ඥාණසාර හිමි ඝාතන සැලසුමක්.. විදේශීය අන්තවාදී සන්නද්ද ත‍්‍රස්ත පිරිසක් මෙරටට.. පන්සලට පොලිස් ආරක්‍ෂාව යොදයි..

April 25, 2021 at 10:00 am | lanka C news
ඥාණසාර හිමි ඝාතන සැලසුමක්.. විදේශීය අන්තවාදී සන්නද්ද ත‍්‍රස්ත පිරිසක් මෙරටට.. පන්සලට පොලිස් ආරක්‍ෂාව යොදයි..

බොදු බල සේනා සංවිධානයේ නායක පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඝාතනය කිරීම සඳහා විදේශීය සංවිධානයක අන්තවාදී සන්නද්ධ පිරිසක් මෙරටට පැමිණ ඇතැයි බුද්ධි අංශය අනාවරණය කරගෙන ඇති බව වාර්තා වේ.

එම සන්නද්ධ පිරිස මාලදිවයිනේ සිට මෙරටට පැමිණ ඇති අතර ඔවුන් පුද්ගලයන් කිහිපදෙනකුගෙන් සමන්විත බව සඳහන් වේ.

මෙම තොරතුරු අනාවරණය කර ගැනීමත් සමඟ සිය ආරක්ෂාව පිළිබඳව පෙරට වඩා දැඩි අවධානය යොමු කරන මෙන් බුද්ධි අංශ ඥානසාර හිමියන් දැනුවත් කර ඇති අතර උන්වහන්සේ වැඩ සිටින විහාරස්ථානය වෙත පොලිස් ආරක්ෂාවද නැවත සලසා ඇත.

ඥානසාර හිමියන්ගේ ක‍්‍රියාකාරකම් එක්තරා ආගමික ව්‍යාප්තියකට බාධාවක් වී ඇති බැවින් උන්වහන්සේ මෙසේ ඝාතනය කිරීමේ සැලැස්ම ක‍්‍රියාත්මක බව බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ.

– divaina

58,299 views

66 Comments to “ඥාණසාර හිමි ඝාතන සැලසුමක්.. විදේශීය අන්තවාදී සන්නද්ද ත‍්‍රස්ත පිරිසක් මෙරටට.. පන්සලට පොලිස් ආරක්‍ෂාව යොදයි..”

  1. Gnaakka says:

    Pada show.

    • JOHN says:

      ඉස්ලාම් අන්තවාදී සන්නද්ද වහබි ත‍්‍රස්තයන්ගේද ?

      • OLU says:

        මෙතෙක් කලක් විවිධ රජයන් මඟින් සුළුකොට තකා හුරතල් කරන ලද ඉස්ලාමීය අන්තවාදයට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කර ඉස්ලාමීය අන්තවාදය අප රටෙන් තුරන් කරනු දැකීම අප සියළු දෙනාගේ ඒකායන පැතුමයි. එසේ නොමැති උවහොත් පෙර කියන ලද ආසියාවේ අයිසිස් මූලස්ථානයක් බවට ලංකාව පත්වෙනු ඇත.මේසා ඉස්ලාම් අන්තවාදයක් රට තුළ ක්‍රියාත්මකවීමට එරෙහිව නිසි පියවර ගනු ඇතැයි මේ රටේ සමස්ථ ජනයා වත්මන් රජයෙන් බලාපොරොත්තු වූ බව පහුගිය ජනාධිපතිවරණයෙන් බලාපොරොත්තු වූ බව අපි විසින් කිව යුතුයි. නමුත් කණගාටුවට කරුණ නම් පාස්කු ප්‍රහාරයට අවුද්දක් ගත වූවද ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් ආශ්‍රය කළ ප්‍රධාන පෙළේ ඉස්ලාමීය දේශපාලකයින් තවමත් නිදැල්ලේ සිටීමයි. එපමණද නොව අන්තවාදීන් බිහි කරන මද්‍රසා පාසල් නීතිගත කිරීමට සැලසුම් කිරීම පිළිකුලෙන් යුතුව හෙළා දකිමු

  2. Wali Sabri says:

    Ekama list eke padigattha un maraganna dangalanawa me dakkamai…
    Oya naduwak eliyata adala naanaywa walikada hospital yawana eka wadaa arassakaariy me welawe

Main News