‘අපට වැරදුනා… ලොක්ඩවුන් කලේ නෑ… අපි ඉන්නේ ඉන්දියාවේ තත්වයට යමින්.. තත්වය ඉතාම අවදානම් හා බරපතලයි..’- සුදර්ශනී

April 27, 2021 at 10:02 pm | lanka C news
‘අපට වැරදුනා… ලොක්ඩවුන් කලේ නෑ… අපි ඉන්නේ ඉන්දියාවේ තත්වයට යමින්.. තත්වය ඉතාම අවදානම් හා බරපතලයි..’- සුදර්ශනී

‘අපට වැරදීම් වුණා. අපි යමින් ඉන්නේ ඉන්දියාවේ තත්වෙට’ යයි කොරෝනා පාලන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.

සිදුවූ වැරදීම් ගැන දැන් කතා නොකළ යුතු බව ද ඇය සඳහන් කරයි.

මේ වන විට මෙරට තත්ත්වය ඉතාම අවදානම් සහ බරපතළ බවද ඇමතිනිය පෙන්වා දෙයි.

දැඩි සත්කාර ඒකක සහ ඔක්සිජන් ශ්‍රී ලංකාවට ද ප්‍රශ්නයක් වනු ඇතැයි ද ඇය කියා සිටී.

රට ලොක්ඩවුන් කිරීමට කල යෝජනාව සාර්ථක නොවූ බව ද ඇය සඳහන් කරන්නීය.

අන්තර්ජාල නාලිකාවක පැවති සාකච්ඡාවකදී ඇය මේ බව කියා සිටියාය.

181,475 views

33 Comments to “‘අපට වැරදුනා… ලොක්ඩවුන් කලේ නෑ… අපි ඉන්නේ ඉන්දියාවේ තත්වයට යමින්.. තත්වය ඉතාම අවදානම් හා බරපතලයි..’- සුදර්ශනී”

  1. Kalana says:

    වැරදීම මොකක්ද දන්නවද? මෝඩ නායකයාගේ පම්පෝරිය, දෙවන රැල්ලේදී කිසිම දෙයක් ආණ්ඩුවෙන් කලේ නැහැ, කයිය ගැහුවා PCR machines ඕන නැහැ, Vaccines ගහනවා, යුද්දේ කරපු මට ඕව වැඩද? ඒ තියෙද්දිත් ජනතාව නොමග යැවුවා බොරු කියල, Tourists ල ගෙන්නුවා නිරෝදායනය නැතිව. අනික තොපිට වරදින්නේ කොහොමද මිනිස්සු ගැන හිතුවොත්නෙ එහෙම වෙන්නෙ

    • LION says:

      අපේ රටේ ජනතාවට කොරෝන පිලිබදව දැඩි නීති නොපැනවිමත් එහි අනතුරුදායක බව ජනතාවට හරියට දැනුම් නොදීමත් සම්බන්ධව කොරෝනා පාලන ඇමති එම ධුරයෙන් ඉවත් කල යුතුයි .. රටේ තත්වය ඉතාම අවදානම් හා බරපතලයි.කීමෙන් ඇති පලය කුමක්ද ? covid 19 වලින් ජනතාව ආරක්ෂා කිරීමට නේද සුදර්ශනීව පත් කලේ ..තමන්ට දුන් රාජකාරිය හරියට කරන්න බැරි නම් සුදර්ශනී එම තනතුරෙන් ඉල්ලා අස්විය යුතුයි ..වැරදි වැඩ කිරීමට ඇමතිලා පත් නොකළ යුතුයි

  2. gamraala says:

    වහාම කර්මාත කටයුතු (වෙල්ඩින් වැඩ) සඳහා ඔක්සිජන් විනීම නවත්වන්න. ඔක්සිජන් හිඟවීමෙන් මිනිස් ජීවිත අනතුරේ. රජය වහා මෙම ප්‍රශ්නයට මැදිහත් වී ජනතාව බේරාගන්න. අප ඔබට චන්දය දුන් ජනතාවයි.

  3. Jayraj says:

    Bari nam gedara pala. Tho sirisena ge bathbalayek

  4. Mangala says:

    තොපිල අව්රුදු කනකොට මේ ගෑන හිතුවේ නැ නේද දැන් විදපියව්
    ආන්ඩුවට බැනල වැඩක්‌ නෑ

  5. TNA says:

    Dr. Pulle You are a specialist . Can you say that you made a mistake . If so you are not a specialist

Main News