දරුවන් අතර කොරෝනා පැතිරීමේ ඉහල අවදානමක්.. රිජ්වේ ආර්යා රෝහල සූදානම් කරයි..

April 23, 2021 at 5:30 pm | lanka C news
දරුවන් අතර කොරෝනා පැතිරීමේ ඉහල අවදානමක්.. රිජ්වේ ආර්යා රෝහල සූදානම් කරයි..

තරුණ සහ ළමා පරපුර අතර කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා වීම හේතුවෙන් ඒ ගැන විශේෂ අවධානයෙන් පසුවන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එස්. විජේසුරිය මහතා සඳහන් කළේය.

ඉකුත් දින කිහිපයේදී කොරෝනා ආසාදිතයන්ගේ වර්ධන වේගය ඉහළ ගොස් ඇතැයි ලැබුණු වාර්තා අනුව දරුවන් සඳහා ප්‍රතිකාර කිරීමට විශේෂ සූදානමින් සිටින බවද ඔහු පැවසීය.

මේ වන විට රිච්වේ ආර්යා රෝහලේ කොරෝනා ආසාදිත කිසිදු දරුවකු ප්‍රතිකාර නොලබන බවත් ආසාදිත දරුවන් රෝහලට ඇතුලත් වුවහොත් ප්‍රතිකාර ලබාදීම සඳහා විශේෂ ප්‍රතිකාර ඒකක පවා සූදානම් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

කොරෝනා වෛරසය වැළඳී මීට පෙර ප්‍රතිකාර ලැබූ සියලුම දරුවන් සුව වී රෝහලින් පිටව ගොස් ඇති බවත් එක් දරුවෙකු පමණක් මියගිය බවත් අධ්‍යක්ෂවරයා තවදුරටත් පැවසීය.

27,932 views

4 Comments to “දරුවන් අතර කොරෝනා පැතිරීමේ ඉහල අවදානමක්.. රිජ්වේ ආර්යා රෝහල සූදානම් කරයි..”

  1. තිස්ස සර් says:

    මාර Science ළමයිනේ මුං දන්නේ..
    මන්වත් තාම දිස්ත්‍රික්ක අතර මයිම් හරියට දන්නේ නෑ..කොරෝනා වෛරසය දන්නවලු ළමයිනේ දිස්ත්‍රික්ක අතර මයිම්.අපට දිස්ත‍්‍රික්ක අතර ගමන් කරන්න එපාලු.
    ඕගොල්ලෝ නලින් ද සිල්වා සර්ගේ දඬුමොණරේ හරි එල්ලිලා වෙන රටකට පැනගන්න ළමයිනේ.මමත් මේ මේකෙන් පැනගන්න විදියක් හොය හොයා ඉන්නේ.

    • ක්‍රිමිනල් says:

      උබට මෙතන ඇවිල්ලා කොටන්න පුලුවන්. නමුත් google එකට ගිහිල්ලා, ලන්කාවෙ මැප් එක බලලා දිස්ත්‍රික්ක මායිම් හොයා ගන්න බෑ.

      2021 වෙලත්, ඔහොම රිනාත්මක චින්තනයක් තියෙන මිනිස්සු ඔන්නකොට කොහොමද රටක් හදන්නෙ? යුරෝපීය රටක මිනිස්සුන්ට කිවුව නම් උන් අන්තර් ජාලය පාවිච්චි කරලා ලස්සනට වැඩේ කරණවා. අපේ උන් අන්තර්ජාලය පාවිච්චි කරන්නෙ sex හොයන්න.

      ඇදිරි නීතිය දානවා නම් මුලු රටටම දාන්නෙ නැතුව කොටස් වලට කඩලා දාන එක වඩා සුදුසුයි. ඉතින් කුලියාපිටියට කලා වගේ, ඉදිරියේදී දිස්ත්‍රික්ක වශයෙන් පවා ඇදිරිනීතිය දාන්න වෙයි.

  2. Aniwa says:

    Seriously what kind of a treatment they are actually giving to covid patients? Dhammika Pani?

  3. මරතේනිස් අයියා says:

    මෙය වලක්වා ගැනිමට එකොමත් එක රටක අධ්‍යාපනය බාර මහාචාරියෝ දෙදෙකනක් කදිම විසඳුමක් සොයාගෙන ඇත.එනම් එහි විශ්ව විද්‍යාල වසා දමා පාසැල් විවෘත කොට තැබීමයි.පාසල තුල සීයට පනහක් කැඳවුවද පොදු ප්‍රවාහනය භාවිතාකරමින් දරැවන් පාසලට පැමිනෙන විදිහ මේ මහාචාරියෝ ඩබලට අමතක වී ඇත.මේ වගේ මහාචාරියන් අපේ රටට වාසනාවකි.

Main News