රසායනික පොහොර ආනයනය නතර කරයි.. ජනපතිගේ කැබිනට් පත‍්‍රිකාව අනුමතයි..

April 28, 2021 at 3:50 pm | lanka C news
රසායනික පොහොර ආනයනය නතර කරයි.. ජනපතිගේ කැබිනට් පත‍්‍රිකාව අනුමතයි..

ශ්‍රී ලංකාවට රසායනික පොහොර ආනයනය නතර කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමි වී තිබේ.

ඊයේ ඉදිරිපත් කරන ලද මෙම කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.

ජනාධිපතිවරයා විසින් මෑතක දී ජනාධිපති මන්දිරයේ පැවැති ආයතන ප්‍රධානීන් සමඟ වූ හමුවකදී සඳහන් කරන ලද්දේ කෙටි කාලයක් තුළදී මෙරට රසායනික පොහොර ආනයනය සම්පූර්ණයෙන්ම නතර කරන බවකි.

එමෙන්ම කාබනික පොහොර නිෂ්පාදනය ඉහළ නැංවීමට මැදිහත් වන බවත් පොහොර සහනාධාරය ලෙස කාබනික පොහොර ලබා දීමට සැලසුම් කරන බවත් ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.

28,760 views

37 Comments to “රසායනික පොහොර ආනයනය නතර කරයි.. ජනපතිගේ කැබිනට් පත‍්‍රිකාව අනුමතයි..”

  1. ගිරිගෝරිස් says:

    එක මත් එක කාලෙක
    “සීනි නැතුව තේ බොන්නම්
    හාල් නැතුව බත් කන්නම්
    මැතිනි අපට කියනවා නම්
    පිදුරු උනත් අපි කන්නම්”
    කීව වගේ වේවිද දන්නේ නැහැ නෙහ්
    🤣🤣🤣🤣

  2. ගිරිගෝරිස් says:

    රතන හිමි ලඟින් ගියාවත් ද බං ?
    🤔😇😀😂

  3. Nimal Weerasingha says:

    Den ithin kapiyaw ala .mole nathi gon haththa.

  4. Saradiel says:

    ඔබ තුමාට අපේ ප්‍රණාමය.

  5. modaya says:

    moda wadak. must stop only banned pesticides. without chemical fertilizers no crops. Instead of banning need to promote organic farming. But poor poeple cannot buy organic food. There is no country which has only oorganic farming.
    Need to make high quality chemical fertilizers in Sri Lanka

  6. ආචාර්ය රංජිත් ගුණවර්ධන says:

    මෙික මහ මරි මෝඩ හිතුවක්කාර තීරණයක්. ශ්‍රීලංකාවෙි පොහොර අවශ්‍යතාවයට ප්‍රමාණවත් කාබනික පොහොර කොහෙත්ම නිෂ්පාදනය කරන්න බෑ. ඉඩමි නැවත, නැවත වගාකිරීම සඳහා යොදාගැනීමෙිදී පසේ සාරවත්භාවය අඩුවෙනවා. එය තමයි විද්‍යාත්මක මතය. එය කාබනික පොහොර යොදා ප්‍රකෘත්ති තත්ත්වයට පත්කළ නොහැකි බවත් රසායනික පොහොර භාවිතයෙන් ලබාගන්නා වැඩි පලදාව කාබනික පොහොර යෙදීමෙන් ලබාගත නොහැකි බවයි කෘෂි විද්‍යාඥයින්ගේද මතය.
    පොහොර ආනයනය සඳහා ශ්‍රීලංකාවට ප්‍රමාණවත් විදේශ විනිමය සංචිත නොමැතිවීම තමයි මෙයට හේතුව.
    1948 ශ්‍රීලංකාවට නිදහස ලැබෙනවිට මිලියන 6 ක් වූ ජනගහනයට ප්‍රමාණවත් වී නිෂ්පාදනයයක් මෙහි සිදුවූයේ නැහැ. එම තත්ත්වය 600% කටත් වඩා වර්ධනය කරගත්තේ රසායනික පොහොර යෙදීමෙන්. දැන් ශ්‍රීලංකාවෙි ජනගහනය මිලියන 22 ක්.
    ඊට සරිලන කාබනික පොහොර නිෂ්පාදනයට ඇති විකල්ප තිබෙිද?
    බැලූ බැල්මට ජනතා ආකර්ෂණීය යෝජනාවක් උනත් නව තාක්ෂණය සහ රසායනික පොහොර සහ කෘෂි රසායනික නැතිව කෘෂිකර්මාන්තය සංවර්ධනය කළ නොහැකියි.

    • Darshana abayakoon says:

      Well said. They are just entertaining the gallery. No vission, no proper planing. Bugger would be in US with his children by the time our gon bayyo face the consequences.

Main News