 20ක් පැළ සිටුවනවා.. පරිසරය ආරක්ෂා කරනවා.. උෂ්ණත්වය අඩු කරනවා…

March 30, 2021 at 8:40 am | lanka C news
අවුරුදු හතරකදී ලක්ෂ 20ක් පැළ සිටුවනවා.. පරිසරය ආරක්ෂා කරනවා.. උෂ්ණත්වය අඩු කරනවා…

පරිසරය, ජාතික සම්පත් හා ආර්ථිකය විනාශ කළ පිරිස් පරිසරය ගැන කතා කිරීම විහිළුවක් බවත් හැකිනම් පරිසරය වෙනුවෙන් පැළ සිටුවීමේ හෝ පරිසරය ආරක්ෂා කිරීමේ වැඩසටහනක් නිර්මාණය කරන ලෙස ඔවුනට අභියෝග කරන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා සඳහන් කරයි.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ වත්තල ආසනයේ මාර්ග සංවර්ධන වැඩසටහන් සඳහා එක්වෙමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා,

“පරාජිතයෝ ටික පරිසරවේදී වේශයෙන් එනවා. වනාන්තර කපලා විනාශ කරලා, ගෙවල් හදනවා කියලා පුරා විද්‍යාත්මක තැන් විනාශ කරපු අය තමයි අවුරුදු පහක් ආණ්ඩු කලේ. මේ රටේ මිනිස්සු අමු අමුවේ මැරෙන්න ඇරලා, ජාතික සම්පත් විනාශ කරලා, මහ බැංකුව විනාශ කරලා මේ පරාජිතයෝ ටික පොඩි ගහක් අල්ල ගෙන තියෙනවා. පරිසරය විනාශ කරලා මිනිස්සු මැරෙන්න ඉඩ ඇරපු අය අද පරිසරය ආරක්ෂා කරන්න කථා කරනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තරම් පරිසරයට ආදරය කරපු නායකයෙක් නැහැ. එතුමා ආරක්ෂක ලේකම් කාලයේදී ගද ගහපු කොළඹ පිරිසිදු කරලා මනරම්, ලස්සන කොළඹ නගරයක් නිර්මාණය කළා. අඩුම තරමේ යහ පාලනයට ඒ මනරම් නගරයේ නඩත්තු කටයුතුවත් හරියට කර ගන්න බැරිවුනා.

අපි අවුරුදු හතරකදී ලක්ෂ 20ක් මේ රටේ පැළ සිටුවනවා. පරිසරය ආරක්ෂා කර ගැනීමට, උෂ්ණත්වය අඩු කිරීමට අපි එම පියවර ගන්නවා. පරිසරය ආරක්ෂා කිරීම අපේ වගකීමක්. රජයේ වගකීමක්. මේ වසරේ ලක්ෂ පහක් පැළ සිටුවීමට කටයුතු කරනවා. පරිසරය ආරක්ෂා කරන හැටි විපක්ෂය අපට උගන්වන්න අවශ්‍ය නැහැ.

විපක්ෂය රට සංවර්ධනය කරද්දී විරුද්ධ වෙනවා. පරිසරය අපි සියලු දෙනා ආරක්ෂා කරන්න ඕන. පරිසරය අපි සියලු දෙනා රැක දෙනවා. පරිසරය ආරක්ෂා කරන්න සමාජ මාධ්‍යයට ගිහින් පැළයක් හිටවන එක දාල හරි යනවද? නැහැ. බොරු විග්‍රහ කරන අය තමයි මේ රටේ ඉන්නේ. අපි මාධ්‍ය සංදර්ශන නැතුව පැළ සිටවනවා. මාධ්‍ය ඉදිරීයේ වීරයන් වන අයට පැළ සිටුවන වැඩසටහනක් නිර්මාණ කරන්න කියලා මම අභියෝග කරනවා. පරිසරය ආරක්ෂා කරන වැඩසටහනක් නිර්මාණ කරන්න කියලා කියනවා.

දරුවන් රැකගන්න මහත්තයයි නෝනයි වෙනම බස්වල ගියපු ඉතිහාසයක් අපට තිබුනා. තිස් අවුරුදු යුද්ධයක් නිමා කරලා රටට සාමය උදා කරලා දුන්නෙ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා. ඒක අපේ ජනතාව අමතක කරලා යහපාලන රජය බලයට ගේනවා. මොකද වුනේ පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල වුනා. අපේ ජනතාවට ආයේ බිය සැක දැනෙන්න පටන් ගත්තා. ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියේ ජාතික ආරක්ෂාව යළි තහවුරු කරලා දෙන්න කියලා. ජාතික ආරක්ෂාව යළි තහවුරු කරලා දීලා තියෙනවා. ආයේ අපේ පාලන කාලයේ බෝම්බ පිපිරෙන්නේ නැහැ. අතිගරු ජනාධිපතිතුමා ජාතික ආරක්ෂාවට ප්‍රමුඛතාවය දීලා තියෙනවා.

කොවිඩ් දෙවැනි රැල්ල තාමත් යනවා. විපක්ෂයට එලියට බැහැලා තමන්ගේ මතය ප්‍රකාශ කරන්න, පාර්ලිමේන්තුවට යන්න අවස්ථාව උදා වෙලා තියෙන්නෙ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොවිඩ් එක පාලනය කරගනිමින් එන්නත්කරන වැඩසටහන නිවැරදිව කරගෙන යන්න කටයුතු කරලා තිබෙන නිසා කියලා පැහැදිලිව කියන්න ඕනේ”යැයි රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා කීය.

– Media Unit

7,106 views

11 Comments to “අවුරුදු හතරකදී ලක්ෂ 20ක් පැළ සිටුවනවා.. පරිසරය ආරක්ෂා කරනවා.. උෂ්ණත්වය අඩු කරනවා…”

  1. බ්‍රාහ්මණ පුක්කුසාති says:

    දුරින් ආව = දුර + ආව = දුරාව
    දුරින් ආව මිනිස්සුන්ගෙන් පැවතෙන අය දුරාව… අහන්න එපා එතකොට කරාව කියන්නෙ කරෙන් ආපු අයද කියලා ..

  2. Sanka says:

    මූ ද දැන් පරිසර ඇමති නැත්තන් මූ හැම අමාත්‍යාංශයටම ඇමතිද?

    මුගේ අමාත්‍යාංශයේ ඒවට ඇරෙන්න අනිත් ඔක්කොම ඒවට කතා කරනවා.

  3. Boris says:

    Get lost you bloody pimp!!

  4. මේ පරයා කතා කරන කරන සැරේට පොහොට්ටුවේ පෙති හැලෙනවා, ඇත්තටම ටයි පොල්ලක්මු එල්ලගෙන වැල්ලේ එවුන්වගේ වාචාල කතා කියන මේ වගේ බල්ලන්ව බැඳලා තියන්න ජනාධිපත්ට වත්, අගමැතිටවත් පෙනෙන්නේ නැද්ද, නැත්නම් උවමනාවක් නැද්ද, එහෙමත් නැත්නම් මේකද ආණ්ඩුවේ ක්‍රමය?

  5. Sena says:

    Who is this donkey idiot to announce all this. He is constantly at it. What a joke?

  6. Rishan says:

    ලන්සා මචන්, මේ පැත්තට කුඩු හිඟයි, මාර සික් පිට ඉන්නෙ, මේක ටයිප් කෙරුවෙත් ඇඟිලෙ වෙව්ල වෙව්ලා. ඇනේ මචන් කුඩු ටිකක් කුරියර් කරපන්, මාර අමාරුයි.

  7. damian says:

    පරිසරය හා කාලගුන විපර්‍යාස ගැන නොදන්න බොරු පරිසර කාරයෝ දන්නෙ නැති උනාට අද ලොව තියෙන භයානකම ගැටලුව තමයි වායු ගෝල ඌෂ්නත්වය වැඩි වීම​.
    නිමල් ලන්සා මොනව උනත් ඒ ගැන දන්න බව පේනව​. ඔහු කියූ කාරනයට බනින අය ඒක දන්නෙ නෑ.

    • Podu jana jayaa says:

      අනිවාර්යෙන් ඩෙමා. කුහක ජෙපි හැත්තයි නූගත් සජබ ගූඑන්පී හැත්තයි දන්නෙ රැල්ලට උඩ පනින්න විතරයි. පොහොට්ටු රජයකින් පමණමයි වායුගෝල උෂණත්වය අඩුකරන්න පුළුවන්.

  8. Upali says:

    මාත් අපෙ වත්තෙ පැළ දෙකතුනක් හිටවං හිටියා… පොලිසියෙන් ඇවිත් මාව අල්ලන් ගියානෙ.

  9. Niru says:

    These guys come from coconut growing area. They must concentrate on rehabilitation of coconut plantations ASAP

  10. Siri Jayawickrama says:

    Planting trees are important, looking after planted trees are more important