මට බනින්න ජනාධිපතිට බෑ… මැරුවත් කට වහන්නෙ නෑ..- මුරුත්තෙට්ටු හිමි තවත් මාධ්‍ය හමුවක..

April 17, 2021 at 10:00 pm | lanka C news
මට බනින්න ජනාධිපතිට බෑ… මැරුවත් කට වහන්නෙ නෑ..- මුරුත්තෙට්ටු හිමි තවත් මාධ්‍ය හමුවක..

තමනට බැන වැදීමට ජනාධිපතිවරයාට නොහැකි බව නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.

තමන් මරා දැමිය හැකි වුවද තමන්ගේ කට වැසීමට නොහැකි බවද උන්වහන්සේ කියා සිටිති.

කොළඹ වරාය නගරය ව්‍යාපෘතිය හරහා හැදෙන්නේ වෙනම රටක් බව පවසන උන්වහන්සේ තමන් කරන්නේ කොන්ත්‍රාත්තුවක් නොවන බවත් සල්ලි වලට, වාහන වලට, ගොඩනැගිලිවලට තමන් මිලට ගත නොහැකි බවද කියා සිටිති.

තමන් සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙහෙයවනවා යැයි කල ප්‍රකාශය අමාත්‍ය මහින්දානන්දගේ වාචාල කතාවක් යයිද හිමියෝ පවසති.

අනෙක් භික්ෂූන් වහන්සේලා අද වන විට මුදල් වාහන දී කටවල් වසා දමා ඇතැයි ආනන්ද හිමියෝ තව දුරටත් කියා සිටිති.

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් එහිමියෝ මෙම අදහස් පල කලහ.

78,610 views

38 Comments to “මට බනින්න ජනාධිපතිට බෑ… මැරුවත් කට වහන්නෙ නෑ..- මුරුත්තෙට්ටු හිමි තවත් මාධ්‍ය හමුවක..”

  1. chula super model- sirasa says:

    cheethaya – uba ganiyek unam meeta wada hodai – lahiru uba serama cheethayo

  2. Nanan says:

    Better use your bravery for good causes, not to become saboteur! These type of projects are essential to attract Foreign Investors, and now the country has come to a situation which cannot survive without such Investments (Thanks to 50 years of corrupt politics, which monks also should take responsibility)

    Ofcourse if the Bil has unusual terms, then we should get them changed, but not the Bil as a whole..

    • හැකහැක says:

      මහින්ද මහත්තයාගෙයි බේබි මහත්තයගෙයි අනුදැනුම නැතිව මං අධෝවාතයක්වත් පිටකරන්නේ නෑ ආයිබොවන්.
      අපේ පෝර්ට් සිටි විරෝයත් එහෙම තමා ඕන්..අපේ පෝර්ට් සිටි ජාතිමාමක සටනට ඇමරිකන් තනාපතිනිය ඇතුළුව ප්‍රභූ උපාසක මහත්ම මහත්මීන් රාශියකගේම සහයෝගය ලැබිලා ඕන්.

  3. Game rala says:

    නර්ස් හාමුදුරුවෝ පෝට් සිටි එක ගැන දන්න ඉටිගෙඩියක් නැහැ. එබැවින් පිනක් දහම කරගෙන තමන්ගේ පාඩුවේ හිටියොත් හොඳයි. එය අපේ රටට කරන ලොකු උදව්වක්.

  4. perera says:

    We don’t care about this drama. This drama is very well orchestrated and agreed between Muruththettuve, Gota, Mahinda and Wijesdasa. This is to deviate the people’s anger from Port city, environment, Ranjan, Easter attack Presidential commission debacle, political victimisation KOMISAMAYAMA, handing over of Western terminal to Adani, depreciation of SL Rupee, Rs. 1000 Sathosa BADU MALLA, kicking of Sri Lankan workers out of bounds of Sri Lanka, Covid 96,000 cases, Sinharaja, Udayanga’s Ukraine debacle, oh, god, the list goes on. I am tired.

  5. Be united says:

    ඇයි අපි port city එක අරගෙන මැනින් මාර්කෙට්
    එක දාන්න ද?

  6. මල්වානේ බැසිල් says:

    කැළණියේ නයාට කියලා දෂ්ඨ කරවමු ද අපේ හාන්දුරුවනේ.

  7. Amda says:

    රාජිතව බලන්න ගියේ මුන්වහන්සේ නේද?
    චීවරය දැරුවත් පෘථග්ජනයි නේ.

Main News