මට බනින්න ජනාධිපතිට බෑ… මැරුවත් කට වහන්නෙ නෑ..- මුරුත්තෙට්ටු හිමි තවත් මාධ්‍ය හමුවක..

April 17, 2021 at 10:00 pm | lanka C news
මට බනින්න ජනාධිපතිට බෑ… මැරුවත් කට වහන්නෙ නෑ..- මුරුත්තෙට්ටු හිමි තවත් මාධ්‍ය හමුවක..

තමනට බැන වැදීමට ජනාධිපතිවරයාට නොහැකි බව නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.

තමන් මරා දැමිය හැකි වුවද තමන්ගේ කට වැසීමට නොහැකි බවද උන්වහන්සේ කියා සිටිති.

කොළඹ වරාය නගරය ව්‍යාපෘතිය හරහා හැදෙන්නේ වෙනම රටක් බව පවසන උන්වහන්සේ තමන් කරන්නේ කොන්ත්‍රාත්තුවක් නොවන බවත් සල්ලි වලට, වාහන වලට, ගොඩනැගිලිවලට තමන් මිලට ගත නොහැකි බවද කියා සිටිති.

තමන් සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙහෙයවනවා යැයි කල ප්‍රකාශය අමාත්‍ය මහින්දානන්දගේ වාචාල කතාවක් යයිද හිමියෝ පවසති.

අනෙක් භික්ෂූන් වහන්සේලා අද වන විට මුදල් වාහන දී කටවල් වසා දමා ඇතැයි ආනන්ද හිමියෝ තව දුරටත් කියා සිටිති.

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් එහිමියෝ මෙම අදහස් පල කලහ.

81,784 views

38 Comments to “මට බනින්න ජනාධිපතිට බෑ… මැරුවත් කට වහන්නෙ නෑ..- මුරුත්තෙට්ටු හිමි තවත් මාධ්‍ය හමුවක..”

  1. ඉස්සර හිටියා චුලානන්ද පෙරේරා කියලා පරිපාලන නිලධාරිවරයෙක්. අන්න එතුමනම් මුන්නාන්සේට අවුරුදු ගණනක් කට වහගෙන ඉන්න විධියට හොද පාඩමක් ඉගැන්නුවා. ආයෙත් මේ ඒවාගේ දෙයක් කරන්ට කවුරුවත් නැද්ද.

    • අරුණ කුමාර තුනේ කණුව. says:

      ඒ කලෑ ජේ.ආර්.ජයවර්ධන කියල අපූරු මහත්තයෙකුත් හිටියා. මුන්නාන්සේ පයිසෙකටවත් ගණන් ගත්තෙ නෑ. මහින්දලා තමයි ආයි ඔළුවට අරන් තියෙන්නෙ. කොරන්න පුළුවන් බිජ්ජක් නෑ.

      • හරියටම හරි. මුරුත්තෙට්ටුවේ කියන්නෙයි, ඇල්ලෙ (වල්ලේ) කියන්නෙයි එකම මොඩල් එකේ දෙන්නෙක්. මිනිස්සු තුන් දෙනෙක් එකතුකරගන්ට බැහැ. මුන් දෙන්නම හිතාගෙන ඉන්නේ ලොකු කෙරුමෝ කියලා. ඔය ඇල්ලේ ගොයියාගේ පන්සල තියෙන තැනත් බලෙන් අල්ලාගත්තා ඉඩමක්. ප්‍රේමදාසට පක්කිලිකම් කරලා උගෙන් පිනට ඔප්පුවක් හදාගෙන තියෙන්නේ. බොරුවට කැපී පෙනෙන්ට දගලන ගොන් බිජ්ජෝ දෙන්නෙක්. දැන්වත් කුඩල්ලෝ කෝට්ටේ උඩ තියන එක නතර කලොත් හොදයි.
        සිව්රක් දාගත්තේ නිවන් යන්නට මිසක් රට කාබාසීනියා කරන්ට නොවේ. නිවන් යන්නට බැරිනම් දාලාපලයව්.

  2. Somapala says:

    This trade unionist monk is a former LSSP guy. He should shut up and let the government get on with the development. Do not wind up the public. He had a meeting with sajith and have been poisoned. Booru hamuduruwaru

  3. ශිරා says:

    225 +1 ම හොරු සහ නෝ කැපෑසිටි උන් නම් තවත් උන්ට කබුර කබුර ඉන්නේ නැතුව දැන්වත් පක්ෂ පාට අමතක කරපල්ලා.

    තව ඕනෙනම් අවුරුදු 10ක් මේ සෙල්ලම යයි. ඊට පස්සේ ටොයියෝ බයියෝ කිය කිය හිටපු උන්ට සහ යමක් කමක් තේරුන උන්ටත් ඉන්න රටක් නැතිවෙයි.

    දැනටත් ඇස් පනාපිට ඒක පෙනෙද්දිත් පක්ෂ වලට කඩේ යන්නේ නැතුව හරි දේ වෙනුවෙන් පෙනී හිටපන්. නිවටයෝ වගේ හිතන එක දැන්වත් නාවත්තපල්ල.

    කවුරු කරත් හරිනං හරි. වැරදි නම් වැරැදි.

  4. දුටුගැමුණු says:

    MCC ගිවිසුම අත්සන් කලානම් ලංකාවේ නැගෙනහිර වෙරලේ සිට බටහිර වෙරළ දක්වා රට මැද අද ඇමරිකන් කොලනියක් ඒක අමතක ද සම්මුති හාමුදුරුවෝනේ ?

  5. nilu perera says:

    ජනාදිපති තුමනි.බැනුම් ඇසුවා දැන් ඇති.වැඩට බහිමු.

  6. Maha Sinhale says:

    මහින්ද මහත්තයෝ දැන්වත් එක එකා දම්මලා ගෝටාභයගෙ කකුලෙන් අදින එක නවත්වන්න. නැත්නම් ඔබතුමා ඉතිහාසෙ කුනුබක්කියට තමා.

    • fass says:

      අන්න එක තමයි මෙතන වෙන්නේ. බැනපු ගමන් පුළුවන් දිව්වේ මහින්ද ලඟට.

  7. chula super model- sirasa says:

    ratata wipathkda mata wasiyak – chamuditha

  8. fass says:

    විජේදාස වගේ එවුන්ව චන්දෙ දිනනකොටම මෙහෙට එවන්නේ ඕකට තමයි. රට ගොඩ ගන්නවා වැඩක් කරොත් ඒක කඩාකප්පල් කරලා ආණ්ඩුව වට්ටන්න. වැටෙනවා කියලා තේරුණ ගමන් අයෙත් හිටපු පැත්තට පනිනවා. මේක තමයි මේ විජේදාස රාජපක්ෂ වගේ එවුන්ගේ බිස්නස් ඒක.

  9. අබරං ආතා says:

    අවුරැදු ඉවර උනා ……. ආතල් ලගා උනා…. පොල් තෙල් උලා උලා …. තව සාකචිචා ඔිනා…. රෙදි ගලවන් නටමුකො…. මයික් එකේ ⁣ලබිබ උලා………

  10. ගමේ මිනිහා says:

    හාමුදුරුවනේ ඔය පෙරහැරේ අවසානයට “එම්. සී. සී.” ගිවිසුමත් වඩම්මවයිද කියලා තමයි අපට බය​. මොකද ඔබවහන්සේලාගේ විරෝධතා ව්‍යාපාරයි “දවල්ට නඩු රෑට ඉල්ලා අස්කරගැනීම්” වැඩයි අතර වැඩි වෙනසක් නැති නිසා.

Main News