ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති හිතවතාගේ ගොඩනැගිල්ල මසකට ලක්ෂ 14 බැගින් කුලියට අරන්… මිලියන 16 අත්තිකාරමක් ගෙවලා.. රහස් පොලිසිය අතටම මාට්ටුයි…
April 4, 2021 at 12:00 pm | lanka C news
ජාතික ඖෂධ නියාමන අධිකාරිය සඳහා ගොඩනැගිල්ලක් ඉදි කිරීමට ජනාධිපතිතුමා නාරාහේන්පිට ප්‍රදේශයෙන් ඉඩමක් ලබා දී තිබියදීත් එම ස්ථානයේ ගොඩනැගිල්ලක් ඉදිකිරීමට කටයුතු නොකර අධිකාරියේ නිල වෙබ් අඩවියේ දැන්වීමක් පළ කර මිල ගණන් කැඳවා රුපියල් 1,390,000 ක මාසික කුලියට ගොඩනැගිල්ලක් ලබා ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් පරීක්ෂණයක් අරඹා ඇත.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති මහාචාර්ය අසිත ද සිල්වා මහතා එම තනතුරේ ක්‍රියා කළේ කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨයේ ඖෂධ විද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිටියදීම ය. මහාචාර්ය චන්න රණසිංහ මහතා එම දෙපාර්තමේන්තුවේ ඔහු සමග එකට කටයුතු කළ ආචාර්යවරයෙකි. දැනට මහාචාර්ය චන්න රණසිංහ මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඖෂධ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස සේවය කරයි.
ජාතික ඖෂධ නියාමන අධිකාරියට ගොඩනැගිල්ලක් කුලියට ලබා ගැනීමට අවශ්‍ය බව දක්වමින් එහි වෙබ් අඩවියේ 2020 ජුනි මාසයේ සීමිත දැන්වීමක් පළකර 2020 නොවැම්බර් මස රුපියල් 1,390,000.00 මාසික කුලියකට කොළඹ 02, WAD රාමනායක මාවතේ පිහිටි ගොඩනැල්ලක් ලබා ගැනීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය තීරණය කර ඇත. ඒ අනුව 2020.11.20 දින අත්තිකාරම් මුදල ලෙස රුපියල් මිලියන 16ක මුදලක් ද අධිකාරියේ මුදල්වලින් ගෙවා ඇත.
මෙම ගොඩනැගිල්ල කුලියට ගැනීමේ ප්‍රසම්පාදන කමිටුවේ ප්‍රධානත්වය දරා ඇත්තේ ද ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති මහාචාර්ය අසිත ද සිල්වා මහතාය. විශේෂත්වය වන්නේ මෙකී ගොඩනැගිල්ලේ හිමිකාරිත්වය දරන්නේ ඔහු සමග කැලණිය විශ්වවිද්‍යාලයේ එකම පිඨයේ එකම දෙපාර්තමේන්තුවේ සේවය කරන මහාචාර්ය චන්න රණසිංහ මහතා වීමයි. ගිවිසුම අත්සන්කර ඇත්තේ ද මහාචාර්ය අසිත ද සිල්වා සහ මහාචාර්ය චන්න රණසිංහ මහතාගේ බිරිඳ වන මනීෂා රණසිංහ මහත්මියයි. ගෙවීම් සිදුකර ඇත්තේ ද එම මහත්මියගේ නමටයි.
තව ද පසුගිය දිනවල මහත් කථාබහට ලක්වූ COVID-19 එන්නත් පිළිබඳ නිර්දේශ ලබා දීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපතිවරයා පත්කළ කමිටුවේ ද මහාචාර්ය චන්න රණසිංහ මහතා සාමාජිකයෙකි. චන්න රණසිංහ මහතා ලවා තම අභිමතය අනුව එන්නත් අනුමත කිරීම සහ නොකිරීමට හිටපු සභාපතිවරයා ක්‍රියා කල බවට ද චෝදනා එල්ල වී ඇත.
– මව්බිම
පුළුවන්නම් උක් පර්යේශණායතනයේ කොළඹ කාර්යාලය, මාලබේ, මුවන්හෙලවත්ත ,4 වන පටුමගේ ඇතුලටම වන්නට තියෙන තට්ටු දෙකේ ගේකට ගෙනාවෙ කොහොමද කියලා හොයල බලන්න… මිලියන 32කට විකුණන්න හිටිය ඒ ගෙදර, 2019 ජනාධිපතිවරණය ඉවර වී එක දවසක් තුල නාමපුවරු ගසා, කබඩ් රැගෙන පැමින කාර්යාලයක් බවට පත්වූයේ මාගේ අනුහසින්ද?? කොමිස් කුට්ටියක් ගියේ කාගේ පොකැට්ටුව ඇතුලටද??