වරාය නගර කොමිෂන් පනත පාර්ලිමේන්තුවට දමා ඇත්තේ අමාත්‍ය අනුකමිටුවට පිටින්..- ගම්මන්පිල

April 19, 2021 at 12:02 am | lanka C news
වරාය නගර කොමිෂන් පනත පාර්ලිමේන්තුවට දමා ඇත්තේ අමාත්‍ය අනුකමිටුවට පිටින්..- ගම්මන්පිල

කොළඹ වරාය නගර කොමිෂන් පනත කෙටුම්පත පනත් අධීක්ෂණය කිරීම සඳහා පත්කළ අමාත්‍ය අනුකමිටුවේ අධ්‍යයනයකින් තොරව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.

කැබිනට් අමාත්‍යවරුන් වන මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති නීතිඥ අලි සබ්රි, නීතිඥ උදය ගම්මන්පිල, නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා එම අමාත්‍ය අනුකමිටුවට ඇතුළත් වෙති.

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත පනත් කෙටුම්පත් මෙම කමිටුවට යොමුකර අනුමැතිය ලබාගැනීමට ආණ්ඩුව තීරණය කර ඇතත් වරාය නගර කොමිෂන් පනත් කෙටුම්පත කමිටුවට ඉදිරිපත් කර නොමැත.

ඒ පිළිබඳව කළ විමසුමකදී අමාත්‍ය උදය ගම්මන්පිල ඒ බව සනාථ කළේය.

කෙසේ වෙතත් කොළඹ වරාය නගර කොමිෂන් පනත කෙටුම්පතට එරෙහි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් විස්සක් සිකුරාදා (16) පස්වරුව වනවිට ගොනුකර තිබුණි. ඇතැම් පෙත්සම්වලින් ජනමත විචාරණයක් පැවැත්වීමටද නියෝග නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත. මෙම පෙත්සම් හෙට (19) විභාගයට ගැනීමට නියමිත අතර අතරමැදි පෙත්සම්ද ඉදිරිපත් කිරීමට රජය කටයුතු කරමින් සිටියි.

කෙසේ වෙතත් කොළඹ වරාය නගරය ශ්‍රී ලංකාවට අයත් කොටසක් ලෙසත්, කොළඹ මහ නගර සභාව යටතේ පාලනය වන ප්‍රදේශයක් බවටත් යහපාලන රජය සමයේ එවකට සිටි ස්වදේශ කටයුතු ඇමැතිවරයා වූ වජිර අබේවර්ධන විසින් ගැසට් නිවේදනයක්ද නිකුත් කර තිබුණි.

– aruna

40,575 views

7 Comments to “වරාය නගර කොමිෂන් පනත පාර්ලිමේන්තුවට දමා ඇත්තේ අමාත්‍ය අනුකමිටුවට පිටින්..- ගම්මන්පිල”

  1. SL says:

    CMC එක යටතේ නම් කුණු ටික අදින්නත් පගාවක් ඉල්ලයි,නැතිනම් එන්කෙ නැතිව ඉදියි

  2. Amaris says:

    වරාය නගරයට විරුද්ධ සියලු දෙනා මළපොතේ අකුර නොදත් ලිංගෙම්බන් සහ පටු දේශපාලන අරමුණු නිසා විරුද්ධ කාලකන්ණි තුප්පහි දේශ පාලුවන් .චීනයේම තිබෙන මැකාවෝ මේ ආකාරයෙන්ම පාලනයවන කොටසක්. ඒක මුලු ලෝකයේම දියුණුවේ කේන්ද්‍රස්තානය වගේ මිහිපිට සුරපුරයක් එහි රැකියා කරන ලක්ශ ගනන් තරුන තරුණියෝ උපයන මුදල් රටේ අනෙක් ප්‍රදේශ වලට සාපේක්ෂව කීප ගුනයකින් වැඩියි .පෝට් සිටි එකත් එවැනිම එකක්. බොහෝ කුහක දේශපාලුවෝ දන්නවා මේ වගේ දියුණුවක් රටට ලැබුනොත් ඒකේ සම්පූර්ණ ක්‍රෙඩිට් එක යන්නේ ගෝටට කියල .ඒ නිසා ගොඩක් තක්කඩි අම්බරුවන්ගේ සිහින බොදවෙලා යනවා .ඒ නිසා තමා විජේදාසල ආනන්දලා වගේ කටුකන සුනකියින් දාල ගෝටට ගහන්නේ. අපි ලෝකය දැකල තියෙනව. අපි දන්නවා අපිලෝකයේ කොතැනද ඉන්නේ කියල. එහෙම බලද්ධී මේ රටේ අහින්ශක ජනතාව ගැන ඇතිවන්නේ පුදුම දුකක්. පෝට් සිටි හැදුව කියල මා වගේ පුද්ගලයින්ට ලැබෙන ප්‍රතිලාබයක් නෑ. අපේ අපේක්ශාව මතු පරපුරට හොද රටක් ලැබෙනවා දකින්ඩ. තව ඉතාම කෙටි කලකින් රට කඩා වටෙනවා. ඒ වගේ කඩා වැටුන රටවල් තමා ග්‍රීසිය සිම්බාබේ, ආර්ජන්ටීනා වැනිසියුලා. අද වැනිසියුලාවේ හාල් කිලෝ එකක් ගැනීමට ඒ රටේ මුදල් මිලියන 10 ක් අවස්‍ය යි .අමාරිස්ට හිටපු රටටම යන්ඩ පුලුවන් නමුත් ඒ අවස්තාව සැමටම නෑ. මෙතන ටොයියෝ බයියෝ කියල දෙකට බෙදිල අදහස් පලකරන අයට යතාර්තය තේරුම් ගන්ඩ බැරි එක අවාසනාවක්. මේ දෙගෝලම දන්නේ නෑ අන්තිමට මේ තක්කඩි කුහක හොර දේශපාලුවෝ ටොයියන්ටයි බයියන්ටයි දෙගෝලන්ටම ඇරල කියල

    • Ruwan says:

      ඉතාම වටිනා රත්තරන් අදහසක්.බොක්කෙන්ම රටට ආදරේ වැදගත් මහත්මයෙක් . ඕක නොතේරෙන එක තමා ජාතියේ අවාසනාව.

    • Kamal says:

      ඔබතුමාගේ අදහස 100% නිවැරදියි. සම්පූර්ණයෙන්ම එකගයි. රටේ සියලුම දෙනා මේ පිළිබඳව දැනුවත් කරන්න ඉක්මනින්ම වැඩපිළිවෙළක් අවශ්‍යයි.

    • thusi says:

      ඔබතුමා මෙ නිවුස් එක ගැන මොකක්ද හිතන්නෙ?
      ඇයි මෙ හොරපාරෙන් යනවා කියලා ආණ්ඩුවේ කෙනෙක් කියන්නෙ?

    • අනුර says:

      අපිට මේ බක පණ්ඩිතයන්ගෙ පොර ටෝක් වලින් වැඩක් නැ.මේ ගැන මතු වෙලා තියන පුශ්න වලට හරි උත්තර දෙන්න පුලුවන්නම් පිටු ගනන් comment දැම්මට කමක් නැ. යකෝ රටක් දියුනු කරනව කියල මේ තරම් බාල්දු වෙලා ගිවිසුම් ගහල උන්ගෙ දෙක පහට නැමෙන්න ඕන රටක්නෙවෙයි මෙක.පාහර දේසපාලුවො ජාතිබේද ආගම් බේද ඇතිකරල විනාශ කරල දැන් රටත් ලියල දෙන්න හදනව.

  3. මාක්ස්වාදී ජෙප්පා says:

    ගම්මන්පිලයත් ජෙප්පො එක්ක නිදිවදින්න ලෑස්තිය

Main News