ශ‍්‍රී ලංකාවේ දැඩි සත්කාර ඒකක උපරිම සීමාවේ.. ඔක්සිජන් ඉල්ලුම ඉහලට…

April 27, 2021 at 12:06 am | lanka C news
ශ‍්‍රී ලංකාවේ දැඩි සත්කාර ඒකක උපරිම සීමාවේ.. ඔක්සිජන් ඉල්ලුම ඉහලට…

මෙරට දැඩි සත්කාර ඒකක සම්පූර්ණ ධාරිතාවයට ළඟා වෙමින් ඇතැයි කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළාය.

ඇය සඳහන් කළේ තරුණ ප්‍රජාවට වැඩි සංකූලතා පැමිණීම ඊට හේතුවී ඇති බවය.

ශ්‍රී ලංකාවේ මේ වනවිට පවතින දැඩි සත්කාර ඒකක ඇදන් ප්‍රමාණය 700ක් පමණ වන බව වෛද්‍ය සැපයුම් අංශය සදහන් කළේය.

කොවිඩ් වසංගත තත්ත්වය තුළ නව ඇඳන් 70ක් පමණ ප්‍රමාණයක් ඊට එක් කළ හැකිව තිබේ.

මෙතෙක් ක්‍රියාත්මක නොවූ දැඩි සත්කාර ඒකක සඳහා වහාම කාර්ය මණ්ඩල අනුයුක්ත කරමින් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

සෞඛ්‍ය අමාත්‍යාංශය රෝහල් අධ්‍යක්ෂවරුන් වෙත දන්වා ඇත්තේ දැඩි සත්කාර ඒකක පුහුණුව ලැබූ කාර්ය මණ්ඩල වෙනත් වාට්ටු තුළ සිටී නම් අවශ්‍යතාවය පරිදි ඔවුන් දැඩි සත්කාර ඒකක වෙත අනුයුක්ත කරන ලෙසය.

ඊට අමතරව හයිෆ්ලෝ ඔක්සිජන් යන්ත්‍ර සහිත රෝහල් ඇදන් ප්‍රමාණයත් වැඩිකරමින් පවතින බව වෛද්‍ය සැපයුම් අංශ සදහන් කළේය.

දැනට රෝහල් ගතකර තිබෙන විශාල රෝගීන් ප්‍රමාණයකට ඔක්සිජන් සැපයුම ලබා දීමට සිදුව තිබේ.

මෙම තත්ත්වය තුළ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා රෝහල් අධ්‍යක්ෂවරුන් වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත්තේ ඔවුන් සතුව පවතින ඔක්සිජන් ප්‍රමාණය තහවුරු කර දැනුම්දෙන ලෙසය.

මෙරට රෝහල් සඳහා ඔක්සිජන් සැපුයම සිදු කරන්නේ මෙරට තුළ පවතින සමාගම් 2කි.

සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා ලිපියක් යොමු කරමින් ඔවුන්ගේ ධාරිතාවය පිළිබඳව ද විමසා ඇතැයි වෛද්‍ය සැපයුම් අංශය සඳහන් කළේය.

එම සමාගම් ප්‍රකාශ කර ඇත්තේ දැනට සැපයුම් කරන ඔක්සිජන් ප්‍රමාණය මෙන් තුන් ගුණයක ධාරිතාවයක් තමන්ට සැපයිය හැකි බවය.

– newsfirst

86,538 views

15 Comments to “ශ‍්‍රී ලංකාවේ දැඩි සත්කාර ඒකක උපරිම සීමාවේ.. ඔක්සිජන් ඉල්ලුම ඉහලට…”

  1. ඩයනා කුමාරි says:

    වහාම රට පුරා අවුරුදු උත්සව , සංගීත සංදර්ශන , කැසිනෝ , මත්පැන් සාද, පේස් බුක් සාද හා අවේලාවේ වීදි සංචාර පවත්වා කෝවිඩ් මර්දනය කඩිනම් කරනු.

    • Saradiel says:

      තවත් ඉන්දියානුවන් ගෙන්වපල්ලා ..උන්ට සත්කාර කර මුළු රටම අනතුරේ හෙළපල්ලා

  2. ඇට නම ලස්සේ ට කතිරේ ගහපු නොන්ඩි සිමා says:

    කෙලවෙන්නේ නැති බව දැන දැනම පලවෙනි රැල්ල ආපු වෙලාවේ මිනිස්සු ලෝක් කරලා, නිරපරාදේ සල්ලි බෙදල, ආර්ථිකය නන්නතාර කරපු අපේ පුට්ටුවේ විශාරද වියත්මග ට සහ අපේ ලොකු ස ට ජය වේවා..!
    ඒ වගේම දෙවෙනි රැල්ල ආපු වෙලාවේ ෆුල් ආතල් අරන්, රට ඇරලා, ඉස්කෝල ඇරලා, බස් කොච්චි වල පොල් පටවලා යවලා තුවෙනි රැල්ල ට වැඩේ සෙට් කරපු අපේ ස ප්‍රමුක බත් කන පුට්ටු බය්යන්ට ජය වේවා..!
    දැන් තියන දෙයක් කාල වෙන දෙයක් බලන් හෙට මැරුණත් අපි ඇට නම ලස්සේ බය්යෝ නේ කියල හිත හදාගෙන ඉන්න හොඳේ…

    • exUNPer V says:

      අනේ මී හරකෝ දැන් මේ ලෙඩ වෙන්නේ බයියෝ ද? පාරේ පොදි කකා ෂොපින් ගියේ බයියෝ ද?
      මෝඩ පුතාගේ කුක්කෝ ගොන් ජෙප්පෝ ලෙඩ හදා ගන්නේ නැද්ද ?

  3. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    ඔක්සිජන් කන්නදැයි ඇසූ මෝඩ බයියන්ට අනාගතයේ හුස්ම ගැනීමට නොහැකි තරමට වායුව දූෂණය වූ දිනක තමුන් ආවැඩුයේ කෙතරම් අමනයන්ටදැයි සිහිපත් වනු ඇත

  4. ලොකු උනාම මාත් ඔයාට says:

    අර ” ගස් කැපුවට ඔස්සිජං නැති වෙන්නෑ ” කියාපු එව්වන් ටත් පයිංඩයක් යැව්ව නං .

  5. සත්‍යය says:

    ඇඳන් 700, මොන රටවල්ද මේ.. කාලකණ්නි දේශපාලකයෝ සහ උන්ටම හරියන දූපත් මානසික මිනිස්සු…

  6. මිල්රෝයි වෙන්නප්පුව says:

    එංගලන්තෙ ඉන්න මැටි දේශපාලුවෙක් දවසක් ඇහුවලු ඔක්සිජන් කන්ඩද කියලා. එතකොට ස්විට්සර්ලන්තේ මධ්‍යම පරිසර අධිකාරයේ සභාපති කියනවා ගස් කැපුවට ඔක්සිජන් නැතිවෙන්නේ නෑ කියලා.

    ඒ රටවල එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ.

    • Damian says:

      ඉස්කෝලෙට ගියේ නැද්ද? මෙඩිකල් ඔක්සිජන් කියන්නේ වාතයේ තියෙන 20% උරා ගන්න බැරි ලෙඩ්ඩුන්ට දෙන දෙයක්.
      ආ ඔව ඉස්කෝලේ උගන්නන්නේ නෑ තමයි.

  7. Ammata discey discadey says:

    Oxygen kannada .eya? Nishanthayagen oxygen tikak nayata illa ganin🥺🥺😡🤮🤮🤑🤑🤑🤑😅😅😅

  8. කෝ.. ඉන්දියාව දිහා දෙවිවරු බැලුවද ? says:

    අපේ රටේ පන්සල් , පල්ලි , කෝවිල් වල තවමත් මිනිස්සු පිරිලා. මිනිස්සු හිතනවා කොරෝනාවෙන් බේරා ගන්න බෝධිපූජාවට , ලවුඩ්ස්පීකර් පිරිතට , යාඤාවට , යාතිකාවට හැකියි කියලා. ඉන්දියාවේ මිනිස්සු බොහොම අසරණ විධිහට මැරෙන්නෙත් එහෙම මිත්‍යාදෘෂ්ඨියේ හිටපු නිසයි. එවන් විපතක් අපේ රටට වෙන්න කලින් මිත්‍යාදෘෂ්ඨිකයන්ගෙන් මහජනතාවත් රටත් බේරා ගන්න කටයුතු කලයුතුයි..

    • CAT says:

      ඉන්දියාවේ තිරුපති එකේ ප්‍රධාන කපුවත් කොරෝනාවෙන් මැරුණා ලු ..අපේ රටේ මිනිස්සු මොකටද මේ දෙවිවරුන්ට වදින්නේ ?ලෝකේ වැඩිම COVID 19 රෝගීන් සිටින රට ඉන්දියාව …ඒ බව තේරුම් ගනිල්ලා

    • කුඹුක්කණ් says:

      හොඳම මිත්‍යාව බටහිර වෛද්‍ය ක්‍රමයයි, කිසිදු ප්‍රතිකාරයක් නැහැ කියලා දැන දැනත්, කොරෝනාවලට බටහිර ප්‍රතිකාර ඇර වෙන ක්‍රමයක් කරන්න ඉඩ දෙන්නෙ නෑ.

      ඳේශීය ආයුර්වේද වෛද්ය වරුන්ට ප්‍රතිකාර කරන්න ඉඩ දෙන්නෙ නෑ.
      බෙහෙතක් නොමැති බව දැන දැන , මහා මිත්‍යාවෙන් අන්ධව බටහිර ICU ඇදකින් හොඳ වේ යයි හිතන උගතුන් බුද්ධිමතුන්, වෛද්‍යවරුන්, රෝගීන්
      ලොව මෝඩම මිථ්‍යා දෘෂ්ටිකයන් සේ අර්ථ දැක්විය හැක

  9. කුසල් says:

    එම සමාගම් ප්‍රකාශ කර ඇත්තේ දැනට සැපයුම් කරන ඔක්සිජන් ප්‍රමාණය මෙන් තුන් ගුණයක ධාරිතාවයක් තමන්ට සැපයිය හැකි බවය. ‌හොදයි කවදා වෙනකම්ද? ආසාදිතයන් මේ ප්‍රමාණයට වඩා වැඩි වෙයිද? එතකොට කොහොමද? ඉන්දියාවට වාගේ වෙනත් රටවලින් ගෙනත් දෙනකම් බලන් ඉන්න වෙයිද? මම හිතන්නේ දෙවරක් හෝ තුන්වරක් චක්කරය දන්න ලොක්කෙක් හිටියත් ගණන් හදලා අවදානම අදුරාගන්න පුළුවන් කියලා. එහෙම වෙන්නේ නැත්තේ ඇයි.?

  10. Athula says:

    ලෝකෙට නයවෙල තව මැණික් කුළුනකුත් හදන්න කියමු එ්ත් එක්කම තව රොකට් එකකුත් යවන්න කියපල්ල මොකද උඹලගෙ වුන් යන්නෙ සිංගපුර්නෙ

Main News