පොහොට්ටුව හැර ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11කින් වෙනම මැයි රැලියක්…

April 3, 2021 at 2:10 pm | lanka C news
පොහොට්ටුව හැර ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11කින් වෙනම මැයි රැලියක්…

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක් එක්වී වෙනම මැයි රැලියක් පැවැත්වීමට තීන්දු කර ඇත. එම පක්ෂ මෙම තීරණය ගත්තේ පසුගිය බ්‍රහස්පතින්දා සවස කොළඹදී පවත්වන ලද පක්ෂ 11 නායකයන්ගේ විශේෂ හමුවකදීය.

මෙම හමුවට කැබිනට් අමාත්‍යවරුන් වන වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මහත්වරුන්ද ශ්‍රීලනිප මහ ලේකම් හා රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, මන්ත්‍රීන් වන අතුරලියේ රතන හිමි, ගෙවිඳු කුමාරණතුංග, ඒ.එල්.එම්. අතාවුල්ලා, ඩිව් ගුණසේකර, අසංක නවරත්න, මහාචාර්ය තිස්ස විතාරණ, ටිරාන් අලස් ඇතුළු පක්ෂ නායකයෝ ඒ ඒ පක්ෂ නියෝජනය කරමින් සහභාගි වූහ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද මෙම විකල්ප කණ්ඩායම සමඟ මැයි රුලිය සඳහා එක්වීම විශේෂයකි.

ලබන මැයි මස 01දා පොහොට්ටුව ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය වෙනම මැයි දින රැලියක් පවත්වන අතර එහි ප්‍රධාන හවුල්කාර පක්ෂ 11 වෙනම මැයි රුලියක් පැවැත්වීමට බලපෑ හේතු කිසිවක් ප්‍රකාශයට පත්වී නැත.

– deshaya

29,424 views

10 Comments to “පොහොට්ටුව හැර ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11කින් වෙනම මැයි රැලියක්…”

  1. Upali says:

    ආණ්ඩුවට එරෙහිව ප්‍රබලව මතුව එන ජනතා හඬ වෙනතකට යොමු කිරීම සඳහා පමණක් වන තාවකාලික රඟපෑමකි. – මීට පක්ෂ එකොළහේ ලොක්කො

  2. රත්න අප්පුහාමි says:

    ස්තුතියි…

    මින් මතු සුළු පක්ෂ වලට පොහොට්ටුවෙන් ඉල්ලුවත් මනාප දෙන්නෙත් නෑ…

    • Praneeth says:

      යන්න අප්පුහාමි යන්න. ඔය සුළු පක්ෂ නැතිව බැසිල්ලා, නාමල්ලා පුළුවන්නම් දිනලා පෙන්නපල්ලා. 77 ගූ යන්න පැරදුනා. මේ පාර රෙද්දේ රෙවෙන්නේ.

      • ශිරාන් says:

        අප්පු හාමි,වහල් වැඩ කරන්න කලින් කසිය පාරක් ගලම කතකරමුද.

  3. Rajapaksala wiswasa karanna epa apathayo. Unta awashya unge ewun raja karweema pamanayi. Sadahatama ayin wenna

  4. Abba says:

    A good move if it is honest

  5. sunimal says:

    Yes Sir No Sir කියන්නේ නැති මේ අයට අපේ ප්‍රණාමය.

  6. siri says:

    Pohottuwe pahala ayata mukawadam awsyai.

  7. ජගත් says:

    නැව ටික ටික ගිලිගිලි යන්න වගේ හදන්නේ.

  8. Aurora says:

    යමපාලනයට එරෙහිව ගොඩනැගුණු ජනතාවගේ බලයට පොහොට්ටුව කියල නමක් දමාගත්තට ඒ හයි ජැක් කාරයට මහජන බලය තමුන්ගේ කරගන්න බැහැ. මොකද පොහොට්ටුවේ බහුතරය වහල්ලු නොවේ. ඔවුන් උගතුන්, වෘතිකයන්. මේ දිනවල පොහොට්ටුව අන්තර්ජාලයේ අසරණවෙලා තියන ප්‍රමානයෙන්ම දැකගන්න පුලුවන් වෙන්න ජනාධිපතිගේ ජනප්‍රියත්වය.

Leave a Comment

Main News