ඉන්දියානුවන් ලංකාවේ නිරෝධායනය කර වෙනත් රටවලට යැවීමේ ව්‍යාපාරයක් අරඹයි.. අන්තර්ජාලයේ දැන්වීම් දමයි…

April 27, 2021 at 10:40 am | lanka C news
ඉන්දියානුවන් ලංකාවේ නිරෝධායනය කර වෙනත් රටවලට යැවීමේ ව්‍යාපාරයක් අරඹයි.. අන්තර්ජාලයේ දැන්වීම් දමයි…

ඉන්දීය ජාතිකයන්ට මෙරට තුල නිරෝධායනය කර වෙනත් රටවලට පිටත් කර යැවීමේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පැවසීය.

ඒ සදහා අන්තර්ජාලයේ දැන්වීම් පල කර ඇති බවත් මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

අද වන වට ඇතිව තිබෙන තත්වය මත ඉන්දිය ජාතිකයන් වෙනත් රටක රැකියා සදහා යන්නේ නම් වෙනත් රටක නිරෝධායනය වීම අවශ්‍ය බවත් එනිසා මෙරට ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප්‍රබල නිලධාරියෙක් හා ඒකව මෙම කටයුත්ත ආරම්භ කර ඇතැයිද ඔහු පැවසීය.

එම දැන්වීමේ ඇති දුරකතන අංකය අනුව සිදු කල සංවාදයක් ද මන්ත‍්‍රීවරයා ප‍්‍රසිද්ද කලේය.

78,548 views

29 Comments to “ඉන්දියානුවන් ලංකාවේ නිරෝධායනය කර වෙනත් රටවලට යැවීමේ ව්‍යාපාරයක් අරඹයි.. අන්තර්ජාලයේ දැන්වීම් දමයි…”

  1. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    ලෝකෙටම කොරෝනාව මාරාන්තික වෙද්දි අපේ රටේ ගජ මිතුරු යාලුවො ටිකකට කොරෝනාව නියම ගරානාවක් වෙලා.

  2. මාක්ස්වාදී ජෙප්පා says:

    රටට ඩොලර් එනකොට ජෙප්පන්ට ඉන්ඩ බෑ. මොකක් හරි කියල ඒක වලක්වන්න බලන්නෙ. මුන් ඔක්කොම හිරේ දානතුරු මේ රට දියුනු කරන්න බෑ.

    • Jagath says:

      ඔය ඩොලර් ටික යන්නේ කීප දෙනෙක් ගේ සාක්කු වලට නේ බෛයියෝ.

  3. Alapaluwa says:

    Smart business what is the big deal???

  4. Jagath says:

    බිස්නස් දේශප්‍රේමය. අයියෝ බෛයියෝ ටික

  5. Deelaka Fer says:

    මදැයි කන්න නැතත් ඉන්න රටක් ඔනේ කියල පත් කරගත්තු රජය​.
    යකො රටෙ අහින්සක මිනිස්සුන්ගෙ ජීවිතත් එක්ක සෙල්ල්ම් කරන්න එපා.

  6. අපේ රට says:

    නපතිතුමනි, මෙය ඇත්තක් නම් වහාම මෙයට සම්බන්ධ උන් සොයා දැඩි දඩුවම් දෙන්න.”නියපොත්තෙන් කැඩිය හැකිදේ පොරවෙන් කැපිමට නොතියන්න.මුදලට වඩා රට ජාතිය රැකගැනිම වටිනේය.

  7. Okay says:

    As long is this process is done properly assuring no risk to locals, this is a good move to bring in foreign exchange to the country than sending unskilled local ladies Middle East.

  8. Anuradha says:

    යකෝ සල්ලි කියලා මේවගේ හිඟන වැඩ කරන්න එපා. අනිවාර්යෙන්ම මේකට අර කඳ,බඩ,මහත මොලේ අබ ඇටයක්වත් නැති ගම්පහා පැත්තේ ඉන්නා මිහිහරකාගේ වැඩක් වෙන්නත් බොහෝ දුරට ඉඩතිබෙනවා. මේවට ඉඩ තබන්න එපා මුන් සල්ලි හොයාගන්න අපේ රටේ අහිංසක මිණිසුන්ගේ ජිවිතත් සමග සෙල්ලම් කරන්න හදන්නේ. නිරෝධනය කරන්න බලාපොරොත්තුවන්නේ දෙරණ මහා එකාගේ hospital එකේද දන්නේ නැහැ නේද?

  9. desta says:

    me anduwa on mama kara wedakata atha denawa salli enawanam

  10. buwa says:

    මාලදිවයින මෙි වැඩෙි පටන් ගත්තේ ගිය සතියේ

Main News