අපි පලාත් සභා ඡන්දය තියනවා.. එක එක්කෙනා කෑ ගැහුවට ඡන්දය නොතියා ඉන්නෙ නෑ…

April 12, 2021 at 6:48 pm | lanka C news
අපි පලාත් සභා ඡන්දය තියනවා.. එක එක්කෙනා කෑ ගැහුවට ඡන්දය නොතියා ඉන්නෙ නෑ…

පොදුජන පෙරමුණ ජාතිවාදී පක්ෂයක් නොවන බවත් සමහරු ජාතිවාදී ගොඩට ඇදගෙන යන්න උත්සාහ කරන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සංවර්ධන වැඩසටහන් රැසකට සහභාගී වෙමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

“ග්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතිවාදී පක්ෂයක් නෙමෙයි. සමහරු ජාතිවාදී ගොඩට අපිව ඇදගෙන යන්න හදනවා. අපි ජාතිවාදී පක්ෂයක් නොවන බව පැහැදිළිවම කියනවා. ග්‍රී ලංකා පොදුජන පෙරමුණ සියලු ජාතීන් සමඟ වැඩ කරන පක්ෂයක්. සියලු ආගම් සමඟ එකතු වෙලා වැඩ කරන පක්ෂයක්. සමහර පක්ෂ ඔවුන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න දුවනවා. ඒක ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. ග්‍රී ලංකා පොදුජන පෙරමුණ සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ පක්ෂයක්. එහි අපි ජාති, ආගම්, පක්ෂ බේද බලන්නේ නැහැ. ඔවුන් යූ.එන්.පීද, ග්‍රී ලංකාද, පොහොට්ටුද කියල බලන්නේ නැහැ. අපි රටක් විදියට සියලු දෙනා වෙනුවෙන් රට දියුණු කරන්න, ආර්ථිකය සංවර්ධනය කරන්නයි බලන්නේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස පළාත් සභා මැතිවරණය අපි ඉක්මනින් තියෙනවා. ඒ සඳහා නීති සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුවට එම අණපනත් ගෙන එනවා. පළාත් සභා ක්‍රමය මේ රටේ ස්ථාපිත වෙලා තියෙන ක්‍රමයක්. දැනට අහෝසි කරන්න විදියක් නැහැ. පළාත් සභා මැතිවරණය ඉක්මනින් තියලා ජනතාවගේ සර්ව ජන ඡන්දයට අයිතියක් ලබාදෙනවා.

පළාත් සභා මැතිවරණය තියන්න එපා කියලා එක එක්කෙනා කිව්වට, ප්‍රජාතන්ත්‍රවාදී රටක, ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව අපිට කටයුතු කරන්න බැහැ. පළාත් සභා මැතිවරණය තියන එක ජනතාවගේ අයිතියක්. අපි කොට්ඨාස ක්‍රමය පළාත් සභාවට හඳුන්වා දෙනවා. ජනතාව බලාපොරොත්තු වෙන්නේ කොට්ඨාස ක්‍රමය. නමුත් සමහර අය, සමහර පක්ෂ පරණ ක්‍රමයට යමු කියනවා. කොට්ඨාසය තුළත් අපේක්ෂකයෝ තුන්දෙනෙක්, දෙදෙනෙක් දාන්න පුළුවන් වෙන්න ඕන. පක්ෂයට ඡන්දය දෙනවා. හැබැයි ඉල්ලන පුද්ගලයාට කැමති නැහැ. අකමැත්තෙන් මනාපය දෙනවා. එය ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී අපි දැක්කා. දැන් මෙම ක්‍රමය තුළත් සුදුස්සන් තෝරන්න පුළුවන්. එම අයිතිය ජනතාවට ලැබෙනවා.

මේ සඳහාත් සමහර අය විරුද්ධ වෙනවා. රටක ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ජනතාවට දෙද්දී විරුද්ධ වෙන්න බැහැ. තමන්ට කැමති පක්ෂයකට ඡන්දය දෙන්න පුළුවන්. කැමති අපේක්ෂකයෙක් තෝරන්න පුළුවන්. එක එක අය කෑගැහුවට ජනතාවට තියෙන අයිතියක් අපිට නැති කරන්න බැහැ.” යැයි රාජ්‍ය අමාත්‍යවරයා කීය.

– Media Unit

10,017 views

17 Comments to “අපි පලාත් සභා ඡන්දය තියනවා.. එක එක්කෙනා කෑ ගැහුවට ඡන්දය නොතියා ඉන්නෙ නෑ…”

  1. බයියට රෙද්දක් ජාතික ව්‍යාපාරය says:

    මෝඩි අංකල් ලොකු ස ගේ හරි මහින්ද ස ගේ හරි යටි පල්ල මිරිකුවා නේද ? ඇත්ත කියන්න.
    නැත්නම් කාටද මේ හදිස්සියේ මේ මගුල ඕන කියන්නේ.

    • JOHN says:

      මොහු තමයි දැන් ලොකුම කෙරුමා , ජනතාවට වඩා මොහුගේ මතය තමයි දැන් ලොකු ..ලබන ජන්දේදී අපි බලාගමු කෙරුමෝ බලු වෙන හැටි

    • Nish says:

      ඇයි සජබෙන් අභියෝග කරා නේද පුලුවන්නම් චන්දෙ තියන්න, චන්ද නොතියන එක ඒකාධිපති ගමනක් කියලා.

    • Joy says:

      පළාත් සභා තියලා ඉන්දියාවට ආවඩපල්ලා ….සංහිදියාව ,ජාතිබේදය කියලා කෑ ගසා රට බෙදපල්ලා ..උතුරේ නැගෙනහිර සිංහලයින් පලවාහැර දොළපිදේනි පුදා අන්තවාදී ජාතිවාදී දේශපාලුවන් බලයට පත් කරපල්ලා ….MCC පර කපපල්ලා

    • ජෙප්පන්ට ගවමුත්‍රා ජාතික බලකාය says:

      වෙන කාටදබං සජියගේ බුරැ පුතාල සෙටි එකනේ මැරේඩ හදන්නේ

    • හලාල් පිලිකා පොහොට්ටුව says:

      කසිප්පුවොයි, කුඩ්ඩ්ඩොයි, සීනි හොරුයි, කැලෑ පාලුවොයි, පිලිකා කාරක බඩු විකුනන ගජ මිතුරු කොනකපාලු කම්බා හොරුයි ඡන්දෙට එනකන් තමයි අපිත් බලාගෙන ඉන්නේ. වරෙන්කෝ.

  2. Hesh says:

    මූ ගියපු උඩක්. මේ වගේ එවුන් ඉන්න පොහොට්ටුව පරද්දලා ජාතිකවාදී පක්ශයකට අඩුම ගානේ 10%ක්වත් චන්දය දෙන්න ඕනෙ. ගෝටාභය ශක්තිමත් කිරීමේ පොරොන්දුව උඩ.

    • හලාල් පිලිකා පොහොට්ටුව says:

      ගෝඨාභය කියන්නේ සෙලවෙන මනසට. එයත් සැලූන් දොරක් විතරයි. මුන් පරද්දලාම දාන්න ඔනේ. පක්කිලි කැලෑ පාලු කසිප්පු මිනීමරු කම්බා හොරු රැල.

  3. S.P.Jayasinghe says:

    Me Balla badha nodhammoth eelagapara apinam natha.

  4. saman says:

    Moda Haraka.

  5. චන්ඩි කොල්ලා says:

    අනේ බං ලංසයෝ අපිට නම් ඔය පලා බබාලා නැතුවට කමක් නෑ.අපිත් පොදුජන පෙරමුණේ තමයි ඒත් අපි ඡන්දෙ දුන්නේ අනවශ්‍ය නාස්ති නවත්තලා රට සංවර්ධනය කරන්නයි.නැතුව උඹලගේ ගෝලබාලයෝ පලාත්සභා වලට යවන්න නෙමෙයි. තියල බලපල්ලකො මොකද වෙන්නෙ කියලා!

  6. sunimal says:

    දැන් අපේ රටේ ජනාදිපති ලංසද?

    ‘අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයිලු’

  7. Sumudu says:

    ආ මෙයා දැන් ඩඩ්ලි සිරිසේනගේ උවමනාවට නුවර එළියේ දොඩම්පෙගම්ගේ කපුකම කරන පළාත් සභා ගේම බාර අරගෙන වගේ . මර්වින් සිල්වා මිනිහගේ ජන්දෙට වියදම් කරගන්න ගෙනාපු කුඩු ලන්සා නේද මේ දැන් පොර වෙලා ඉන්නේ .

  8. Chatura putha says:

    ලන් ගොන්සන්,කෝම අරි චන්දෙ දිනනව​.අපි ඒ ගා ගලෝල ඉටවනව​.

  9. SL MAN says:

    Uneducated buffoon!!

  10. 2017 ගෝල්ෆේස් says:

    2017 පැවති ගාලු මුවදොර පිටියම එකම හිස් ගොඩක් බවට පත් කරමින් මෙරට මැයි දින ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක් කළ ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැලිය 2021 වන විට හීනයක් තමා

    [සිංහලයන්ගේ ඡන්දයෙන් පැමිණ
    අධිකරණයෙන් සිංහල භාෂාව ඉවත් කිරීමට එරෙහි අයගේ සන්ධානය]

Main News