ජනාධිපති හීන දකින විජේදාස ආයෙත් පනින්යි හදන්නේ… ඔහුට නාම යෝජනා දෙනවාට මං කැමැති වුණේ නෑ…

April 20, 2021 at 6:26 am | lanka C news
ජනාධිපති හීන දකින විජේදාස ආයෙත් පනින්යි හදන්නේ… ඔහුට නාම යෝජනා දෙනවාට මං කැමැති වුණේ නෑ…

තිස් වසරක යුද්ධයක් නිමා කර, බෙදුම්වාදය  පරාජය කළ නායකයින් බලයේ සිටින අවස්තාවක රට පාවාදෙන අන්දමේ කිසිදු තීරණයකට ඉඩක් හිමි නොවන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු අවධාරනය කරන්නේ රටේ ස්වෛරී භාවයට හා භෞමික අඛණ්ඩතාවයට අබමල් රේණුවකින් හෝ හානියක් වීමට වත්මන් ආණ්ඩුව ඉඩ නොතබන බව අවධාරනය කරන ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙන්නේ විපක්ෂය ආණ්ඩුවට එරෙහිව රට තුල බොරු බීල්ලන් මවන බවයි.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ රාමඥ්ඥ මහා නිකායේ මහනායක මකුලෑවේ විමල නාහිමි බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

“අපේ රට වැනි රටවල් දියුණු රටක් බවට පත්වෙනවා දකින්න බලවත් රටවල් අකමැතියි. බලයට පත්වෙන ආණ්ඩුවක් රට ආර්ථික වශයෙන් ශක්තිමත් කරන තීන්දු තීරණ ගන්න අවස්ථාවලදී ඒ රටවල රාජ්‍ය නායකයෝ වෙනස් කරලා “ රෙජීම් චේනජ්“  කරන්න බලවත් රටවල් පියවර ගන්නවා. ඒක 2015දීත් කලා.ඒ අයට ඕන විදිහෙ පාලකයින් පිරිසක් පත් කරගෙන  ඒ අයට ඕන විදිහට රට කළා. දැන් ආයෙත් රටේ ආර්ථිකය ශක්තිමත් වෙන වැඩපිළිවෙළක් හදනකොට ඒ අයගේ ඉත්තෝ එළියට බැහැලා කෑගහනවා.  2015 දීත් ජනාධිපති අපේක්ෂකයෙක් “ඔහුව මරන්නයි ඉන්නේ, අඩි හයේ වලකට යවන්නයි ඉන්නේ” කිව්වා. අපේ ආණ්ඩුව පත් වුනාට පස්සේ එහෙම දේවල් සිද්ධ වුණාද. ඒ අය නම් දේශපාලන පළිගැනීම් කළා.දැනුත් ඒ විදිහට විදිහට රෙජීම් චේන්ජ් එකක් කරන්න බලන් ඉන්නේ.  අපි විපක්ෂයේ ඉන්න කොට යහපාලන ආණ්ඩුව රටට එරෙහි ව ගෙනා යෝජනා වලට විරුද්ධ වුණා. යහපාලන ආණ්ඩුව තරම් රට පාවාදුන්න ආණ්ඩුවක් ඉතිහාසයේ නැහැ. සමහර ගිවිසුම් පාර්ලිමේන්තුවටත් එළි කළේ නැහැ. අපි එහෙම කරන්නේ නැහැ. විනිවිදභාවයෙන් පනත් කෙටුම්පතක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරලා තියනවා. මේ වෙනකොට ඒ කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක්වෙලා තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබුණට පස්සේ ඒ තීරණයට අනුව නීති අණපනත් හදන තැන්වලට යොමු කරලා, නැවතත් කැබිනට් එකට ගෙනත් පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරලා අලූත් අදහස් හා යෝජනා එකතු කරලා විනිවිදභාවයෙන් කටයුතු කරන ආණ්ඩුවක්.

විජේදාස රාජපක්ෂ මන්ත්‍රිතුමා ජනාධිපතිවරයාගේ සහ බැසිල් රාජපක්ෂ මහතාගේ දරුවෝ ගැනත් කතා කරා. එතුමගෙ දරුවෝ මොකද කළේ. ඒ කාණ්ඩෙ ම දරුවෝ ටික  එකතුවෙලා බාල බෙහෙත් ගෙන්නලා රටේ මිනිස්සුන්ට දුන්නා. හරි නම් ඒව ගැනයි කතා කරන්න ඕනේ. විජේදාස රාජපක්ෂ මහත්තයට නාම යෝජනා දෙන එකට මම නම් පොඩ්ඩක්වත් කැමැති වුණේ නැහැ. මැතිවරණ කාලේ පැනලා ගියා අයව කොහෙත්ම ගන්න එපා කියලයි මම නම් කිව්වෙ.මේ ආයෙත් පනින්නයි හදන්නේ.ජනාධිපති හීන දකින, පොදු අපේක්ෂක හීන දකින අය තමයි මේ විදියට දඟලන්නේ.

අනිත් කෙනා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස. හම්බන්තොට වරාය සිද්ධියේදී කිසිම ශබ්දයක් කලේ නැහැ. ඒ වුනාට දැන් රටේ සම්පත් විකුණනවලු. රට පාවා දෙනවලු. මේ හැම කෙනෙක්ම රට පාවා දෙන කොට අපි තමයි ඒවා වළක්වන්න හිරේ විලංගුවේ වැටීගෙන කටයුතු කලේ. මේ හැමෝම බලන්නේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් බලය ගන්න පුලුවන්ද කියන එක විතරයි.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් එල්ලකරන විවිධ චෝදනා සම්බන්ධයෙන් ද අදහස් දක්වමින් අමාත්‍යවරයා “එදා ප්‍රේමදාස ආණ්ඩුව තමයි කොටින්ට සල්ලි ආයුධ දුන්නේ වෙනම පලාතක් හදන්න. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න සජිත්ලා, චම්පිකලා උත්සාහ කළාට වැඩක් නෑ. වරාය නගරය පාලනය වෙන්නේ ශ්‍රී ලංකා රජයේ නීති රීති යටතේ. බොරු කියලා ජනතාව මුලා කරන්නයි පාටලීලා උත්සාහ කරන්නේ.” යැයිද පැවසීය.

– ප්‍රදීප් අනුර කුමාර

24,547 views

13 Comments to “ජනාධිපති හීන දකින විජේදාස ආයෙත් පනින්යි හදන්නේ… ඔහුට නාම යෝජනා දෙනවාට මං කැමැති වුණේ නෑ…”

  1. Justin says:

    Lakspray stock thawath thiyenawada.

  2. Janaka says:

    කටු කන වීජේදාසගේ ජනාධිපතිගේ පුතාට අපහාස කිරීම රටම හෙලා දකිනවා. ඔහු කලාතුරකින් බිහිවන නිහතමාණී විනීත ගුනගරුක චරිතයක්. විජේදාස කඩේ යන තක්කඩි දේශපාලුවගේ නොහික්මුන බූරු පුතාලට වඩා කෝටි ගුනයක් ඉදිරියෙන් සිටින චරිතයක්. ඔහු සියලුම දේශපාලුවන්ගේ තක්කඩි දරුවන්ට කදිම ආදර්ශයක්. ඔහුට සමකල හැකි එකම කෙනා ජේ ආර් පුත් රවි ජයවර්ධන මහතා පමනයි. මැවැනි අබූත චෝදනා කරන තක්කඩි සිටිය යුත්තේ පාර්ලිමේන්තුවේ නොව වැලිකඩ .

    • Choon pan says:

      Ara amerikawe inna burus rawlata gihilla Wanda pan. Thopita Rajapasalanam suddhage ando margays seduwath shork nada?

  3. Hudson says:

    Oxford body and a nursery brain.

  4. MD says:

    වටිනා කථාවක්.අවුරුදු හතරක් හමාරක් යමපාලනයේ රජකම් කරල දැන් ගොංකම් කරන්න හදනවා.ඵ්වාට හරියන තවත් ගොන්නු ටිකකුත් පුන්නක්කු කටේ තියාගෙන උම්බැ කිය කියා ඇවිදිනවා වැඩ වර්ජන කරනවා.දුකයි කනගාටුයි

  5. මාක්ස්වාදී ජෙප්පා says:

    විජේදාසය හොරෙන් ජෙප්පො එක්ක ඩීල් එකක. ඌට ඕන රට අස්ථාවර කරන්න. ජනාධිපතිතුමා ලස්සනට කරගෙන යන වැඩපිලිවෙලට ඉරිසියාවෙ. වරත්තු ජේවීපී හැතිකරේ.

  6. Kanthi says:

    ජනාධිපතිතුමාගේ ළමයි නොවේ අපතයෙක් ගෙ ළමයි නුයි එක සමාන කරන්න හදන්න එපා.

  7. Kanthi says:

    ජනාධිපතිතුමාගේ ළමයි නුයි අපතයෙක් ගෙ ළමයි නුයි එක සමාන කරන්න හදන්න එපා.

  8. Nammbee says:

    එතකොට ඔයා කැමති badudeen ට දෙනවට ද?

  9. Ras says:

    පොහොට්ටුවට ඔය තරමින්වත් චන්ද හම්බවුනේ විමල් , ගම්මන්පිල සහ විජේදාසගේ ප්‍රතිපත්ති ගැන තිබ්බ විශ්වාසය නිසා. ප්‍රසන්නලා නම් හැමදාම කලේ කටු කටු කන එක. විජෙදාසගේ සමහර කතා ඕනාවට වැඩි වගේ අපිටත් පෙනෙනවා….සීමාව ඉක්මවායන ලකුනු විජේදාසගෙන් පේන්නේ.

    • Swordfish says:

      මොන්ගල්ද ඕයි. විජේදාස පොහොට්ටුවට ජන රැල්ල හරුනට පස්සේ මුක්කු ගහපු එකෙක්. පොර හැමදාම කළේ ඒක. දිනන බව පෙනෙන පැත්තට හේත්තු වෙනවා. පොහොට්ටුවට සෙට් උනේ නැත්නම් මේ පාර මිනිහට ඇපත් නැතිවෙන ලයින් එකක් තිබුනේ.
      අංක එකේ අවස්ථාවාදියෙක් විජේදාස කියන්නේ.

  10. ගමේ වෙදා says:

    ඔහේටත් නාමයෝජනා දෙනවට අපි කැමති උනෙත් නෑ

Main News